facebook page

Powered by Blogger.

Blogger templates

Showing posts with label විදේශීය පුවත්. Show all posts





කොලොම්බියාවේ දැවැන්තම බිලිඳා ලෙස විරුදාවලි ලැබ සිටින මෙන්ඩෝසාගේ මව කියා සිටින ආකාරයට සාමාන්‍ය නිරෝගී බරකින් යුතුව ඉපදුණු සිය පුතු අට මසක් වැනි කෙටි කාලයකදී මෙතරම්  තරබාරු වීමට හේතුවී ඇත්තේ ඇයගේම නොදැනුවත්කම නොසැලකිල්ලයි.

සිය පුතු අඬන වාරයක් පාසා ඔහුට කිරි හා ආහාර ලබා දීමට ඉයුනිස් පෙළඹී තිබුණේ උපතේ සිටම කාංසාවෙන් පෙළුණු සිය බිලිඳු පුතුව නළවා ගත හැකි වූ පහසුම මාර්ගය එය වූ නිසයි. ඉපදුණු දින සිට අධික ශරීර බර හේතුවෙන් හටගත් සංකූලතාවන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහුව කීප වරක්ම රෝහල් ගත කිරීමටද සිදුව තිබිණි. ශරීරයේ අධික බර ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා ඔහුව සැත්කමකට ලක් කිරීමට සිදුවුවද ඊට පෙර සැත්කමට මුහුණ දීමට සුදුසු මට්ටමකට ඔහුගේ ශරීරයේ බර පත් කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බව චබි හාට්ස් ආයතනයේ අධ්‍යක්ෂ එල්සැල්වදෝර් පැ‍ලේෂියෝ ගොන්සා‍ලේසේගේ නිගමනය වී තිබේ.

සැත්කම්වලින් පමණක් සෑහීමට පත් විය නොහැකි බවත් සැන්ටියානෝගේ ඉදිරි ජීවිත කාලය පුරාවටම නිසි ශරීර බරක් පවත්වාගෙන යාම සඳහා ආහාර, අධ්‍යාපනය හා  කායික ව්‍යායාම යන සියල්ල මනාව සමබර කෙරුනු දිගුකාලීන ප්‍රතිකාර ක්‍රමයක් පවත්වාගෙන යාම අවැසි වනු ඇත. නැතහොත් අධික බර හේතුවෙන් ළමා වියේදීම ඔහුට සන්ධි ආබාධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග වැළඳීමේ අවදානමට මුහුණ දීමට සිදු වනු ඇත.

  ඔසවාගෙන යාමට නොහැකි තරම් අධික බරකින් යුතු  බිලිඳු පුතු හේතුවෙන් නිවසටම කොටු වී සිටි ෆැන්ඩිනෝ සිය පුතුගේ රෝගාබාධය වෙනුවෙන් වෛද්‍යවරුන් ලබා දෙන්නා  වූ සෑම උපදෙසක්ම එයාකාරයෙන්ම පිළිපැදීමට සූදානම්ව සිටින්නේ සිය පුතු සාමාන්‍ය දරුවෙකුගේ තත්ත්වයට පත් කිරීමට එම ප්‍රතිකාර සමත් වනු ඇතැයි යන සුබවාදී බලා‍පොරොත්තුව පෙරදැරිවය.


ප්‍රියන්ති රුද්‍රිගු 


හැත්තෑහත් හැවිරිදි අර්නස්ටයින් ෂෙපර්ඩ් ලොව සිටිනා වයස්ගතම කායවර්ධන ක්‍රීඩකයින් අතරින් කෙනෙකි.

සෑමදාම උදයේ පාන්දර 2.30 ට අවදි වන ඇය දිනයේ වැඩකටයුතු සදහා අහර පිළියෙල කරන්නීය.හිරු උදාවුනු පසු ඇය සැතපුම් 10 ක් දුවන්නීය.ව්‍යායාම් කිරීම ඇයගේ විනෝදාංශයයි.කායවර්ධන කටයුතු වලට ඇයගේ ඇත්තේ දැඩි ඇල්මකි.

‘මම කායවර්ධන කටයුතු වලට යොමුවුනේ මගේ සොහොයුරිය නිසා.එතකොට මගේ වයස අවුරුදු 60 ක් වගේ ඇති‘ ඇය කියන්නීය.

කිසියම් දෙයක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඇයට අනුව පිළිපැදිය යුතු කරුණු 3 කි.
‘පළමුවැන්න තමා කැපවීම,දෙවැන්න නොපසුබට උත්සාහය තෙවැන්න තමා විනය.මේ සියල්ල තමයි මට කායවර්ධන ක්‍රීඩාවෙන් මේ තරම් දුර එන්න උදවු වුනේ.මේවා ජීවිතයේ ඕනෑම අවස්ථාවක පිළිපදින්න පිළිවන් කරුණු 3 ක්‘ ඇය පවසන්නීය.

තරුණයෙකුගේ ශක්තියෙන් යුතු ඇයට ඉහින් බහින තරමේ රෝගයකුදු නැත.ඒයට හේතුව තමා පිළිපදින යහපත් ආහාර රටා හා සිරුරට ලබාදෙන ව්‍යායාමයන් බව ඇය කියන්නීය.

2010 වසරේදී ලොව වයස්ගතම කායවර්ධන කිී්‍රඩිකාවට හිමි ගිනස් වාර්තාවද තමන් සතුකරගැනීමට අර්නස්ටයින් සමත්ව තිඛෙ.

‘වයස කියන්නේ නිකම් අංක විතරයි.හිත තියෙනවනම් වයස මොකක් වුනත් ඕන දෙයක් කරන්න පිළිවන්‘ ඇය පවසන්නීය. 


1928 අප්‍රේල් 23 දාසැන්ටා මොනිකා නුවරදී උපත ලැබූ ෂර්ලි ටෙම්පල් බැංකු කළමනාකරුවෙකු වූ ජෝර්ජ් ටෙම්පල් හා ගර්ටෘෘඩ් යුවළගේ තෙවන දරුවාය. නාට්‍යාංගනාවක වීමට තමා තුළ තිබූ කිසිදා සැබෑ කර ගැනීමට නොහැකි වූ සිහිනය සිය දියණිය විසින් සැබෑ කරනු දැකීමේ නොතිත් ආශාවෙන් පෙළුණු ගර්ටෘෘඩ් ටෙම්පල්, සිය දියණියට කුඩා කල පටන් නර්තන පුහුණුව ලබාදීමට කටයුතු කළාය. යන්තම් තෙහැවිරිදි වියට පාතබන කලම ඇයට ‘පවර්ටි රෝ’ නමැති චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

එසේ වුවද ‘ෂර්ලි ටෙම්පල්’ නමැති හුරුබුහුටි දැරියව ලෝකයම හඳුනාගන්නා ලද්දේ 1934 දී  තිරගත වූ ‘බ්‍රයිට් අයිස්’ චිත්‍රපටයෙනි. ‘ද ඊඩඥ ට්ධධඤ ඉඩඪන ඹ්ධතතඪනධන’ ගීතයේ ඇය විසින් ඉදිරිපත් කළ රංගනය නිසාවෙන් බොකුටු හිසකෙස්ද දේවදූතයකුගේ වන් සුරතල් පෙනුමක්ද තිබූ ෂර්ලි එම යුගයේදී බොක්ස් ඔෆීස් වාර්තා පිහිටුවීමට චිත්‍රපටයකට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව සිටියාය. එම වසර අවසාන වන විට ඇය ලොව  වැඩිම ආදායමක් ලබන තාරකාවන්ගේ ලැයිස්තුවේ අටවන ස්ථානය හිමි කර ගෙන සිටියා පමණක් නොව 1935 වසරේදී ළාබාලයන් උදෙසා පිරිනැමෙන විශේෂ  ඔස්කාර් සම්මානයකින්ද පිදුම් ලබන ලද්දේ, ඔස්කාර් සම්මාන ඉතිහාසයේ ළාබාලතම සම්මානලාභිනිය බවට පත් වෙමිනි.

ඒ වන විට ඇගේ වයස අවුරුදු හයක් විය. 1935-1938 අතර කාලයේදී ලෝකයේ අංක එකේ බොක්ස් ඔෆීස් තාරකාව ලෙස සිය කිරුළ අඛණ්ඩව රැක ගැනීමට සමත් වූ හුරුබුහුටි ටෙම්පල්ගේ රංගන දිවියේ පෙරගමන්කරු  වූයේ නිබඳව ඇය අසල රැඳී සිටි ඇගේ දයාබර මව වූ ගර්ටෘෘඩ්ය. සිය දියණියව සෑම රූපගත කිරීමකටම රැගෙන ගියේද, රූගත කිරීම් කෙරෙන කාලය මුළුල්‍ලේම ඇය අසලම රැඳී සිටියේද ගර්ටෘෘඩ්ය.  එතෙකින් නොනැවතුණු ඇය ඒ හැම රූගත කිරීමක්ම සඳහා සිය දියණියගේ කෙස් කළඹ රැලි ගන්වා මුදු ලෙස සකස් කරන ලද්දේ හැමවිටම කැරලි පනස් හයක් සිටින සේය.

ඉතාම ළාබාල  වියකදී හොලිවුඩයේ ආටෝපකාරී විසිතුරු ඇවැතුම් පැවැතුම්වලට නිරාවරණය වූ කුඩා ටෙම්පල්ව ප්‍රසිද්ධියත් සමග එන අනිටු ඵල විපාකයන්ට ගොදුරු නොවනසේ පරෙස්සම් කර ගන්නා ලද්දේ ඇගේ මව විසිනි. හතළිහ දශකයේදීෂර්ලි ටෙම්පල් උන්මාදය කෙතරම් උග්‍රව පැවැතියේද යත් එකල ඇමෙරිකානුවන් මුහුණ දී සිටි මහ වෙළෙඳ පරිහානිය හමුවේ වුවද ඇයට හිමි වූ ජනප්‍රියත්වයේ අඩුවක්  සිදුවූයේ නැත.එකල ඇමෙරිකානු ජනපතිව සිටි ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ද වරෙක මේ බව අවධාරණය කරමින් කියා සිටින ලද්දේ කවර අර්බුද පැමිණියේද , සිය රටට ෂර්ලි ටෙම්පල් සිටින තුරු ප්‍රශ්නයක් නොවන බවය. එම අර්බුද සමයේදී ඇ. ඩොලර් මිලියන හතළිස් දෙකක ණය බරකින් මිරිකී බංකොළොත්භාවයට පත්ව තිබූ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන ටුවෙන්ටියත්සෙන්චරි ෆොක්ස් සමාගම ඉන් මුදවා ගන්නා ලද්දේ කුඩා ටෙම්පල් විසිනි.

1950 දී ඇය හොලිවුඩයට සමුදෙන කල චිත්‍රපට හතළිස් තුනකට රංගන දායකත්වය ලබා දී තිබිණි. සිව් වසරකට පමණක් සීමා වූ ඇගේ පළමු විවාහය අසාර්ථක වූයේ ඇගේ සැමියා වූ ඇමෙරිකානු ගුවන් හමුදා සෙබළ ජෝන් ඒගාර්ගේ බේබදුකම හා දුරාචාරය නිසා වුවද කැලිෆෝනියාවේ ව්‍යාපාරිකයකු වූ චාල්ස් ඕල්ඩන් සමග ගෙවුණු ඇගේ දෙවන විවාහ දිවිය අතිශය ප්‍රීතිමත් වූවක් විය. 2005 වසරේදී ඔහු මිය යන කල ඔවුන්ගේ විවාහ දිවියට පනස් පස් වසරක් සපිරී තිබිණි. 2006 වසරේදී ෂර්ලි ටෙම්පල් යාවජීව සම්මානයෙන් පිදුම් ලබන කල තමාගෙන් වියෝ වූ සැමියා පිළිබඳ ආදරණීය මතකය අවදි කරමින් ඇය කියා සිටින ලද්දේ ‘සිය ජීවිතයේ ආදරය’ වූයේ ඔහු බවය.

හොලිවුඩ් උණුසුමෙන් ඈත් වුවද යළිත් හැත්තෑව දශකයේදී ඇමෙරිකානු දේශපාලන කරළියෙන් මහජනතාව අභිමුවට පැමිණි ටෙම්පල් ඝානාවේ හා චෙකොස්ලෝවේකියාවේ ඇමෙරිකානු තානාපතිනිය ලෙසද සේවය කළාය. මේ කවර භූමිකාවක් නිරූපණය කළද හොලිවුඩ් සිනමාවට පෙම් බැඳි සිනමා ලෝලීන්ගේ හදවතේ ෂර්ලි ටෙම්පල් සදා ලැගුම් ගනු ඇත්තේ
ගීතයෙන් අප හමුවට ආ කැරලි කෙස් සහිත දීප්තිමත් ඇස් ඇති ඒ සුරතල් දැරිය ලෙස බවට සැකයක් නැත.


ප්‍රියන්ති රුද්‍රිගු 



ශ්‍රී ලංකාවේ සමස්ත සිවිල් යුද සමයෙහි ඊට මැදිහත් සියලු පාර්ශ්ව විසින් සිදුකර ඇති සියලු කාර්යයන් සම්බන්ධයෙන් විශ්වසනීය, එසේම ස්වාධීන පරීක්ෂණයක් පවත්වනු ලැබීම රටේ යහපතට හේතුවෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසා තිබේ.

කොළඹදී පැවති විදේශීය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේදී ඇමෙරිකානු තානාපතිනී මිෂෙල් ජේ. සීසන් මෙසේ අදහස් ප්‍රකාශ කළ බව බී.බී.සී.ය පෙන්වා දෙයි.

එහිදී තානාපතිනිය වැඩිදුරටත් පෙන්වාදී තිබෙන්නේ, ජිනීවාහිදී අනුමැතිය ලද පරීක්ෂණය 2002 සිට 2009 අතර කාල පරාසයට සීමා වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න මතු කර ඇති බවයි.

ඒ අනුව, ජාත්‍යන්තර ප්‍රජාව අවධානය යොමු කරන්නේ ඉහත කාල සීමාව කෙරෙහි පමණක් නොවන බව සඳහන් කර ඇති තානාපතිවරිය, අර්බුදයට අදාළ සමස්ත කාල පරිච්ඡේදයම ආවරණය කෙරෙන විභාගයක් ශ්‍රී ලංකාවට යහපත් වන බව පෙන්වාදී තිබේ.

එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම ඉතා පුළුල් ක්‍රියාකාරකම් දහරාව සහ දෙරටේ ආවේණික සම්බන්ධතා කිසිදු අකාරයකින් වෙනස් වී නොමැති බවද තානාපතිනිය පෙන්වාදී ඇතැයි බී.බී.සී.ය කියයි.



පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැකීමට පැමිණි මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජන සහ පිලිප් කුමරු පාප් වහන්සේ වෙත ත්‍යාගයක් ලෙස විශාල හැම්පර් එකක් පරිත්‍යාග කරන්නට වූහ.

රෝමයේ සංචාරයක නිතර වෙමින් මෙලෙස එළිසබෙත් මහ රැජින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීමට පැමිණි අතර, පාප්වහන්සේගේ පදවි ප්‍රාප්තියෙන් පසු එළිසබෙත් රැජින හමුවන ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

එළිසබෙත් රැජින හා පාප් වහන්සේ අතර සිදුවූ මෙම පෞද්ගලික හමුව බ්‍රිතාන්‍යය සහ වතිකානුව අතර රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කෙරෙන දීර්ඝ ක්‍රියාදාමයක කොටසක් බව විදෙස් පුවත් සේවා පවසා සිටියි.

එංගලන්ත සභාව සහ රෝමානු කතෝලික සභාව අතර සබඳතා වර්ධනය කිරීමට ගෙන ඇති පියවර සඳහා එංගලන්ත සභාවට නායකත්වය දෙන බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සහයෝගය හිමි වී ඇති බවද මෙහිදී සිදුවී ඇත.

මේ අතර, පාප් වහන්සේ බැහැ දැකීමට පැමිණි රැජින හා පිලිප් කුමරු විසින් පාප් වහන්සේ වෙත විශාල හැම්පර් එකක් තෑගි ලෙස ලබාදෙන ලදී. එහිදී, හැම්පර් එකෙහි වූ විශේෂත්වය පාප් වහන්සේ වෙත පවසා සිටීමද පිලිප් කුමරු අමතක නොකළේය.

කෙසේ වෙතත්, පාප් වහන්සේ හමු වීමට පෙර එළිසබෙත් රැජින සහ පිලිප් කුමරු වෙත ඉතාලි ජනපති ජිඔර්ජිඕ නැපොලිටානෝ විසින් දිවා ආහාර වේලක් පිළිගන්වා ඇති බවද වාර්තා වෙයි.



ලෝකයේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථානයේදී පසුගියදා සිදුකෙරිණි.


පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සරණංකර සුමනජෝති හිමියන්ගේ සංකල්පයක් මත දෙස්විදෙස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන්  මූර්ති ශිල්පී සුරංග රාජවර්ධන මහතා විසින් නිර්මාණය කරන ලද.



 මෙකී පිළිමය විවෘත කිරීම මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 





'selfie' කියන්නේ තමන් විසින්ම ගන්නා තමාගේ ඡායාරූපයකටයි. ඇය මේ වගේ 'selfie' ගන්න හරි දක්ෂයි. ඒත් මෙයා මේ පාර නම් 'selfie' එකක් ගන්න ගියෙ තමන්ගෙ පස්සෙන් ඉන්න නාඹර අලියෙකුත් ඡායාරූපයේ පසුබිමට එකතු කරගන්නා ගමනුයි.


අපි මෙයා කියල හැඳින්වුවත්, කිම් කර්ඩාෂියන් යනුවෙන් හැඳින් වූ විට අද ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඇය ඇමෙරිකානු ජාතික රූපවාහිනී තරුවක්. නිළියක්. ඒ වගේම මෝස්තර නිරූපණ ශිල්පිනියක්. ඒ නිසාම සුරූපී කිම්ගේ මිතුරියක හෝ මිතුරෙකු වෙන්න වැඩි දෙනෙක් කැමතියි කියල තමයි කියන්නෙ.


නමුත්, මෙයාගෙ සහෘදයෙක් වෙන්න අකමැති අයත් ඉන්නව කියන එය මෙයාට තේරුනේ පහුගිය දවසක තායිලන්තයේ සංචායක නිරත වෙලා ඉන්න වෙලාවෙයි.


අපි කලින්ම කිව්ව වගේ, 33 හැවිරිදි කිම්, දුහුල් ඇඳුමකුත් ඇඳගෙන නාඹර අලියෙකුගෙ ඉස්සරහට ගිහිල්ලා 'selfie' එකක් ගන්න ගියා.


ඒත් මේ නාඹර අලියට මෙයාගෙ 'selfie' එක ඇල්ලුවෙ නෑ. අලියා මෙයා දිහාට හෝඬේ උස්සලා විරෝධයක් පෑවා. ඒක හරියට, මේ වගේ ඡායාරූපයකට ඉන්න එයාට විලිසංගයක් නැති වුණාට, මට විලිසංගයක් තියෙනව කියන්න වගේ විරෝධයක් වෙන්නත් පුළුවන්. 


කොහොම වුණත්, අලිය කුලප්පු වෙච්ච බව දැනගෙන 'selfie' පැත්තක තියලා කිම් අඩියට දෙකට පැනලා ගියා.

ඔන්න ඔහොමයි, අලි එක්ක 'selfie' ගන්න ගිහිං, කිම් යාන්තම් බේරිලා ආවෙ. 

කෙලී නොක්ස් උතුරු ලන්ඩනයේ ජීවත්වන 2013 වර්ෂය සාර්ථකම වර්ෂය බවට පත්කරගත් මෝස්තර නිරෑපිකාවකි. 



වීනස් දෙවඟනට පසු මෙලොව වෙසෙන සුරූපීම යුවතිය වශයෙන් P & G ආයතනය හඳුන්වාදෙන ඇයගේ විශේෂත්වය වන්නේ වීනස් දෙවඟනගේ පිළිමය හා සමානව ඇගේ වම් අත වැලමිට දක්වා පමණක් පිහිටීමයි. 

විසිනව හැවිරිදි ඇය  ලොව පුරා සංචාරය කරමින් විලාසිතා දැක්මන් තුළ පෙනී සිටින්නේ ආබාධිත පුරවැසියන්ගේ සිත්වලට අභිමානයක් ගෙනඑමිනි.  

කෙලී පවසන්නේ ක්‍රීඩාවේදී හා රෑපවාහිනී වැඩසටහන්වලදී ආබාධිත අයට ඉඩක් වෙන් වුවත් නිරෑපණ ක්ෂේත්‍රයේ එවැනි තත්ත්වයක් මෙතෙක් නොතිබුණු බවයි. එසේම ආබාධිත අයෙකු ලෙස තමාට විවර වූ මෙම මාර්ගයේ තවත් බොහෝදුරක් යෑමට අවශ්‍ය බවත් ඇය මාධ්‍ය වෙත පවසා ඇත










තුවාල වූ විට ඉබේම සුවපත් වීමේ සමත් කෘත්‍රිම මාංශ පේෂී  විශේෂයක් නිපදවීමට ඇමරිකාවේ උතුරු කැරොලිනාවේ ඩියුක් විශ්වවිද්යාශලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
මෙම මාංශ පේෂීන් ස්වභාවික මිනිස් මාංශ පේෂීන් හා සම වන බවත් වෙනසකට ඇත්තේ ඒවාට නැවත නැවත දලූලා වැඩෙන බවත් පර්යේෂකයෝ කියති.
ඔවුන් මේ දිනවල පර්යේෂණ කරමින් සිටිනුයේ මෙම මාංශ පේෂීන් මිනිස් සිරුරට බද්ධ කළ හැකි හොදම ක්‍රමය සොයා බැලීමටයිගදැනට මිීයන් ආධාරයෙන් සිදුකර ඇති පර්යේෂණ වලින් වලදී සාර්ථක ප්රයතිඵල අත්කර ගැනීමට ඔවුහු සමත්ව ඇත්තාහ.
මිීයන්ගේ සිරුරු වලට මෙම මාංශ පේෂීන් බද්ධ කර ඒවාට තුවාළ සිදුකර නිරීක්ෂණය කිරීමේදී තුවාළ වසාගෙන යළිත් මස් වැඩෙනු දැකගත හැකිවූවේයැයි ඔවුහු පවසති
මෙම මාංශ පේෂීන් වලට මෙසේ යළි වැඩීමට හැකියාව ලැබී ඇත්තේ ඒවායේ අන්තර්ගත කර ඇති විශේෂ ෙසෙලයක් නිසා බව පැවසේ.
අතීතයේදීත් මෙවන් නැවත වැඩෙන මාංශ පේෂීන් ලොවට හදුන්වාදීම සිදුවුවද ස්වභාවික මාංශ පේෂීන්ට සෑම අතින්ම සම වන කෘතිම මාංශ පේෂියක් නිපදවා එයට නැවත වැඩීමේ හැකියාවද ලබා දී ඇත්තේ ප්රනථම වතාවට බව සදහන්ය
පර්යේෂණ කටයුතු සාර්ථක වන්නේ නම් ඉදිරියේදී තුවාළයක් සිදුවූ විට පීඩා විදිමින් සිටීමට අවශ්යත නොවනු ඇත.


තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප නැමැත්තා ඇතුළු පිරිස මියගිය බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්ට අතින් පයින් පහර දෙනු තමන් දුටු බවත් වික්ටෝරියාට හතරවටින් පහර දෙද්දී තමන් ‍පොලීසියට දුරකථන ඇමැතුමක් දීමට සූදානම් වූ විට තුවක්කුවක් එල්ල කොට මරණ තර්ජන කළ බවත් “ද නේචර්” හොටලයේ හිටපු කළමනාකාරිනී ආර්.ඩී.තරංගා පීරිස් මහත්මිය අධිකරණයේදී කීවාය.

 කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල මෙහෙය වූ ‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ ප්‍රශ්නවලට ඇය විසින් සාක්කි දුන්නාය.
තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා මුලින් පහර දුන්නේ වෙනත් පුද්ගලයකුට බවත් එම ගැටුම සංසිඳවීමට පැමිණි කුරාම් ෂෙයික්ට ඉන්පසු පහර දුන් බවත් මුලින් පහර කෑ තැනැත්තා රයන් බවත් පසුව හඳුනාගත් බවත් කීවාය. 

වික්ටෝරියාට පුටුවෙන් ගසන ලද්දේත් විශාල කාලගෝට්ටියක් ඇති කරමින් කෑ ගැසුවේත් 1 වන විත්තිකාර ළහිරු කැළුම් බව පැවැසුවාය. තමන්ට තුවක්කුවක් එල්ල කරමින් කෝල් ගන්න එපා උඹට වෙඩි තියනවා කීවේ සිව්වන සැකකාර වීරප්පුලිගේ ප්‍රගීත් චතුරංග නැමැත්තා බවත් හෙළි කළාය. පස්වන සැකකාර මොහොට්ටිගේ සරත් නොහොත් සහන් නැමැත්තා දැන් ඕක ඇති යං යං වරෙල්ලා යනුවෙන් කෑ ගැසූ බවත් පැවැසුවාය. රුධිරය ගලමින් වැටී සිටි කුරාම්ට වික්ටෝරියා කෘතිම ස්වසනය දෙනු දුටු බවත් හෙළි කළාය.

නීතිඥ තුසිත් මුදලිගේ - මොන හෝට‍ලේද සේවය කරන්නේ.

 සාක්කිකාරිය - මම දැනට රැකියාවෙන් ඉවත් වුණා. සති 2කට පෙර.

නීතිඥ තුසිත් මුදලිගේ - කලින් මොන හෝටලවලද සේවය කළේ.

සාක්ෂිකාරිය - හෝටල් දෙකක රැකියාව කළා ඉන්පසු රටින් පිටවී සිටියා.

නීතිඥ - ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?

 සාක්ෂිකාරිය - බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබුවා. හෝටල්
කළමනාකරණය සඳහා

නීතිඥ - දරුවන් සිටිනවාද?

සාක්ෂිකාරිය - ඔව් දුවට 16යි. පුතාට 10යි.

නීතිඥ - සැමියා කුමන වෘත්තියකද නිරත වන්නේ.

සාක්ෂිකාරිය - සැමියා කර්මාන්ත ඉදිකරණ ක්‍ෂේත්‍රයේ.

නීතිඥ - මේ සිද්ධිය වුණේ කොහේ සේවයේදීද?

සාක්ෂිකාරිය - ද නේචර් තංගල්ල රිසෝට් එකේ සේවය කරද්දී.

නීතිඥ - කවදාද මුලින්ම සේවයට ගියේ.

සාක්ෂිකාරිය - 2011 ඔක්තෝබර් 11 මුලින් ගියේ කළමනාකාරිය ලෙසට රැකියාවට.

නීතිඥ තුසිත -  සිද්ධියෙන් පසු කොපමණ කලක් එම හෝටලයේ සිටියද?

සාක්ෂිකාරිය -  ඉන්පසු සති 3 කාලයක් එහි රැඳී සිටියා.

නීතිඥ තුසිත- ඉන් පසුව

සාක්ෂිකාරිය -  රටින් පිටවුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා මහා බ්‍රිතාන්‍යයට.

නීතිඥ තුසිත -  2011 ඔක්තෝබර් සිට මාස කිහිපයක් තමයි ඔබ සේවය කළේ

සාක්ෂිකාරිය -  එහෙමයි

නීතිඥ තුසිත -  හෝටලය අයිති කාටද?

සාක්ෂිකාරිය -  වික්‍රමාරච්චි ඔෆ්ටී්‍රෂියන්ස් ආයතනයට

නීතිඥ තුසිත -  සම්මුඛ පරීක්ෂණයක් තිබුණද?

සාක්ෂිකාරිය -  ඔව්.

නීතිඥ තුසිත -  2011 ඔබ සම්බන්ධ වෙද්දී මොනවගේ වගකීමක්ද ඔබට පැවැරිලා තිබුණේ.?

සාක්ෂිකාරිය  - හෝටලය ගැන පරිපාලනය සියලුම සේවකයින් පාලනය කිරීම.

නීතිඥ තුසිත-  කාමර කීයද? හෝටලයේ

සාක්ෂිකාරිය -  20 - 25 විතර මගේ මතකයේ ලෙසට

 නීතිඥ තුසිත - ඔබත් නැවතී සිටියද?

සාක්ෂිකාරිය - ඔව් වෙනමම කාමරයක් තිබුණා.

නීතිඥ තුසිත -  නයනි දීපිකාත් ඔබගේ යටතේද සේවය කළේ. ඒ කියන්නේ සහය
කළමනාකාරිය.

සාක්ෂිකාරිය -  මම නිවාඩු යන දිනවලදී ඇය වැඩ බලනවා.

නීතිඥ තුසිත -  2012 දෙසැම්බර් මාසය වන විට පරිපාලනය ඔබගේ භාරයේ තිබුණේ.

සාක්ෂිකාරිය -  නැහැ. මට පසුව වෙනත් නිලධාරියෙක් පත් වුණා.

නීතිඥ තුසිත -  සේවකයින් කීයක් විතර හිටියද?

සාක්ෂිකාරිය - 15 දෙනෙක් පමණ ගෘහ පාලන අංශය, නඩත්තු කිරීම, ආහාර පරිපාලනය, උද්භිත පිරිසිදු කරන්න, මැදිවියේ දෙන්නෙක් වගේ අය.

නීතිඥ තුසිත -  නයනි දීපිකාටත් කාමරයක් තිබුණද?

සාක්ෂිකාරිය -  ඔව් ඇයටත් තිබුණා.

නීතිඥ තුසිත -  2011 දෙසැම්බර් 24 දා රාත්‍රී වූ සිද්ධිය ගැන කියන්න. ඔබ කවදා සිට කවදා වෙනතුරු එහි සේවය කළාද?

සාක්ෂිකාරිය - 2012 ජනවාරි 15 තෙක්.

 2012 දෙසැම්බර් 31 ගෙදර ගිහින් ජනවාරි 4 තමයි හෝටලයට ආවේ.

නීතිඥ - මේ සිදුවීම ගැන විමර්ශන කළා. ‍පොලීසියෙන් ප්‍රකාශ ගත්තා මතකද?

සාක්ෂිකාරිය - ඒ වෙලාවේ හැටියට ප්‍රකාශ කළා.  මගේ ඇසින් දුටු දේ කීවා.

නීතිඥ තුසිත -  කලින් දින සාක්කි දුන් කාන්තාව මතකද?

සාක්ෂිකාරිය -  ඔව්. වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා.

නීතිඥ තුසිත - ඇය සමග ආපු කෙනා මිය ගියා.

සාක්ෂිකාරිය - ඔව්. කුරාම් ෂෙයික්.

 නීතිඥ තුසිත - කොපමණ කලක් ඔවුන් හෝටලයේ හිටියද?

සාක්ෂිකාරිය - දෙසැම්බර් 16 හෝ 17 වැනි දිනක තමයි ආවේ. දෙසැම්බර් 24 දක්වා ඔවුන් හෝටලයේ රැඳී සිටියා.
එයාලා සිටියේ 4, 5 කබානා කාමරයක හෝටලයේ උඩුමහ‍ලේ තමයි මේ කාමර තිබෙන්නේ. එක ගොඩනැගිල්ලක කබානා කාමර 2ක් තිබෙනවා. යට එකයි උඩ එකයි. විදිහට වෙන් වෙන්ව හදලා තියෙනවා.

නීතිඥ තුසිත -  ඔබට මතකද කුරාම් ෂෙයික් මොන ජාතිකයෙක්ද කියලා.

සාක්ෂිකාරිය - ඔව්. ඔහු ඉපදුනේ වෙන රටක වුණත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කියලා දැනගත්තා.

නීතිඥ තුසිත -  වික්ටෝරියා රුසියන් කාන්තාවක්

සාක්ෂිකාරිය - ඔව්.

නීතිඥ තුසිත  -  කුරාම්ගේ මෘත ශරීරය ඔබ හඳුනා ගත්තාද?

සාක්ෂිකාරිය - ඔව්.

නීතිඥ තුසිත -  මරණ පරීක්ෂණයක් තිබුණා තංගල්‍ලේ අධිකරණයේ.

සාක්ෂිකාරිය - සියල්ල ඒකාකාරයෙන් මතක නැති වුණත් එහිදී මම සාක්ෂි දුන්නා මතකයි.

නීතිඥ තුසිත - 2011  දෙසැම්බර් 24 වෙද්දී කී දෙනෙක් හිටියාද හෝටලයේ.

සාක්ෂිකාරිය - ඒ වෙනකොට සියලුම කාමර පිරිලා තිබුණේ.

නීතිඥ තුසිත - විදේශිකයින් කී දෙනෙක් විතර එහි එදා හිටියද?

  සාක්ෂිකාරිය -  75 පමණ හිටියේ විදේශිකයින්.

නීතිඥ තුසිත -  දේශීය සංචාරකයෝත් හෝටලයේ හිටියාද?

සාක්ෂිකාරිය -  පවුල් වශයෙන් කිහිපයක් හිටියා. මම හිතන්නේ පවුල් 4ක් 5ක් 6ක් විතර.

නීතිඥ තුසිත - විදේශීය සංචාරකයන් යුවල ලෙසද හිටියේ

සාක්ෂිකාරිය - පවුල් වශයෙන් හිටියා. කුඩා දරුවන් සමග ඔවුන් භාරකරුවන් හිටියා.

නීතිඥ තුසිත -  ඔබ රාජකාරි කරද්දී නිවාඩු ගන්නවාද?

සාක්ෂිකාරිය - ඔව්. මාසෙකට එක දිගට නිවාඩු දින 5ක් විතර ගන්නවා.

නීතිඥ තුසිත - නයනි දීපිකා ඔබට කලින් රැකියාවට ආවද?

සාක්ෂිකාරිය -  නැහැ . අපි දෙන්නා එක වගේ දිනවල තමයි හෝටලයට මුලින්ම ආවේ.
 දෙසැම්බර් 24 දා නත්තලට පෙර දින අපි සංවිධානය කළා උත්සවයක්. මෙය කෑම සහිත සංගීතයක් ඇතුළත් උත්සවයක්. නත්තලට මගේ ප්‍රධානත්වයෙන් තමයි මෙය සංවිධානය කළේ.
 අපි අමතර ආදායමක් උපයාගන්න මෙය ලැහැස්ති කළා. රෑ කෑම බිම ජාති වගේම සංගීත, නැටුම් වැඩසටහන් රැසක් මෙයට  ඇතුළත් කළා.

නීතිඥ:- උත්සවය ගැන යම් ආකාරයේ ප්‍රචාරයක් ලබාදී තිබුණද?

සාක්ෂි :- මේ ගැන සඳහන් පත්‍රිකා බෙදා දීලා තිබුණා. ඒ ප්‍රදේශයේ දන්න අයටත් කියා තිබුණා. යම් මුදලකට පිට අයටත් ඇතුළු වෙන්න ඉඩ දුන්නා. ඇතුළත් වීමට ටිකට් එකක් මුද්‍රණය කළා. ඒවා හෝටලයට එන අයට විකුණන්න තමයි තිබුණේ.

නීතිඥ:- එදින හෝටලයේ කාමරවල කී දෙනෙක් විතර රැඳිලා හිටියද?

සාක්ෂි :- හිටපු ගණන මට හරියට කියන්න බෑ. එහි වැඩි පිරිසක් හිටියේ විදේශිකයෝ. දෙන්නාට තුන් දෙනාට කුඩා ළමුන්ට ආදී ලෙස කාමර අපි සකසා දී තිබුණා.

නීතිඥ :- සාදයට කෑම විශේෂයෙන් තිබුණද?

සාක්ෂි:- අපේ ප්‍රධාන කෝකියා වෙනම ආහාර වට්ටෝරුවක් හැදුවා.

නීතිඥ:- සංගීතයට මොන වගේ තැනක්ද තිබුණේ

සාක්ෂි:- රෙස්ටුරන්ට් එකේම කොටසක් වෙන් කළා සංගීත කණ්ඩායම ඩී.ජේ. ට ආරාධනා කළා.

නීතිඥ :- කී දෙනෙක් ඒ වැඩේට ආවද?

සාක්ෂි :- මගේ මතකයේ හැටියට එක්කෙනයි. ඔහු තැටි වාදනය කළා.  රැඟුම් දක්වන්න ස්ථානයක් තිබුණා. සවස් වරුව වෙද්දී සරසලා ඉවර කළා.

නීතිඥ :- හෝටලයේ පිහිනුම් තටාකයක් තියනවද?

සාක්ෂි :- වෙරළ හෝටලයේ එක මායිමක්. කළපුව අනෙක් මායිම වුණා. තංගල්ල ටවුම පහු කරලා  හම්බන්තොට දෙසට එද්දී මැඩිල්ල ප්‍රදේශයේ මුහුද පැත්තට තමයි හෝටලය තිබුණේ. පාරේ සිට කි.මී. 2 1/2 පමණ ගිහාම හෝටලය හමුවනවා. පිහිනුම්  තටාකයක් එහි තියනවා.

නීතිඥ:- ආරක්ෂක අංශයක් තිබුණද?

සාක්ෂි:- වෙනම සමාගමකට දීලා තිබුණා. වරකට ආරක්ෂකයන් දෙදෙනකු සිටිනවා.

නීතිඥ දෙසැම්බර් 24 දාත් ඔවුන් හිටියාද?

සාක්ෂි :- එහෙමයි.
ඔවුන් හිටියේ ගේට්ටුව ළඟ
වාහන සටහන් කරන්නෙත් එයාලමයි.

නීතිඥ :- 24 දා සාදයට පිට අයටත් ආරාධනා කළාද?

ඔව් බුෆේ ක්‍රමයට කෑම තිබුණා. පිට අයටත් එන්න හැකියාව තිබුණා. විදේශීය දේශිය පාන ගන්න බලපත්‍ර තියන මත්පැන්  අලෙවි හලක් තිබුණා. වීදුරු වලට විකුණන අවස්ථා තියනවා. පිට අයට වුණත් හෝටල් මිලටම මත්පැන් විකුණනවා.

නීතිඥ :- දේශීය විදේශීය මත්පැන් තිබුණද?

සාක්ෂි :- මත්පැන් භාරව සිටි කෙනාගේ රාජකාරිය දේශීය විදේශීය අයට බිම ලබා දීම. මුදල් දෙන්නෙ බිලක් දාලා පිළිගැනීමේ කවුන්ටරයට. අවසානයේ ඔවුන්ගේ කාමරයේ අංකය දාලා පිටවන මොහොතේ බිල ගෙවනවා.

නීතිඥ:- සාදය කොහොමද සූදානම් කළේ

සාක්ෂි :- සවස 7.30ට පටන් ගන්න තිබුණේ. භෝජනාගාරයේ  පුටු මේසවලට සැරසිලි කළා. නත්තල් ගස සැරසුවා.

නීතිඥ :- මිය ගිය කුරාම් සරසා දුන්නා

සාක්ෂි :- ඔව්. උදේ රැඳී සිටියා. භෝජනාගාරය හා නත්තල් ගස සරසන්න උදව් කළා. ඒ අය යම් කිසි කලක් හෝටලයේ සිටියා. මා සමග හා අනිත් අය සමග හිතවත්ව හිටියා. ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් හුවමාරු කරගත්තා.

නීතිඥ :- ආලෝක සම්බන්ධ සැරසිලි කළාද?

සාක්ෂි :- සංගීතය සපයන අය පැත්තක් ඒකාලෝක කරලා තිබුණා. පිහිනුම් තටාකය තියෙන්නේ (මා) කළමණාකාරිය ඉන්න තැන සිට මී. 13 එහායින්. මත්පැන් විකුණන තැන කළමනාකාරිය ඉන්න තැන සිට  මීටර් 6,7 දුරින්

නීතිඥ :- එදා සාදය ගැන විස්තර කරන්න.

සාක්ෂි :- විදේශිකයෝ හා දේශිකයෝ එන ආකාරයට පටන් ගත්තා.

නීතිඥ :- කුරාම් හා වික්ටෝරියා සහභාගි වනවා දැක්කද?

සාක්ෂි :- ඔව් කුරාම් ෂේක් තද පැහැති කලිසමක් අත් රහිත ටී ෂර්ට් එකක් වික්ටෝරියා ගවුමක් ඇඳගන හිටියේ. මත්පැන් හල අසල සිටිනවා දැක්කා. නටනවා දැක්කා. සෑහෙන ප්‍රමාණයක් ආවා.  8.30 -9.00 වෙද්දී ආහාර සූදානම් කරලා තිබුණා. එළියෙන් ගිනි මැලයක් සංවිධානය කළා. ඇතුළට පැමිණෙන විට දකුණු අත පැත්තේ. ගිනි මැලය හෝටල් සම්ප්‍රදායේ  සංකේතයක්. රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් කරලා තිබුණා. රාත්‍රී 12.00 නත්තල උදා වනවාත් සමග පත්තු කරන්න. සාදය අතරතුර මා සොයා බැලුවා. අළුතින් එන අය  ලියාපදිංචි කළා. පිටින් එන අය ආහාර වලට හා මත්පැන්වලට ලබාගන්නා ආකාරයට  මුදල් අය කළා. මගේ අයිතිකරු ඒ වෙද්දී විදේශගත වෙලා හිටියේ.  ඔහු සියලුම  මත්පැන් ලබා දීලා තිබුණේ. අලෙවි කරන මුදල් සේවකයා බිලක් ගෙන පිළිගැනීම් නිලධාරිට දෙනවා. පිට අය 10,12 පමණ ආවා. කලින් දැකලා පුරුදු අය ආවා. මීට කලිනුත් හෝටලයට එනවා. ඒ පළාතේ ප්‍රාදේශීය සභා සභාපතිතුමා නිතරම එනවා.

ඔහු සම්පත් චන්ද්‍රපුෂ්ප. සාමාන්‍යයෙන් ඔහු හෝටලයට යන එන කෙනෙක්. රෑ කෑම අරගෙන යන්න එනවා. මා රාජකාරියට අදාළ දෙයක් මුදල් ගෙවන විට කථා කරනවා ඔහු සමග. ඔහු දැන් අධිකරණයේ සිටිනවා. (ඔහුව හඳුනා ගනී) එදා තවත් පිරිසක් සමග ආවේ 6,7 දෙනෙක් පමණ සමග. ස්වාමීනි 8.30-9.15 අතර වෙලාවක.

වාහනයක ආවද මා දුටුවේ නෑ. ඇතුළු වීමේ දොරටුවෙන් ආපන ශාලාවට ආවා. අමුත්තෙක් ආවම පිළිගන්න විදිහට පිළිගත්තා. ඒ පිරිස එකටම හිටියා. මම දුටුවා මගේ සේවකයකු උදව් කළා. ඔවුන් මත්පැන් ඇනවුම් කළා. සංගීතය වාදනය වෙමින් තිබුණා.  4,5 දෙනෙක්  නටමින් සිටියා. මගේ දියණිය හා පුතත් එදා සාදයට ඇවිත් හිටියා. සම්පත් සමග කලින් පැමිණ අයගෙන් එක් අයෙක් මෙතන ඉන්නවා. වෙනදට මුදල් ගෙවන්න එන කෙනා එතන හිටියේ නෑ. ඒත් දෙතුන් දෙනෙක් මා කලින් දන්න අය ඔහුත් සමග ආවා.

මම මත්පැන් අලෙවි හල ළඟම තමයි හිටියේ. ගිනි මැලය අසල රතිඤ්ඤා පත්තු කළා. සංගීතය පටන් අරන් තිබුණේ. ඝෝෂාකාරී බව තිබුණේ මට කෑකෝ ගසන හඬක් ඇසුනා. ගිනි මැලය පැත්තෙන් එහාට  මම එහාට ගියා. මේ උත්සවයට සහභාගි වෙච්ච කෙනෙකුට ගහනවා. ඔහු පිටින් ආපු කෙනෙක් දවෛනි කළමනාකාරිනියක් කෑ ගහලා ගහන්න එපා කීවා. පිළිගැනීම් කවුන්ටරය අසලට ආවා. ගුටි කාපු කෙනා ටික ටික ආවා. ‍පොකුරට ගැසුවේ. සම්පත්  හා අනිත් අය පහර දෙනවා දුටුවා. මගේ අනිත් කළමනාකාරිනිය මෙය මැඩ පවත්වන්න උත්සාහ කළා. අතින් පයින් පහර දුන්නා. භෝජනාගාරයේ සේරම කලබල වුණා. පහර දුන් අයගේ රූප දෙකක් මතකයි. කවුරුත් නැවැත්තුවේ නෑ. කුරාම් ෂෙයික් එනවා දැක්කා. 

කුරාම්ට මම නවතින්න කීවා. ඔහු නැවතුනේ නැහැ. එතනට ගියා. කුරාම් හිතුවේ අපේ සේවක මඩුල්‍ලේ  කෙනකුට කරදරයක් කියලයි. මාව තල්ලු කරලා ඔහු ඉදිරියට ගියා.

නීතිඥ :- ඔහුගේ අතේ මුකුත් තිබ්බද? කුරාම් ඉංග්‍රීසියෙන් ඇහුවා මෙකක්ද කරන්නේ කියලා අතේ මුකුත් තිබුණේ නෑ.

කුරාම් ආවේ පූල් එක පැත්තේ ඉඳලා. පහර දෙමින් සිටි කෙනෙකුට කුරාම් ගැහුවා. අමුත්තන් මා වට කර ගත්තා. පහර කෑමට ලක් වූ කෙනා ඉන්පසු මා දුටුවේ නෑ. පහර දීපු අය තරහින් හිටියේ. කුරාම් පූල් එක පැත්තට ගියා. ඒ කට්ටිය කුරාම්ට අතින් ගැහුවා. කුරාම් නාන තටාකය අසලට ආවා. වික්ටෝරියා නාන තටාකය ළඟ ඉඳලා කුරාම් ඉන්න පැත්තට යන්න උත්සාහ කළා. වික්ටෝරියාට කෙනෙක් ගැහුවා. පුටුවලින් ගැහුවා. එයාව පුල් එකට වැටුණා. ගෘහ පාලන අංයේ තරිඳුටත් ඒ අය ගැහුවා. වික්ටෝරියාවට හැම පැත්තෙන්ම ගැහුවා.

තව කෙනෙක් කීවා. නවත්තපල්ලා නවත්තපල්ලා  දැන් ඕක ඇති කියලා කීවා. 5 වෙනි විත්තිකරු හඳුනාගනී. වික්ටෝරියා උඩට එන්න දැඟලුවා. එයාට එන්න  දුන්නේ නෑ ගැහුවා . කවුරු හරි කීවා ‍පොලීසියට කථා කරන්න. ‍පොලීසියට කථා කරන්න කියලා.
මම ‍පොලීසියට දැනුම් දෙන්න  රෙසිප්ෂන් එකට ගියා.

ඒ වෙලාවේ හැටියට 119 අපේ මතකයේ හිටියේ නෑ. සම්පත් සමග සිටි කෙනෙක් ඇවිත් තුවක්කුව දික්කරලා කීවා ඛිචතත ගන්න එපා උඹව මරනවා කියලා. මම මුකුත් කීවේ නෑ බලාගන හිටියා. ඊට පසු මම ඉවත් වුණා එතනින් ඒක තුවක්කුවක් කියලා දන්නවා.

ගෙස්ට්ලා සී. සී. කඩ. මම මගේ දරුවෝ දෙන්නා රූම් එකකට දැම්මා. මම පූල් එක පැත්තට ගියා. නැවත කුරාම් වැටිලා හිටියා. වික්ටෝරිය කුරාම්ට කෘත්‍රිම ස්වසනය දෙන්න උත්සාහ කළා. කුරාම් නැගිටලා යන්න උත්සාහ කළා. කුරාම්ව වැටුණා කෝ හෝටලයේ මැනේජරයා කියලා කවුද අහනවා මට ඇහුණා.
නයනී උත්සාහ කළා කුරාම්ව ඔසවන්න. මම නයනිවයි චෙප්වයි ලොන්ඩරිය ළඟ තිබ්බා. තාරක කියලා ළමයෙක් නැවත කුරාම් ළඟට ගියා.

නීතිඥ :- තංගල්ල අධිකරණයේදී හඳුනාගැනීම් පෙරෙට්ටුවට ගියාද ?

ඔව්, හෝටලයේ ඉඳලා ගියේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවට පෙර ගෙදර ගිහින් ආවා.

මා යම් පිරිසක් හඳුනාගත්තා විත්තිකාර (1,3,4,5) හඳුනාගනී. පළමු විත්තිකරු. ටී ෂර්ට් එකක් ඇඳලා හිටියා. තුන්වන විත්තිකරු සම්පත්. මුලින්ම රණ්ඩු වන වෙලාවෙ හිටියා. සම්පත් අතින් පහර දුන්නා. පූල් එක ළඟදී කුරාම්ට ගැහුවා. සුදුපාට ඇඳුමක් ඇඳලා හිටියේ.

4 වන විත්තිකරු තුවක්කුව දික්කරලා කෝල් එකක් ගත්තොත් මරනවා කීවා.

5 වන විත්තිකරු කිසිම දෙයක් කළේ නෑ. අපි යන් යන් ඵයලා ඉල්ලීමක් කළා. හෝටලයේ හිස් බෝතල් සීසිකඩ. භෝජනාගාරය අවුල් වෙලා. මත්පැන්හ‍ලේ තිබූ මත්පැන් බෝතල් නැතිවෙලා තිබුණා. බාස්කට් පිටින්ම මත්පැන් ගෙනිහින් තිබුණා. මල් ‍පෝච්චි ගෙනිහින් තිබුණා. ගිනි මැලය අසල පුටුවලට අලාභහානි 
වෙලා තිබුණා

. ගුටි කාපු කෙනා මා ළඟට පසුව 25 දින ඇවිත් කීවා මම තමයි ගුටි කෑවේ මම රයන් කියලා. රණ්ඩුවත් සමග සංගීතය නැවැතුණා. හුඟාක් අය එහෙට මෙහෙට ගියා. ප්‍රහාරය එල්ලවීම කොයි ආකාරයටද පටන් ගත්තෙ මා දන්නෙ නෑ. 
මම ඇඳන් හිටියේ ඩෙනිමක් හා පාට පාට කමිසයක්. අපි කෑගැහුවා ඕක නවත්වන්න මේක ගෙස්ට්ලා ඉන්න තැනක් කියලා.

නීතිඥ තුසිත් මුදලිගේ :- 2011 දෙසැ. 24,25 සිදු වූ සිද්ධියට සම්බන්ධ රයන්ට ගැහුවේ කවුද ?

සාක්ෂිකාරිය :- සම්පත්ව හොඳට මතකයි. තව 6,7 විතර හිටියා එතන. කළු පුද්ගලයා (ලහිරු කැළුම්) පැහැදිලිවම දැක්කා. ගහනවා වගේම කට්ටිය කෑගැහුවා. පළමු විත්තිකරු කෑගැහුවා. කලබලකාරී ස්වභාවයක් ඇති කළා. මගේ සේවකයෝ හරිම කලබලයට පත්වෙලා හිටියේ. මේස පුරා කැඩුණු බිඳුණු බෝතල් දැක්කා. වික්ටෝරියා මම වගේම ගැහැනු කෙනෙක්. ඇයව බේරාගන්න මා උත්සාහ කළා. නාන තටාකය වටේට හැම තැනම රුධිරය දැක්කා. කුරාම්ගේ ඇඟෙත් රුධිරය තිබුණා. මමයි තවත් කෙනෙකුයි (අමිත්) එහා පැත්තේ පැරඩයිස් හෝටලය පැත්තට දිව්වා. මැනේජර්ලා කෝ කියලා හොයද්දී බය වුණා. වෙරළ ඔස්සේ දිව්වා. ලොන්ඩරියේ රෙදිවලින් නයනි දීපිකාවත් චෙෆ් වත් වැහුවා. මගේ දුවයි පුතයි හෝටලයේ කාමරයක දාලා ලොක් කරලා ගියේ.

ආපසු එද්දී මහා භයානක තත්ත්වයක් තිබුණේ. මගේ සේවකයෙක් (තාරක) සමග කුරාම් හා වික්ටෝරියා රෝහලට අරන් ගිහින් තිබුණා. අපි ගිහින් විනාඩි ගණනකින් ‍පොලීසිය ආවා.    නත්තලට අලෙවි කරන්න තිබුණු මත්පැන් බෝතල් අරන් ගිහින් තිබුණා. මත්පැන් තිබූ කූඩෙත් නෑ. වේවැල් කූඩයක් හැඩ්ල් එකක් තිබුණා.

වේවැල් කූඩය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කරයි. එය හඳුනාගනී. මත්පැන් බෝතල් 6,7 පමණ දාලා තිබුණා. විදේශීය මත්පැන් වයින් තිබුණා. සෑහෙන වටිනාකමකින් යුක්තයි. මත්පැන් බෝතල් පෙන්වයි. (ඒවා හඳුනාගනී)

නීතිඥ තුසිත් මුදලිගේ :- තුවක්කුව එල්ල කරනවා දැක්කා ද? හඳුනාගත හැකිද ?

සාක්ෂිකාරිය :- මම සිටින තැනට ටිකක් එහායින් හිටියේ දිග ප්‍රමාණය කියන්න අමාරුයි තුවක්කුවේ.

නීතිඥ :- හෝටලයේ අලාභය කොපමණ විතරද කියලා කිව හැකිද ?

සාක්ෂිකාරිය :- රුපියල් ලක්ෂයකට 
ආසන්න මුදලක්.

පැමිණිල්ල ප්‍රශ්න අවසන් කර විත්තියේ හරස් ප්‍රශ්න අරඹයි. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහගේ හරස් ප්‍රශ්නවලට කළමනාකාරිනිය
පිළිතුරු දුන්නාය.

නීතිඥ ජයන්ත :- ‍පොලීසියට කටඋත්තරයක් දුන්නේ කවදාද ?

සාක්ෂිකාරිය :- සිදු වූ සිද්ධිය ‍පොලීසියට කීවා. කටඋත්තරයක් දුන් හරිම වෙලාව මතක නෑ. හුඟාක් අය ප්‍රශ්න ඇහුවා.

නීතිඥ ජයන්ත :- අත්සන් කීයක් 
ගැහුවාද ?
සාක්ෂිකාරිය :- එක් තැනකදී අත්සන් කළා.  තව කී පාරක් අත්සන් කළාද මතක නෑ.

නීතිඥ ජයන්ත :- මුලින්ම ආවේ තංගල්ල ‍පොලීසිය.

සාක්ෂිකාරිය :- ඔව් මගෙන් විස්තර ගත්තා.

නීතිඥ ජයන්ත :- ඊට පස්සේ ඛි..ච් කට උත්තර දුන්නාද

සාක්ෂිකාරිය :- ඔව් තවත් ඒ වගේම පිරිසක් කටඋත්තර ගත්තා.

නීතිඥ ජයන්ත :- මාතරට ඛි..ච් එකට ගෙනිච්ච්ෙ කවදාද?

සාක්ෂිකාරිය :- 25 දින දිවා ආහාරයට පසු මම හිතන්නේ. ඛි..ච් එකෙන් එකෙන් ප්‍රශ්න කළේ සුමිත් එදිරිසිංහ මහතාගේ කාමරයේදී. හෝටලයේදී සිවිල් ඇඳුම් ඇඳගත් පිරිසක් කටඋත්තර ගත්තා. අත්සන් කළාද නැද්ද මතක නෑ. දිගටම ප්‍රශ්නම තමයි ඇහුවේ.

නැවත නඩු විභාගය අද  (අප්‍රේල් 02 )දින සවස 1.30ට පැවැත්වේ.

නිශානි හේරත් බන්නැහැක


ස්ට්‍රේලියාව ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ සුන්බුන් අතුරුදන් වූ යානයේ නොවන බව ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. 

චන්ද්‍රිකා ඡායාරූප අනුව ඕස්ට්‍රේලියා හා චින නෞකා යොදා සිදුකරන ලද සෝදිසියක දි සොයාගත් සුන්බුන් කොටස් ධීවරයන් විසින් මසුන් ඇල්ලීමට යොදාගත් උපකරණ බව ඔවුන් පවසා ඇත.

 ඕස්ට්‍රේලියාව විසින් චන්ද්‍රිකා ඡායාරූප පිළිබද අනාවරණය කිරීමෙන් පසු මැලේසියා බලධාරීන් කියා සිටියේ එම්.එච්.370 ගුවන් යානය ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බවයි. 

එම කොටස් ගුවන් යානයේ ‍‍නොවන බව තහවරු වීමත් සමග යානයේ අතුරුදන්වීම තවදුරටත් අභිරහසකි

ලොව වටා සරද්දී අතුරුදන් වූ ‘ඇමෙලියා ඉයර්හාර්ට්’
 ‘ඇමෙලියා ඉයර්හාර්ට්’ යනු ඇමරිකානු කාන්තා ගුවන් නියමුවරියකි. ඇය ගුවන් යානයකින් ලොව වටා සැරිසරද්දී එය හිටිහැටියේ අතුරුදන් වූයේ වර්ෂ 1937 ජූලි 2 වැනිදාය. අත්ලාන්තික් සාගරය හරහා තනිව ගුවන් යානයක් ප්‍රථමවරට පදවාගෙන ගිය කාන්තාව වන්නේද ඇයය. පැසිෆික් සාගරය මධ්‍යයේ හෝල්න්ඩ් දූපත් ප්‍රදේශයේ මෙම යානය හිටිහැටියේ අතුරුදන්විය. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ මෙහි ඉන්ධන අවසන් වී මුහුදට කඩා වැටෙන්නට ඇති බවය. තවත් අදහසක් වන්නේ ඇමෙලියා ඇමරිකානු ජනපතිවරයකු වූ ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් වෙනුවෙන් ඔත්තු බැලීමෙහි නිරත වූ බැවින් ජපනුන් විසින් අල්ලා ගන්නට ඇති බවය. තවත් අදහසක් වන්නේ යානය ජපාන දූපතකට කඩා වැටී ඇමේලියා එහිදී මිය යන්නට ඇති බවය. ඇය මෙම අනතුරින් ජීවිතය ගලවාගත් බවත් පසුව නිව්ජර්සියට ගොස්  නම වෙනස්කොට රහසේ ජීවත් වූ බවට අදහසක්ද ඇති අතර පිටසක්වලයන් විසින් පැහැරගත් බවටත් ඇතැමෙක් අදහස් දක්වති.

ඉංග්‍රීසි ඕඩයට ඉහළ අහසේදී අතුරුදන් වූ ග්ලෙන් මිලර්ගේ යානය
ග්ලෙන් මිලර් යනු දෙවැනි ලෝක යුද සමයේ මිත්‍ර හමුදා වෙනුවෙන් සටන් වැදුණු අති දක්ෂ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් හමුදාවට අයත් නියමුවෙකි. ඔහු මෙලොව ජීවත්ව සිටි අවසන් රාත්‍රිය ලෙස සටහන් වන්නේ 1944 දෙසැම්බර් 14 වැනිදාය. ඒ බ්‍රිතාන්‍යයේ බෙඩ්ෆෝර්ඩ්වලට අයත් මිල්ටන් අර්නස්ට් හිදීය. පසුදා ඔහුට ප්‍රංශය බලා පියාසර කරන්නට නියමිතව තිබිණි. ඔහු ඇතුළු පිරිස රැගත් යානය ආර්.ඒ.එෆ්. ටින්වුඩ් ගොවිපළ භූමියෙන් පිටත්ව ගිය අතර ඉංග්‍රීසි ඕඩයට ඉහළ අහසේදී එය අතුරුදන්  විය. අතුරුදන් වීම 
ළිබඳ ඉදිරිපත් වූ එක් මතයක් වූයේ තනි එංජිමක් සහිත මෙම යානයේ ඇති වූ ගින්නක් නිසා කඩා වැටෙන්නට ඇති බවය

ජර්මනියට අයත් පුවත්පතකින් පැවැසුණේ ඔහු ප්‍රංශයට ගිය බවත් එහි ගණිකා නිවාසයකදී හෘදයාබාධයකින් මියගිය  බැවින් එම සිදුවීම බ්‍රිතාන්‍ය වසන් කරන බවත්ය.


බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස උපත ලබමින් අතුරුදන් වූ ගුවන් යානා
1945 දෙසැම්බර් 5 වැනිදා වර්තමාන බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් වූ අහසේදී ගුවන්යානා හයක් හිටිහැටියේ අතුරුදන් විය. බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස් කතන්දරයද ඒ සමගම උපත ලැබුවේය. දක්ෂ පළපුරුදු ගුවන් නියමුවකු වූ චාර්ල්ස් ටේලර්ගේ මූලිකත්වයෙන් පුහුණු වීමේ ගුවන් සැරියක් සඳහා මෙම යානා හය ෆ්ලොරිඩාවේ ෆෝර්ට් ලෝර්ඩඩේල් වෙතින් අහසට නැගුණි. පැය එකහමාරකට පමණ පසු  නියමුවන් වාර්තා කළේ තම ගමන් මාර්ගය හිටිහැටියේ වෙනස් වූ බවත් පහළින් ඇති කිසිදු භූමි ලක්ෂණයක් හඳුනාගන්නට හැකියාවක් නොමැති බවත්ය. ටේලර් වැඩිදුරටත් පවසා තිබුණේ තම මාලිමා යන්ත්‍රය නිවැරැදිව ක්‍රියා නොකරන බවය. ගුවන් යානා මෙහෙයුම් කුටියේ කාර්ය මණ්ඩලය කොතෙක් උත්සහ ගත්ද මෙම යානා පිහිටි ඛණ්ඩාංකයන් සොයා ගන්නට හැකියාවක් ලැබුණේ නැත. කාලගුණයද අයහපත් වූ අතර යානා සියල්ලම මුහුදට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කෙරිණි.

තවත් කනගාටුදායක සිදුවීමක් වන්නේ මෙම යානා අතුරුදන් වීම පිළිබඳ සොයා බලන්නට පිටත්ව ගිය යානයද අතුරුදන් වීමය. එම යානය රාත්‍රී 7.30ට පිටත්ව ගොස් තිබූ අතර නැවත එයින් කිසිදු පණිවුඩයක් ලැබුණේ නැත. එහි සිටි 13 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලයද මියගිය බවට සැක කෙරේ.


ස්ටාර් ඩස්ට් යානය සහ අභිරහස් මෝර්ස් කේත
ලැන්කැස්ටර් වර්ගයේ බෝම්බ හෙළීමේ යානා මාදිලියට අයත් සාමාන්‍ය මගී ගුවන් යානයක් වූ ‘බි.එස්.ඒ.ඒ. ස්ටාර් ඩස්ට්’ ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් සිට චීලියේ සන්තියාගෝ බලා පියාසර කරමින්  තිබියදී අතුරුදන් විය. එම අතුරුදන්වීමත් සමග අභිරහස් රැසක් ලොව හමුවේ ඉතිරි විය.
මෙම ගුවන් යානය අයත්ව තිබුණේ බ්‍රිටිස් සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමට වූ අතර එහි පැදවූයේ පළපුරුදු 
ගුවන් හමුදා නියමුවකු වූ රෙජිනෝල්ට් කුක්ය.

 ඔහු 1947 අගෝස්තු 2 වැනිදා 
ප.ව. 1.46ට බුවනෝර්ස් අයර්ස් කෙරෙන් පිටත්ව අන්දීස් කඳු මතින්
 යානය ධාවනය කොට ඇත. යානය ගමනාන්තයට ළඟා නොවූ මුත් එය අතුරුදන් වන්නට පෙර එහි සිටි ගුවන් විදුලි සංඥා මෙහෙයවන්නා මෝර්ස් කේතයකින් පණිවුඩයක් එවා තිබිණි. එහි  ඉඊජ්ව්ච්ජ්ඛි ලෙස සටහන් විය.

ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න සහ මෙම මෝර්ස් සංඥාවෙහි අරුත පිළිබඳ වසර ගණනාවක් තිස්සේ විවිධ පුද්ගලයෝ විවිධ මත ඉදිරිපත් කළහ. ඇතැමෙකු පැවැසුවේ එය පිටසක්වල යානයක ප්‍රහාරයකට ලක් වූ බවය. එහි ගමන්ගත් මගියකු සතුව තිබූ  රාජ්‍ය තාන්ත්‍රික ලියකියැවිලි විනාශ කිරීමේ අරමුණින් යමෙකු විසින් මෙය පුපුරුවා හැරී බවටද මතයක් ද පළවිය.
වඩාත් පිළිගත හැකි මතයක් වූයේ මෙම යානය අත්වැරදීමකින් සිරස් හිම ක්‍ෂේත්‍රයක් අසලින් ගමන් කරද්දී ඇති වූ හිම නායයාමකට අසුව කඩා වැටී මුළු යානයම හිමෙන් වැසී යන්නට ඇති බවය.
වසර 5ක් ගත වන තුරු ද ස්ටාර් ඩස්ට් යානය සොයාගත නොහැකි විය. අවසානයේ එය සොයා ගනුලැබුයේ කඳු තරණය කළ ආර්ජන්ටිනානුවන් දෙදෙනකු විසිනි. ඔවුනට මෙහි ඇංජිමේ කොටස් සහ රෙදි කැබලි කිහිපයක් සොයා ගන්නට හැකිවිය.


බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදන් වූ ‘ස්ටාර් ටයිගර්’
 ඇසෝරස් හි සැන්ටා මාරියාවල සිට බර්මියුඩාව දක්වා ගමන් ගත්
බ්‍රිටිෂ් සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමට අයත් ‘ස්ටාර් ටයිගර්’ යානය 1948 ජනවාරි 30 වැනිදා හදිසියේම අතුරුදන් විය. මෙම යානය ගුවනට නංවන ලද්දේ අධික සුළං සහිත අවස්ථාවක වන අතර එහි මගීහු 25 දෙනෙකු සිටියහ. ඔවුන් අතර දෙවැනි ලෝක යුද සමයේ යුධ වීරයකු වූ එයාර් මාර්ෂල් ශ්‍රීමත් ආතර් කොනින්ග්හැම්ද සිටියේය. අධික සුළඟ හේතුවෙන් යානය ගමන් කළේ බොහෝ පහළිනි. අයහපත් කාලගුණය නිසා මෙම මගී යානය සඳහා මග පෙන්වීමට ලැන්කැස්ට්‍රියානු යානයක්ද ඉදිරියෙන් ගමන් කළේය.

යානය හදිසියේම මාර්ගයෙන් ඉවතට ගිය අතර බර්මියුඩාව අසලදී කුණාටුවකට මැදිවිය. එහි යහමින් ඉන්ධනද තිබිණි. අලුයම 4න් පසු මග පෙන්වන යානය සුරක්ෂිතව ගමනාන්තයට පැමිණයද ස්ටාර් ටයිගර් යානය පැමිණියේ නැත.

මෙහිදී පළ වූ අදහසක් වූයේ මෙය බොහෝ පහළිින් ගමන් කළ බැවින් ප්‍රබල කුණාටුවකට හසුව මෙය මුහුදට ගසාගෙන යන්නට ඇති බවය. එසේත් නැත්නම් උන්නතාංශමානයේ වැරදි සටහන් හේතුවෙන් මෙය සාගරය මතට ධාවනය කරන්නට ඇති බවය.

ෆ්ලයිට් 191 යානාවල අබිරහස
එක්තරා අංකයක් නිසා යම් අනතුරක් වූයේ යැයි පැවැසුවහොත් එය ඇතැම් විට යමෙකු විහිළුවකට ගනු ඇත. නමුත් ඒ අංකය නිසා අනතුරු කිහිපයක්ම සිදු වූයේ නම් එහි යම්කිසි දෙයක් තිබිය හැකිය. මේ එවැනි කතාවකි.

ඇමෙරිකානු ගුවන් ගමන් ඉතිහාසයේ බිහිසුණුතම අනතුර වාර්තා වන්නේ 1979 වසරෙනි. ඒ ෆ්ලයිට් 191 යානයේ අනතුරයි. එය චිකාගෝ හි ඕ ‘හෙයාර් ගුවන් තොටුපළෙන් අහසට නංවා මිනිත්තු කිහිපයක් ඇතුළත  එහි සිටි මගීන් 258 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනාගේ ජීවිත බිලිි ගනිමින් අනතුරට ලක්විය.

ෆ්ලයිට් 191 වර්ගයේ තවත් ගුවන් යානයක අනතුරක් වාර්තා වන්නේ 1967 වසරෙනි. එක්ස් - 15 ලෙස නම් කොට තිබූ එය අත්හදා බැලීමේ ධාවනයකදී අනතුරකට ලක්විය. එහිදී ගුවන් නියමුවා මියගියේය. අනතුරුව 2012 වසරේදී ජෙට් බ්ලූ එයාර්වේස් සේවයට අයත් ෆ්ලයිට් 191ක යානයක නියමුවෙක් ගුවන් ගමන අතරතුර උමතුවෙන් මෙන්  හැසිරී මගියකුගේ පහරකෑමට ලක් වූ බැවින් යානයේ ගමන අතරමගදී නවත්වන්නට සිදු වී හදිසි ගොඩබෑමකට ලක්විය.

ෆ්ලයිට් 191 යානා සම්බන්ධව මෙබඳු අබිරහස් බොහෝ පවතී

ස්ටාර් ඒරියල් යානය අතුරුදන් වීමේ අබිරහස
බ්‍රිටිෂ් සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමට අයත් ‘ස්ටාර් ඒරියල්’ යානය බර්මියුඩාවේ සිට ජැමෙයිකාව කරා ගමන් කරමින් තිබියදී 1949  ජනවාරි 17 වැනිදා අතුරුදන් විය.

මෙයද කලින් සඳහන් කළ ‘ස්ටාර් ටයිගර්’ යානය මෙන් ගුවන්ගත වුයේ පැහැදිලි අහස්තලයක් පවතින විටය. නමුත් ගමන්ගත් මොහොතේ සිට සන්නිවේදන ගැටලුවලට ලක්විය.

මෙය ගමනාන්තයට ළඟා නොවූ අතර එහි සිටි මගීන් 25 දෙනා සහ කාර්ය මණ්ඩලය සෙවීමේ මෙහෙයුමක් දියත් කළ අතර ජනවාරි 25 වැනිදා එම මෙහෙයුම අතහැර දමනු ලැබිණි.

මෙම විමර්ශනයේ නිගමනය වූයේ අනතුරට හේතුව නොදන්නා බවය. එසේ වුවද බ්‍රිටිෂ් 
සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ ඩොන් බෙනට් පැවැසුවේ ‘ස්ටාර් ටයිගර්’ සහ ‘ස්ටාර් ඒරියල්’ යානා දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ කඩාකප්පල්කරුවකුගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල ලෙස විනාශ වූ බවය.


ඔහු තවදුරටත්  පවසා සිටියේ   එවකට සිටි අගමැති ක්ලෙමන්ට් ඇට්ලි මෙම යානා පිළිබඳ විමර්ශන නවතා දමන ලෙස පෞද්ගලිකවම විධාන දුන් බවය.


ෆ්ලයිට් 571 - අන්දීස් අනතුර
උරුගුවේ රාජ්‍යයට අයත් ගුවන් හමුදා යානයකින් 45 දෙනෙකුගෙන් යුක්ත පිරිසක් ප්‍රවාහනය කරමින් තිබිණි. මෙම පිරිස අතර මොන්ටිවීඩියෝවට අයත් රග්බි කණ්ඩායමක්ද සිටියහ. මෙම යානය අයහපත් කාලගුණය නිසා අන්දීස් කඳු අතර අනතුරට ලක්විය.

මෙහිදී යානයේ ගමන්ගත් මගීන් 45 දෙනාගෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඉන්පසුව ගත වූ දින කිහිපයේදී තවත් 6 දෙනෙකු මිය ගියේය. තවත් දින කිහිපයක් ඇතුළත සිදු වූ හිම නාය යාමක් නිසා යානයේ සුන්බුන් අතර රැකවරණයෙහි සිටි 8 දෙනෙකු මරු මුවට පත්විය. ඉතිරි 16 දෙනා කුසගිනි නිවා ගනිමින් ජීවිත ආරක්ෂා කරගනු වස් මියගිය මගීන්ගේ මාංශ අනුභව කළහ.

අනතුරින් දින 72ක් ගෙවී යන තුරු මොවුන්ව සොයාගත නොහැකි විය. මගීන් දෙදෙනකු දින දහයක් තිස්සේ කඳු ශිඛර මැදින් උදව් සොයා ගමන් කළහ. අවසානයේ ඔවුන්ට චිලී ජාතික වෙළෙන්දකු හමුවිය. ඔහු මොවුන්ට ආහාර  දී බලධාරීන්ට 
මේ බව දන්වා යැවීය.

මෙම සිදුවීම අනුස්මරණය කරමින් 1993 දී ‘එලයිව්’
නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කෙරිණි.


ඊජිප්තු එයාර් ෆ්ලයිට් 990 අනතුර
 ඊජිප්තුවට අයත් ‘එයාර් ෆ්ලයිට් 990’ අනතුර වටා අබිරහස් සිදුවීම් කිහිපයක්ම පවතී. එය 1999 ඔක්තෝබර් 31 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළින් කයිරෝ බලා ගමන් ඇරඹීය.

බෝයිං 767 යානයක් වූ මෙය මැසචුසෙට්ස් ප්‍රාන්තයට දකුණින් අත්ලාන්තික් සාගරයේදී මගීන් 217 දෙදෙනා සහ කාර්ය මණ්ඩලය සමග අනතුරට ලක්විය.
මෙහි සහය නියමුවා වූ ගැමියෙල් එල් - බටොවුටි එම යානයේම ගුවන් සේවිකාවක සමග ලිංගික ඇසුරක් පැවැත්වීම නිසා දැඩි අවවාදයකට ලක් වීමක් මෙම ගමන ආරම්භයට ආසන්න අවස්ථාවක සිදුවිය.
ගුවන් සේවයේ නියමු කණ්ඩායමේ ප්‍රධානී හාතෙම් රුෂ්ඩි, එල් - බටොවුටි ට පැවැසුවේ ‘මේක ඔහේගේ අන්තිම ගුවන් ගමන කියාය. එයට පිළිතුර ලෙස එල්- බටොවුටි පැවැසුයේ ‘ඔහේගේ අන්තිම ගුවන් ගමනත් මේක තමයි‘ යනුවෙනි.

 පසුව ප්‍රධාන නියමුවා නාන කාමරයට යාම පිණිස සිය අසුනින් ඉවත්වුණු අතර එල් - බටොවුටි සෙමින් ‘මම දෙවියන් ගැන විශ්වාසය තබමි. යනුවෙන් පවසනු පටිගත කිරීමේ යන්ත්‍රයේ සටහන් වී තිබිණි. ඔහු එසේ පවසා ස්වයංක්‍රීය නියමු ක්‍රියාවලියෙහි පැවැති යානය ඉන් මුදා එය සයුර දෙසට ධාවනය වන්නට සලස්වා ඇත.

ගුවන් යානය පහළට ගමන් කරන අතරේ කිහිප වතාවක්ම ඔහු මෙය පවසා ඇත. ප්‍රධාන නියමුවා යළි නියමු කුටියට පැමිණියද යානය මහ සයුරට ඇද වැටීමෙන් වළක්වා ගන්නට ඔහුට හැකියාවක් ලැබි  නැත.
එක්සත් ජනපද ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය නිගමනය කළේ මෙම අනතුර එල් - බටොවුටිගේ ක්‍රියාව නිසා සිදු වූවක් බවය.

ප්‍රංශයට අයත් ෆ්ලයිට් 447 අනතුර
2009 වර්ෂයේදී බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ සිට පැරීසිය දක්වා මගීන් 288ක් ද රැගෙන ගමන් කරමින් තිබු මෙම ගුවන් යානය අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේදී අතුරුදන් විය.

මේ අතුරුදන්වීම පිළිබඳ කළ විමර්ශනයේ අවසන් වාර්තාවේ සඳහන් වූයේ යානයේ නල තුළ අයිස් කැට සිරවීම නිසා ස්වයංක්‍රීය නියමු ක්‍රියාවලිය බිඳ වැටී මෙය අනතුරට ලක් වූ බවය.

මෙහි කාර්ය මණ්ඩලය වරද නිවැරැදි කර ගන්නට උත්සාහ දරා ඇති අතර එය ව්‍යර්ථවීමේ ප්‍රතිඵලයක් ලෙස යානය මුහුදට කඩා වැටී තිබේ. අනතුරින් පසුව ගෙවුණු මාස කිහිපයේදී මළ සිරුරු 50ක් සොයා ගන්නට හැකිවිය. තවත් මළ සිරුරු 104ක් සමග මෙම යානයට අයත් කළු පෙට්ටිය 2011 මැයි මාසයේදී සොයා ගන්නට හැකිවිය. මගීන් 74 දෙනෙකුගේ මළ සිරුරු මතෛක් හමු වී නැත.

නිරංජන් චාමින්ද
කරුණාතිලක

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery