facebook page

Powered by Blogger.

Blogger templates

Showing posts with label police. Show all posts


බස්නාහිර, දකුණ පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති ධුරය ලබාගන්නට ප්‍රසිද්ධියේ දේශපාලන සටනක යෙදුණු හා තමන් ප්‍රධාන ඇමැති ලෙස පත්වනු ඇති බවට ඡන්දදායකයන්ට බලාපොරොත්තු ලබාදුන් කීප දෙනෙක් වූහ. දැන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. එසේ බලාපොරොත්තු දුන් අයගෙන් වැඩි දෙනෙක් මනාප ඡන්දයෙන් පළමු හෝ දෙවැනි ස්ථාන ලබාගෙන සිටිති. මහ ඇමැති ධුරය ගැන අද ඔවුන් කළ ප්‍රකාශයි මේ.

ප්‍රසන්න රණතුංග

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා සුදුසු පුද්ගලයා කවුරුන්ද යන්න තෝරා ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පක්‍ෂ නායකත්වය විසින් සිදු කළ යුතු කාරණයක් බව බස්නාහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසුවේය.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා තමන් සුදුසු අයෙක් දැයි විමසූ විට ඊට පිළිතුරු ලෙස ප්‍රසන්න රණතුංග මහතා එසේ සඳහන් කෙළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 2,49,678ක් ලබා හිටපු ප්‍රධාන ඇමැතිවරයා වූ රණතුංග මහතා ගම්පහ මනාප ලැයිස්තුවේ පළමුවැනියා විය.

බස්නාහිර ප්‍රධාන ඇමැති ධුරයට ශ්‍රී ලංකා නිදහස්

පක්‍ෂය විසින් සුදුසුම පුද්ගලයා තෝරා ගනු ඇතැයිද රණතුංග මහතා විශ්වාසය පළ කෙළේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය කීවේ, තමාට මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

උදය ගම්මන්පිල

බස්නාහිර පළාතේ මහ ඇමැති ධුරය තමාට දුන්නොත් බාරගන්න බවට පැවැසුවද මහ ඇමැති ධුරය තෝරාපත් කිරීමේ පූර්ණ වගකීම සහිත බලතල පැවැරී තිබෙන්නේ ජනාධිපතිවරයාට බව බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත්‍රික්කයට සන්ධානයෙන් තේරී පත්ව සිටින උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

බස්නාහිර මහ ඇමැති ධුරය කාට හිමිවේදැයි යන්න 
පිළිබඳ  කළ විමසීමකදී  මේ බව පැවැසීය.

මහ ඇමැති තෝරා පත් කිරීමේ බලය යම් ලෙසකින් තමාට ලබාදුනහොත් එවිට තෝරා පත් කරන්නේ කවුරුන් දැයි කියා මාධ්‍ය විසින් තමන්ගෙන් විමසා සිටි අවස්ථාවකදී පවා ඊට ප්‍රසන්න රණතුංග මහතා සුදුසු බවට තමා ප්‍රකාශ කළ බවත් ගම්මන්පිල මහතා සඳහන් කෙළේය.
එහෙත් තමාට එවැනි බලතලයක් ලබාදී නොමැති බවත් ජනාධිපතිවරයාගේ බලතලවලට ඇඟිලි ගැසීමට නොයන බවත් ඔහු සඳහන් කෙළේය.

මහ ඇමැතිකම සඳහා ප්‍රසන්න රණතුංග මහතා සුදුසු බවට තමාගේම ස්වාධීන තේරීමක් තිබෙන බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

ෂාන් විජයලාල් ද සිල්වා

මහ ඇමැති ධුරයට සුදුස්සකු නිල වශයෙන් නම් කරන තුරු තමන්ට ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කරයි.

දකුණේ ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට පස් වතාවක් බලය ලබාදී හයවැනි වතාවටත් මෙවර බලය ලබාදෙමින් සන්ධානයට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරදුන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වෙත ජනතාව තබා ඇති බලවත් විශ්වාසය හා බලාපොරොත්තු නිසා බව සඳහන් කරන හිටපු මහ ඇමැතිවරයා ජනාධිපතිවරයා මෙවරද සුදුසු අයකු මහ ඇමැති ධුරයට පත්කරනු ඇතැයි තමා තුළ බලවත් විශ්වාසයක් තිබෙන බව සඳහන් කරයි.

ගීතා කුමාරසිංහ

තමන්ට දකුණු පළාත් මහ ඇමැති ධුරය නොලැබෙන බව ගාල්ල දිස්ත්‍රික්කයෙන් පළාත් සභාවට තරග කළ ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.
එසේ පවසමින් ඒ මහත්මිය කියා සිටියේ මේ ධුරයට පත්වන බොහෝ දෙනා ජනතාවට සෙතක් කරනවා වෙනුවට තමන්ගේ ගොඩ වැඩි කරගන්නා අතර තම තමන්ව පෞද්ගලික පුම්බා ගැනීමක් පමණක් සිදුකරන බවයි.

දකුණු පළාතම නියෝජනය කරන එකම කාන්තාව ලෙස තමන් ඒ කාන්තාවන් වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත්, මෙම ජයග්‍රහණය තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවන බවත්, මෙය සමස්ත දකුණු පළාතේ කාන්තාවන්ගේ ජයග්‍රහණයක් බවත් ඇය සඳහන් කළාය.

ඩී.වී. උපුල්

තමන් ජනාධිපතිවරයාගේ ඥාතියකු හෝ මිතුරකු නොවන බවත් දකුණෙන් මහ ඇමැති ධුරය හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතාට පිරිනැමීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට තමන් ආශීර්වාද කර සුබපතන බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී.වී. උපුල් මහතා ප්‍රකාශ කරයි.



දකුණ සහ බස්‌නාහිර පළාත් නව මහ ඇමැතිවරුන් ලෙස හිටපු මහ ඇමැතිවරුන් දෙදෙනාම නැවත පත්කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් දෙකට අයත් දිස්‌ත්‍රික්‌කවලින් මෙන්ම ඔවුන් තරග කළ දිස්‌ත්‍රික්‌ක දෙකෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක්‌ හිටපු මහ ඇමැතිවරුන් දෙදෙනාම හිමිකරගෙන ඇත.

බස්‌නාහිර පළාතේ හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් මනාප ඡන්ද 249678 ක්‌ ලබාගෙන ප්‍රථම ස්‌ථානයට පැමිණ ඇති අතර දකුණු පළාතේ හිටපු මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාද ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් මනාප ඡන්ද 95860 ක්‌ ලබා ප්‍රථම ස්‌ථානයට පත්වී ඇත. 

මහ ඇමැතිවරුන් පත් කිරීමේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සැලකිල්ලට ගන්නා ජ්‍යෙෂ්ඨත්වය, පළපුරුද්ද හා වැඩිම මනාප යන සියල්ලම මේ දෙදෙනා සපුරා තිබීම නැවත එම ධුරය ලැබීමට හේතුවී තිsබේ.

පළාත් දෙකේ අනෙකුත් ඇමැති ධුර හා තනතුරු ලබාදීම පිළිබඳව අද පස්‌වරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරෙනු ඇත.


මෙවර පළාත් සභා මැතිවරණයේ පරාජයට පත්වූ අපේක්ෂකයෝ අතර දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයා, හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රීවරු  මෙන්ම මැති ඇමැතිවරුන්ගේ පුත්තුද ජනප්‍රිය  චරිත රැසක් සමග හිටපු පළාත් සභා මන්ත්‍රීවරු තිස්දෙනෙක් පමණ සිටිති.

දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සිරි  විජේවික්‍රම මහතාට මෙවර මාතර එජාප ලැයිස්තුවේ  හිමි වී ඇත්තේ හය වැනි තැනය.  

එනමුත් මාතරෙන්  එජාපයට හිමි වූයේ මන්ත්‍රී ආසන හතරක් පමණි.  මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ  හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එච්. ආර්. විමලසිරි මෙන්ම අනූ හතරේදී මහ මැතිවරණයේදී  ජවිපෙ ලැයිස්තුවෙන් තේරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස සැලකෙන ජනිත් විපුලගුණද පරාජයට පත්වී තිබේ. ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි. එමෙන්ම ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය  වන අන්ජාන් උම්මාටද හිමිවූයේ  පරාජයය. ඇය මෙවර  ඉදිරිපත්  වූයේ එජාප නියෝජනය කරමින් ගම්පහටය.

මේ අතර හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් වන එඩ්වඩ් ගුණසේකර හා නිමල් ආර්. පීරිස් බස්නාහිර පළාත් සභාවට තේරී පත්ව සිටිති. එඩ්වඩ් ගුණසේකර  එජාපයෙන් ගම්පහ  දිස්ත්‍රික්කයටද  නිමල් ආර්. පීරිස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයටද තේරී පත්ව ඇත.

මැති ඇමැතිවරුන්ගේ දූ දරුවන් රැසක් පළාත් සභා දෙකින් ජය ලබන විට එජාප ලැයිස්තුවෙන් ගාල්ලට ඉල්ලූ හිටපු ඇමැතිවරුන් දෙදෙනෙකුගේ පුතුන් දෙදෙනෙකු  පරාජයට පත්ව ඇත. ඒ රූපා කරුණාතිලකගේ පුත් සංජීව  කරුණාතිලක හා හේමකුමාර නානායක්කාරගේ පුත් තාරක නානායක්කාරය. එසේම ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුතා වන නවුසර් ෆවුසිද කොළඹ දිස්ත්‍රික්කයෙන්   පරාජයට පත්ව තිබේ. ඔහු කොළඹ දිස්ත්‍රික් සන්ධාන ලැයිස්තුවේ නියෝජ්‍ය  නායකයාය.

ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරන කොමියුනිස්ට්, සම සමාජ, ජාතික හෙළ උරුමය මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන් රැසකට හිමි වී ඇත්තේ පරාජයය. හෙළ උරුමය නියෝජනය කළ තෙබුවන පියනන්ද (කළුතර), මධුමාධව අරවින්ද (ගම්පහ), විමල් වීරවංශ ඇමැතිවරයාගේ ජ.නි.පෙ. නියෝජනය කළ ඉන්ද්‍රජිත් විජේවර්ධන (ගාල්ල), ලලන්ත ගුණසේකර (ගම්පහ), නෙළුන් දර්ශන මල්ලව (ගම්පහ) ඒ අතර වේ.

රතුපස්වල ජල ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටි ප්‍රසිද්ධ  චරිත වන නීතිඥ උපුල් දේශප්‍රිය හා ප්‍රමිත හෙට්ටිආරච්චි එජාප  නියෝජනය කරමින් ගම්පහෙන් ඡන්දය ඉල්ලුවද ඔවුන්ටද හිමිවූයේ පරාජයය. ඉකුත් කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ පළාත් සභා මන්ත්‍රීවරයකු වූ මේජර් අජිත් ප්‍රසන්න (ගාල්ල) මෙන්ම කපිතාන් ප්‍රදීප් පෙරේරා (ගම්පහ)ටද අන්ත පරාජයක් හිමි වී තිබේ.

විසිපස් වසරක් අඛණ්ඩව පළාත් සභාව නියෝජනය කළ කොමියුනිස්ට් පක්ෂයේ ගා. දේනෙත්ති (ගාල්ල) ශ්‍රීලනිප ගම්පහ දිස්ත්‍රික් සංවිධායක රෙහෙනසිරි වරාගොඩ, කැලණිය එජාප සංවිධායක බෙවන් පෙරේරා, අත්තනගල්ල  එජාප සංවිධායක  චන්ද්‍රසෝම පරණලාල් උපුල්දේව වනවාසල (ගම්පහ)   යන අයද පරාජයට පත්වූ අපේක්ෂකයන් අතරේ සිටිති.

කොළඹ දිස්ත්‍රික්කයේ සන්ධාන ලැයිස්තුවෙන් තරග කළ අශෝක ලංකාතිලක, මෙන්ම කොළඹ   දිස්ත්‍රික්ක ශ්‍රීලනිප  සංවිධායක  රේණුක පෙරේරා, දයාකාන්ත පෙරේරා, සරත් සුමනසේකර යන මන්ත්‍රීවරුන්ද පරාජයට පත්වී ඇත.

මිහිරි ෆොන්සේකා





මාර්තු 21 වැනි දින සවස 2.30 වන විටත් මාතර වෙරළේ බංකු මත වැටකෙයියා පඳුරු අසල සහ ගල් වැටි මත කුඩවලින් හිස් ආවරණය කරගෙන කර වටා දෑත් පටලවාගෙන ආදර බස් තෙපළන පෙම්වතුන්ගෙන් පිරී තිබිණ.

මේ වන විට මාතර ප්‍රදේශ‍ෙය් පොලිස් පරීක්ෂකවරයකුගේ 24 හැවිරිදි පුත්‍රයා වන ‘සම්පත්’ සිය පෙම්වතිය වන අකුරැස්ස පිටබැද්දර ප්‍රදේශයේ ‘සමන්මලී’ ද පෙම්රස විඳගැනීම සඳහා මාතර තානායම පිටුපස වැටකෙයියා ගාලක මුලකට බරදෙමින් ආදර ලෝකයේ අතරමං වී සිටියහ.

මේ අවස්ථ‍ාවේ කළු කලිසමකින් සහ සුදු ෂර්ට් එකකින් සැරසුණු පුද්ගලයකු පෙම්වතුන් යුවළ අසලට පැමිණ ඔවුන් හිසලාගෙන සිටි කුඩය ඇද රකුසු වෙසින් ඔවුන් දෙස බලා “වැල්ලේ අශෝභන ලෙස හැසිරෙන්න තහනම්” බව දන්නේ නැද්ද? මා පොලිස් පරීක්ෂකවරයෙක්. වහාම ‍පොලිසියට යන්න අර කාර් එකේ නගිනවා. කියමින් තානායම අසල නතර කර තිබූ කළු පාට කාර් එකකට මෙම යුවළ නංවාගත්හ.

මෙම යුවළ කාර් එකට නංවාගත් හොර ‍ෙ‍පාලිස් පරීක්ෂකවරයා වාහනය මාතර දුම්රියපොළ දෙසට පදවා ‘සම්පත්'ට කාරයෙන් බැස පිටුපස නොබලා දුවන ලෙසට නියෝග කොට ‘සමන්මලී’ සමඟ නැවත මාතර නගරය දෙසට රිය පදවන්නට විය. රිය තුළ තනිවූ ‘සමන්මලී’ තමා පොලිසියට බාර දේවිය යන බියෙන් ඇළලී සිටියාය.

‘සමන්මලී’ ගේ බිය තවත් වැඩි කරමින් බොරු පොලිස් පරීක්ෂකවරයා කාරයේ සියලු දොරගුළු ලොක් කර විදුලි වේගයෙන් මාතර උයන්වත්ත පිටිපස මාර්ගයෙන් තංගල්ල දෙසට ධාවනය කර කිසිවෙකුත් නැති පාළු ස්ථානයක දී ‘සමන්මලී’ අමාරුවේ දැම්මේය. කාමාතුරයාට බිලිවූ ඇයගේ ඉකිබිඳුමේ වේදනාව කිසිවෙකුට නෑසුණේ ඇගේ අවාසනාවටය.

කාමාතුරයා ‘සමන්මලී’ පාළු ප්‍රදේශයක අතරමං කොට සැණෙකින් පලා ගියේය. අසරණ වූ මුවැත්තියක මෙන් ‘සමන්මලී’ බස් රථයකට ගොඩවී මාතරට පැමිණ මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ‍ෙපාලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඉදිරියේ තමාට වූ ඇබැද්දිය කඳුළු පිරි දෙනෙතින් හෙළි කළාය.

විශාල පිරිසක් ගැවසෙන මාතර මුහුදු වෙරළේ මහ දහවල් සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධියට සවන් දුන් ‍බෝගහවත්ත මහත්මිය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාට මෙය දැනුම් දුන්නාය. ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු සහ කළුපාට මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නියෝග කෙරිණි.

මේ අනුව බෝගහවත්ත මහත්මිය අදාළ දිනයේ එකී වේලාවේ මාතර නගරය පසුකර ගිය කළුපාට කාර් එකේ ‍හෝඩුවාවක් දැනගැනීම සඳහා මාතර නගරයේ සිට තංගල්ල දක්වා ඇති සියලු රාජ්‍ය ආයතන හා ව්‍යාපාරික ස්ථානවල සවිකර ඇති CCTV කැමරා දත්තයන් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාවට නැංවූ‍වාය.

මෙම පරීක්ෂාවේදී මාතර හැටන් නැෂනල් බැංකුවේ කැමරා පද්ධතියේ මෙම කළුපාට කාරය සටහන්ව තිබූ අතර එහි වර්ගය සහ අලවා තිබූ වෛද්‍ය ප්‍රථමාධාර ලාංඡනය ද පොලිස් පරීක්ෂණවලට ඉමහත් පිටිවහලක් විය.

සැකකාර කාමාතුරයා නිදැල්ලේ සිටීම මාතර වෙරළේ පෙම්සුව විඳින තරුණියන්ට බලවත් තර්ජනයක් බව තේරුම්ගත් බෝගහවත්ත මහත්මිය මෙම මෙහෙයුමේ දෙවන අදියර ක්‍රියාවට නැංවීමට වහා පියවර ගත්තාය.

ඒ අනුව ඉදිරියටත් තවත් තරුණියන් බිලිගැනීමට සැකකරු මාතර වෙරළට එන බව රාජකාරි දිවියේ අත්දැකීම් මඟින් තේරුම්ගත් පොලිස් පරීක්ෂකවරිය මාතර වෙරළේ ගැවසෙන සියලුම පෙම්වතුන් ද මහජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව ද දැනුවත් කළාය. ප්‍රථමාධාර ලාංඡනය සහිත කළුපාට කාර් එක මාතර වෙරළ පාරට පැමිණියහොත් වහාම ‍පොලිසියට දන්වන ලෙසට ඔවුන් දැනුම්වත් කෙරිණි.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‍ෙද්ශබන්දු තෙන්නකෝන්
පොලිස් පරීක්ෂක  වරුණි බෝගහවත්ත
මේ සිද්ධිය වී යාන්තම් පැය 48ක් ගත වූවා පමණි. පසුගිය 23 දින සවස 4.30ට පමණ මාතර පොලීසියට පැමිණි අයෙකු මෙවන් මෝටර් රථයක් වෙරළ ආසන්නයේ ගැවසෙන බවට තොරතුරක් සැපයීය.

මේ වන විට සැකකරු වෙරළේ පෙම් සුව විඳින ජෝඩු අතරින් හැඩකාර හුරුබුහුටි තරුණියක් දෙස කාමාතුර බැල්මක් හෙළමින් සිටියේය. ඇය පැහැරගෙන ගොස් දූෂණය කිරීම සඳහා ඉලක්කය ගනිමින් සිටින අවස්ථාවක් ලෙස සැක කළ පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත, පො.සැ. 55850 සුමතිපාල, පො.කො. 37982 චන්දන, පො.කො.රි. 28630 පුෂ්පකුමාර, කා.පො.කො. 5282 චන්ද්‍රා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිස මාර්ගයේ ගමන් කරමින් සිටි වාහනයක නැගී වෙරළ පාරට පැමිණියහ.

ඒ වන විට ගොදුරට ඉව අල්ලමින් ගමන් කරන වාහනය දැක ඒ පිටුපස ලුහු බැඳ හරස් කර වාහනය නතර කරගත් අන්දම හින්දි චිත්‍රපටයක රූගත කිරීමකට සමාන විය. මෙම අවස්ථාවේ පොලිස් පරීක්ෂකවරිය වාහනයට ඇතුළු වී සැකකරු මෙල්ල කරගෙන අත්අඩංගුවට ගත් අතර මෙම සිද්ධියට සම්බන්ධ පෙම්වතා වන ‘සම්පත්’ ද සැකකරු හඳුනාගෙන ඇත.

මේ අතර සැකකරු වාහන‍ෙය් ඉදිරිපස අලවා තිබූ ප්‍රථමාධාර ලාංඡනය පොලීසියට පෙන්වමින් තමා වෛද්‍යවරයකු බව කියමින් පොලිස් පරීක්ෂකවරියගේ රාජකාරියට බාධා කරමින් පලා යාමට තැත් ක‍ළත් ඔහුගේ අත්වලට විලංගු වැටිණි.

මොහු වලස්මුල්ල ප්‍රදේශයේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනියකගේ පෙම්බර සැමියාය. වයස අවුරුදු 39ක් වූ මේ කාමාතුරයා බරවකුඹුක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අවුරුදු 01, 03 යන වයස්වල පසුවෙන දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ද විය. සිය වෛද්‍ය බිරිය‍ සේවයට ගිය අතරේ ඇයගේ නිල රියෙන් ගොස් කාමාපරාධවල යෙදීම ඔහු තම දෛනික පුරුද්දක් කරගෙන සිටි බවට තොරතුරු හෙළි විය.



ඔහුගේ රථයේ තිබී උපත්පාලන කොපු, කෑමබීම ඇඳුම් පැලඳුම් සහ විවිධ සිම් කාඩ්පත් හසුවීම ද සැකකරුගේ කල්ක්‍රියාව තේරුම් ගැනීමට හොඳ සාධක විය.
පොලිස් ප්‍රශ්න කිරීමේදී තමා බරවකුඹුක ප්‍රදේශයේ සිට ලොතරැයි පතක් ගැනීමට මාතරට පැමිණි බව කීවත් මොහුගේ දිනචරියාව ගැන දැන ගැනීමට පොලිසියට වැඩිවෙලාවක් ගියේ නැත. සැකකරු අතින් කරදරයට පත් තවත් තරුණියන් ඇත්නම් පොලිසියට පැමිණ තොරතුරු සපයන ලෙසත්, පොලිස් පාට් දමමින් තරුණියන් පැහැරගන්නා මෙවන් සල්ලාලයන්ගෙන් පරිස්සම් වන ලෙසත් පොලිසිය තරුණියන්ගෙන් කාරුණික ඉල්ලීමක් ද කළේය.

සුවහසක් රෝගීන් සුවපත් කරමින් රටටම සේවය කරන වෛද්‍යවරියකගේ ස්වාමිපුරුෂයා අහිංසක තරුණියන්ගේ ජීවිත විනාශ කරමින් එම තරුණියන් සදාකල්හිම මානසික රෝගීන් බවට පත්කිරීම මොනතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද?

පැය 48ක් යාමට මත්තෙන් සැකකරු සහ වාහනය අත්අඩංගුවට ගැනීමට නිරතුරුව උපදෙස් දෙමින් කටයුතු කළ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපයට මාතර නගරයේ ජනතාවගේ ප්‍රශංසාව හිමිවිය.

මාතර වෙරළේ කාමාතුරයා අත්අඩංගුවට ගැනීමට නිර්භීතව කටයුතු කළ පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිස මුළුමහත් පොලිස් දෙපාර්තමේන්තුවට අත්කර දුන් ගෞරවය ද සුළුකොට තැකිය නොහැකිය.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery