facebook page

Powered by Blogger.

Blogger templates




දුලාන් වේරලියද්ද, ලියාරා සංගීත කණ්ඩායමේ සමාජිකයෙක්. දුලාන්ගේ ඥාතියෙක් වුණ
සේනානායක වේරලියද්ද දුලාන් සමඟ ගැටුමක් ඇති කරගෙන. ආරංචියේ හැටියට ගැටුමට මුල පරම්පරා ප්‍රශ්නයක්. ඇත්ත නැත්ත හරියටම දැනගන්න අපි ඒ අයටම කතා කළා...

'දුලාන් වේරලියද්ද' ඔබේ ඥාති පුතෙක්ද?

ඥාතියෙක් බව ඇත්ත. 'දුලාන්' වේරලියද්ද කෙනෙක්වත්, මගේ පුතෙක්වත් නෙමෙයි. පුතෙක් වෙන්න නම් මගේ ලේ තියෙන්න ඕනෑනේ. මගේ පුතාලා ඉන්නවා. හැබැයි එයාලා සින්දු කියන්නේ නෑ.

දුලාන් ඔබේ ගීත ගායනා කිරීමද ප්‍රශ්නේ?

මගේ ගීතනම් ඔය ඕනෑ තරම් අය කියන්නේ. මගේ ගීත ගයලා ජනප්‍රිය වෙලා අදටත් මගේ කකුල් අල්ලලා වැඳලා යන අය ඕනෑතරම් ඉන්නවා. හැබැයි ඒ අය මගේ පරම්පරාව විකුණුවේ නෑ. මගේ ගීත කියලා හම්බකරගත්තට තැනක් හදාගත්තට කමක් නෑ. හැබැයි නැති නෑකම් හදාගෙන පරම්පරා හදාගෙන පරම්පරාවට අගෞරව කරන්න ඕනෑ නෑනේ.

දුලාන් කියන්නේ ඔබේ බාප්පාගේ දියණියගේ පුතා. ඒ කියන්නේ ඔබේ බෑනා. ඔබට තියෙන ප්‍රශ්නේ ඔහු වේරලියද්ද නම භාවිත කිරීමද?

නමක් නම් ඕනෑ කෙනෙක්ට දාගන්න පුළුවන්නේ. ඔහුත් කළේ ඒකනේ. හැබැයි නමක් දාගත්ත පමණින් ඒ මනුස්සයා ඒ පරම්පරාවට අයිති වෙන්නේ නෑනේ. මේ ළමයාව පාවිච්චි කරලා බෑන්ඩ් එක අනවශ්‍ය ප්‍රසිද්ධියක් ගන්න හදනවා. වේරලියද්ද කියලා නම දාගෙන මගේ ගීත කියලා. මගේ පුතෙක් කියලා ජනප්‍රිය වෙන්න හදනවා. ඒකනේ මේ මාධ්‍යවලටත් කියලා තියෙන්නේ. හරිනම් මමනේ මාධ්‍යයට කියන්න ඕනෑ මගේ පුතෙක් කියලා. මේ අය කරන්නේ වංචාව. ඒත් මම දැන් ඔයාලා අහනකම් කිසිම තැනක කිව්වේ නෑ. කියන්න කැමැතිත් නෑ.

ඔබ සංගීත කණ්ඩායමටත්, දුලාන්ගේ පවුලේ අයටත් තර්ජනය කරනවා කියන්නේ ඇත්තද?

මම කිව්වේ මගේ පුතෙක් කියන එක නවත්වන්න කියලා. මොකද ඒක මටත් හොඳ නෑ මගේ පුතාලටත් හොඳ නෑ. මගේ වෙන්නේ මම ජාතක කළොත්නේ. ඔය කියන ළමයා මගේ පුතෙක් නෙවෙයිනේ. අනෙක වේරලියද්ද කෙනෙක්වත් නෙවෙයි. එයාලා කරපු ඒ වරද නිවැරැදි කරන්න කියලා ඒ වැඩිහිටියන්වයි, බෑන්ඩ් එකයි මම දැනුවත් කළා. ඒ කෙන්ද තමයි ඔය කන්ද කරගෙන ඉන්නේ. කොහොම වුණත් අනුන්ගේ පහනින් එළිය බලනවාට වඩා තමන්ම පහනක් හදාගන්න එකයි හොඳ.



Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery