අපිට හුරුපුරුදු මුහුණු වගේම නුහුරු නුපුරුදු මුහුණු රංගන ක්‍ෂේත්‍රයේ දවසින් දවස වෙනස් හැඩ මවනවා. අපිට මේ දවස්වලත් වෙනස් හැඩයක් මවන හුරු පුරුදු වගේම නුහුරු නුපුරුදු මූනක් මුණ ගැහෙනවා. ඒ රෑන ටෙලි නිර්මාණයෙන් දුන්යා වුණ සුලේඛා ජයවර්ධන .
කොහොමද සුලේඛා?
මේ දවස්වල මාර විදියට වැඩ වැඩියි. රෑන වගේම ඉදිරියේදී විකාශය වෙන්න තියෙන හිමකඳු ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එක්ක තමයි මේ දවස්වල ඉන්නේ.
රෑන ඔබේ පළමු රංගන අවස්ථාව නෙමෙයි නේද?
නෑ. මම නවය ශේර්ණියේදී ප්‍රියා රණසිංහ ආන්ටි අධ්‍යක්‍ෂණය කරපු සමනල වසන්තය ටෙලි නාට්‍යයේ රඟපෑවා. නන්දා මාලනී මහත්මිය ගාව සංගීතය හදාරන කාලේ තමයි ප්‍රියා ඇන්ටි මාව ඒ නිර්මාණයට සම්බන්ධ කරගත්තේ. රෑන කියන්නේ මගේ දෙවැනි නාට්‍ය නිර්මාණය.
කාලෙකට පස්සේ රෑනෙන් රංගනයට එන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
දිලුම් සහ චමීරගේ ගීතයේ මියුසික් වීඩියෝවේ ඉන්නවා දැකලා තමයි රංජන් අයියා මාව රෑනට තෝර ගත්තේ.
රෑනේ දුන්යාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර ගොඩක් තියෙනවා. මම නාට්‍යයේ නපුරු චරිතයක් නිසා ඔයා නපුරු වෙන්න එපා. ඔයාට නපුරු මූණක් නෑනේ කියලා සමහර අය මට massage එවනවා. ඒ විදියට Facebook එකට දවසට පණිවුඩ පනහක් හැටක් එනවා. පාරේ යනකොටත් මාව දැකලා දුන්යා කියලා ළමයි හයියෙන් කෑගහනවා.
දුන්යා සැබෑ ජීවිතයේ සුලේඛමද?
ඇත්තම කිව්වොත් නෑ. දුන්යා වගේම මමත් නටන්න නම් මාර ආසයි. හැබැයි මම දුන්යා වගේ නපුරු නැහැ. මම හරි සංවේදීයි. කලාතුරකින් හරි කවුරු හරි බැන්නත් මම අඬනවා.
ජීවිතයේ ඔබ දැක්ක හීනයක්ද රංගන ශිල්පිනියක් වෙලා මේ හැබෑ වෙලා තියෙන්නේ?
ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම මම රඟපාන්න කැමැතියි. පුංචි දවස්වල සාරි ඇඳන් ටී.වී. එකේ නළු නිළියෝ රඟපාන විදිහට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් රඟපානවා. ඉතිං ඒ නිසා මේ හැබෑ වෙලා තියෙන්නෙත් ඒ මම දැකපු හීනය තමයි.
ඔබට ක්‍ෂේත්‍රයට එන්න දෙගිඩියාවක් තිබ්බේ නැද්ද?
එන්න කලින් මට පොඩි බයක් තිබුණා. හැබැයි ආසාව නිසා මම ක්‍ෂේත්‍රයට ආවා. හැබැයි එන්න කලින් ක්‍ෂේත්‍රය ගැන අහපු කටකතා තරම් මේ ක්‍ෂේත්‍රය නරක නෑ කියලා ආවට පස්සේ තේරුණා. මම දැන් වෙළෙඳ දැන්වීම්වල මියුසික් වීඩියේ තුන හතරක වගේම ටෙලි නාට්‍ය දෙකක වැඩ කළා. ඒත් මට නම් කාගෙන්වත් කරදරයක් වුණේ නැහැ. ක්‍ෂේත්‍රයේ අයට අනවශ්‍ය දේවල් හිතන්න වෙලාවක් නෑ. ක්‍ෂේත්‍රය ගැන හදලා තියෙන්නේ වැරැදි ප්‍රතිරූපයක්.
සුලේඛගෙත් ආරක්‍ෂකයා අම්මද?
මුලින් නම් ෂූටින් එනකොට අම්මා මාත් එක්ක ආවා. අම්මා වර්ක් කරන නිසා දැන් මගේ පස්සෙන් එන්න වෙලවක් නෑ. දැන් මගේ ආරක්‍ෂකයා මමමයි.
රංගනය ඔබේ ජීවිතයේ තාවකාලික නැවතුමක්ද?
මම රංගනයට ගරු කරනවා. ඉගෙන ගන්න ගමන් රංගනයට ඉදිරියටත් සම්බන්ධ වෙන්න කැමැතියි. වෘත්තිය කර ගන්නවද කියලා හිතලා නෑ. හැබෑ කලාව පැත්තෙන් හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා. කොහොමත් මම සැබෑ ජීවිතයට හානියක් නොවන චරිත තමයි රඟපාන්නේ.
අලුතෙන් එන අයට ප්‍රවීණයන්ගෙන් ලැබෙන්නේ කුඩම්මගේ සැලකිලිලු කියන්නේ ඇත්තද?
ඒක ලොකු බොරුවක්. අපේ පොඩි පොඩි වැරැදි තිබ්බත් ප්‍රවීණ ශිල්පීන් අපට උපදෙස් දීලා ඒ වැරැද්ද පෙන්නලා දෙනවා. එහෙම නැතුව එයාලා අපිව කපලා දාන්නෑ. මට නම් ඒවගේ ප්‍රශ්න ඇතිවුණේ නැහැ.
පෙම්වතියක්ද කියලත් කියමු?
ඒ ගැන ඉදිරියෙදි කියන්නම්.
මොනවාද ඉදිරි බලාපොරොත්තු?
හොඳ නිර්මාණවලින් මගේ උපරිම දක්‍ෂතාව පෙන්නන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
තිළිණි කෞෂල්‍යා විජේසිංහ