Apr
01
දකුණ සහ බස්‌නාහිර පළාත් නව මහ ඇමැතිවරුන් ලෙස හිටපු මහ ඇමැතිවරුන් දෙදෙනාම නැවත පත්කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් දෙකට අයත් දිස්‌ත්‍රික්‌කවලින් මෙන්ම ඔවුන් තරග කළ දිස්‌ත්‍රික්‌ක දෙකෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් හිටපු මහ ඇමැතිවරුන් දෙදෙනාම හිමිකරගෙන ඇත.
බස්‌නාහිර පළාතේ හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් මනාප ඡන්ද 249678 ක් ලබාගෙන ප්‍රථම ස්‌ථානයට පැමිණ ඇති අතර දකුණු පළාතේ හිටපු මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාද ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් මනාප ඡන්ද 95860 ක් ලබා ප්‍රථම ස්‌ථානයට පත්වී ඇත.
මහ ඇමැතිවරුන් පත් කිරීමේදී එක්‌සත් ජනතා නිදහස් සන්ධානය සැලකිල්ලට ගන්නා ජ්‍යෙෂ්ඨත්වය, පළපුරුද්ද හා වැඩිම මනාප යන සියල්ලම මේ දෙදෙනා සපුරා තිබීම නැවත එම ධුරය ලැබීමට හේතුවී තිsබේ.
පළාත් දෙකේ අනෙකුත් ඇමැති ධුර හා තනතුරු ලබාදීම පිළිබඳව අද පස්‌වරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරෙනු ඇත.