facebook page

Powered by Blogger.

Blogger templates


මතුගම පෞද්ගලික මූල්‍ය ආයතනයකට අයත් රුපියල් පනස්‌ ලක්‍ෂයක මුදලක්‌ මංකොල්ල කෑමේ සිද්ධිය සැලසුම් කර ඇත්තේ මුදල් රැගෙන ආ එම මූල්‍ය ආයතනයේම කළමනාකරු බව හෙළිවී ඇත. පසුව ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනකු ඊයේ (02 වැනිදා) අලුයම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.


මංකොල්ලය සිදුවී පැය 12 ක්‌ ගතවීමට පෙර ඊට සම්බන්ධ සැකකරුවන් සහ කොල්ලකන ලද මුදල්වලින් රුපියල් හතළිස්‌ දෙලක්‍ෂයක මුදලක්‌ සොයා ගැනීමට මතුගම පොලිසියේ නිලධාරීන් සමත්වීමත් විශේෂ සිදුවීමකි.මෙම මංකොල්ලය මෙහෙයවා ඇත්තේ මුදල් රැගෙන ආ කළමනාකරු සහ ඔහුගේ සොහොයුරා විසින් බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. කොල්ලකෑම සඳහා තවත් දෙදෙනකු මොවුන් විසින් යොදවා තිබූ බවද පොලිසිය පවසයි.


සැකකරුවන් සියලුදෙනා මේවන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලකරුවන් මුදල් කළමනාකරු සතුව තිබියදී කොල්ලකා ගෙන ගොස්‌ ඇත්තේ රුපියල් ලක්‍ෂ 10 ක මුදලකි. මුදල් කළමනාකරු තවත් රුපියල් ලක්‍ෂ 40 ක මුදලක්‌ වෑන් රථය තුළ සඟවා තිබී ඇත.


වෑන් රථයේ සඟවා තිබූ මුදල්ද මතුගම පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමලාල් සිල්වා ඇතුළු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.


පෙරේදා (01 වැනිදා) උදේ 11.35 ට පමණ මතුගම අගලවත්ත පාරේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක්‌ වෙත රැගෙන ආ රුපියල් ලක්‍ෂ 50 ක මුදලක්‌ මංකොල්ලකරුවන් දෙදෙනකු විසින් කොල්ලකාගෙන ගොස්‌ තිබිණි.


මංකොල්ලකරුවන් මුදල් රැගෙන පලාගිය යතුරු පැදියේ අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ මතුගම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්ද්‍ර පද්මලාල්, පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමලාල් සිල්වා ඇතුළු නිලධාරීන් යතුරු පැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.


බොරලැස්‌ගමුව සහ හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ මෙම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මූල්‍ය ආයතනයේම කළමනාකරු සහ ඔහුගේ සෙහොයුරු මෙම කොල්ලය සැලසුම්කර ඇති බවයි.


පසුව මූල්‍ය සමාගමේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම මංකොල්ලයේ සුලමුල හෙළිවී ඇත.


සැකකාර මූල්‍ය කළමනාකරු පොලිසියට පවසා ඇත්තේ තමන්ටත් තම සොහොයුරාටත් රුපියල් ලක්‍ෂ 5ක පමණ ණය මුදලක්‌ ගෙවා දැමීමට තිබූ නිසා මෙම කොල්ලකෑම සැලසුම් කළ බවයි.


සැකකාර කළමනාකරුගේ සොහොයුරු බොරලැස්‌ගමුව ප්‍රදේශයේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන යන අයෙකි.


මෙම මංකොල්ලකෑම මොවුන් සැලසුම්කර ඇත්තේ බොරලැස්‌ගමුවේ පිහිටි නිවසේදීය.


මුදල් කොල්ලකෑමට පැමිණි තරුණයන් දෙදෙනාට රුපියල් ලක්‍ෂ 2 1/2 ක මුදලක්‌ මොවුන් ගෙවා ඇත. ඉතිරි රුපියල් ලක්‍ෂ 7 1/2 ක මුදල මුදල් කළමනාකරුගේ සොහොයුරු ලබාගෙන තිබිණි.






සැකකාර මූල්‍ය කළමනාකරු රුපියල් හතළිස්‌ ලක්‍ෂයක මුදලක්‌ ලබාගෙන තිබූ බව පොලිසිය පවසයි.

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery