facebook page

Powered by Blogger.

Blogger templates


ඉතින් කොහොමද පියුමි?

හොඳින් ඉන්නවා.

මොනවද අලුත් තොරතුරු?

මේ දවස්වල “සඳ විනිවිද” සහ “සෙනුරි 2” ටෙලි නාට්‍යවලට තමයි එකතුවෙලා ඉන්නේ.

පෞද්ගලික ජීවිතයේ අලුත් තොරතුරු?

සාමාන්‍ය විදියට ගවෛනවා.

පෞද්ගලික ජීවිතයේ යම් වෙනසක් වුණා කියලා ආරංචියි?

මිනිස්සුන්ගේ ජීවිතවල හැල හැප්පීම් වෙනස්කම් සිදුවෙනවා.

ඔබේ විවාහය බිඳ වැටුණා කියල ආරංචියි?

ඔව්. ඒක ඇත්ත. මම දික්කසාද වුණා.

නමුත් මෑතක් වනතුරු ඔබ එය මාධ්‍යයට වසන් කළා?

අපි මාධ්‍ය හරහා ගනුදෙනු කරන්නේ අපේ රසික පිරිසත් එක්ක. මගෙ රසිකයන්ට වැදගත් වන්නේ මගේ රඟපෑම්. එහෙම නැතුව මගේ පෞද්ගලික ජීවිතය ඒ අයට වැදගත් නැහැ.

නමුත් ජනප්‍රිය චරිතවල පෞද්ගලිකත්වය ගැන හොයන්න රසික පිරිස කැමතියි.

ජනප්‍රිය වුණාම අපේ පෞද්ගලිකත්වය ජනතාව අතරට යනවා වැඩියි. අපි විවාහ වුණත් දික්කසාද වුණත් මිනිස්සු ඒ ගැන කතා කරන්නේ ඒ හින්දා. නමුත් දික්කසාද වූ මේ ලෝකේ පළමු 
ගැහැනිය මම නමෛයිනේ. නළු නිළියෝ වගේම සාමාන්‍ය මිනිස්සුත් දික්කසාද වෙනවා. නොගැළපීම් හින්දා අපි දික්කසාද වුණා. ඒ පිළිබඳ වැඩිදුර කතා කරන්න මම කැමති නැහැ.

අද ගෙවන තනිකඩ ජීවිතය ගැන කතා කළොත්?

හැමදාම මගෙ තනියට මගේ අම්මයි තාත්තයි ඉන්නවා. අදත් මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක. 
ඒ තනිකඩකම් තුළ හැමදාම ඉන්න බැහැ. 

නැවත විවාහ වෙන්න අදහසක් නැද්ද?

මම නැවතත් විවාහ වනවා.

ඒ කවදාද? සුදුසු කෙනකු හමුවී තියෙනවද කියල දැනගන්න රසික හිතවතුන් කැමති වේවි?

ඒ ගැන වැඩි විස්තර  ඉදිරියේදී කියන්නම්.

පියුමිගෙ නිළි ජීවිතයට දැන් කොයිතරම් කාලයක් වෙනවාද?

අවුරුදු 12යි.

රංගනයට එන බොහෝ අය  ඉන්පසුව අධ්‍යක්ෂණය, නිෂ්පාදනය වැනි අංශවලට යොමුවනවා?
අධ්‍යක්ෂණය බැරෑරුම් කාර්යයක්. නිෂ්පාදනයත් ඒ වගේමයි. මං හිතන්නේ මට ඒ වගේ අංශවලට අත ගහන්න බැහැ කියලා. මට හුරු රඟන එක. ඒ හින්දා එතැනින් එහා අංශවලට එකතු වීමේ අදහසක් නම් නැහැ.

කලා ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි තියෙනවා කියන්නේ ඇත්තද?

ඕනෑම තැනක විවිධාකාර ගති ගුණ තියෙන අය ඉන්නවා. කලා ලෝකයේත් එවැනි අය ඉන්නවා. ඒ වගේ අය නිසා තමයි ඔය විදියේ ප්‍රශ්න ඇති වන්නේ.

පියුමිට එවැනි අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවාද?

ඔව්. එකම එක්කෙනෙක් හින්දා ඒ වගේ දේවල් වෙලා තියෙනවා.

එයා නිළියක්ද නළුවෙක්ද? නැතිනම් කලාවේ වෙනත් අංශයක රැඳුණ කෙනෙක්ද?

නිළියක් කියල තමයි හඳුන්වන්න පුළුවන්. ඒත් ඇත්තම කියනවානම් නිළියක් කියන්න බැහැ. මොකද ප්‍රවීණ නිළියකගෙ ගෙදරක වැඩකාරකමට ඉඳල ඒ නිළියන්ගේ තනියට රූගත කිරීම්වලට ඇවිත් ඒ හරහා නිළිකමට පැමිණි කෙනෙක්.

මොකද ඇය සහ ඔබ අතර ගැටුමට හේතුව?

ඇය මට විතරක් නමෛයි බොහෝ නිළියන්ට කුහකකම් කරන කට කතා පතුරන කෙනෙක්. ඒක ඇගේ ස්වභාවය.

ප්‍රශ්නයක් තියෙනව නම් කතාබහ කරල විසඳගන්න පුළුවන්නේ?

ඇය ඒ විදියට ප්‍රශ්නයක් ගැන කතා කරන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් නමෛයි. බල්ලෙක් අපේ කකුල හැපුවට අපි උන්ගෙ කකුල හපන්න යන්නෙ නැහැනේ. එහෙම හිතලා  මම නිහඬව ඉන්නවා. කතා කරන්නවත් යන්නෙ නැහැ. අනික ඇගේ සැමියායි මගෙ අම්මයි පාස‍ලේ එකම පන්තියේ ඉගෙන ගත්තු දෙන්නෙක්. ඒ වැඩිහිටි කම හිතල මම ගැටුම් ඇතිකරගන්න යන්නෙ නැහැ. ඇය මිනිසුන්ට ඔය විදියට නගන චෝදනා අපහාසවලට ඇයට දවසක ස්වභාවධර්මය විසින්ම දඬුවම් දේවි.

 ආරියවංශ කුලතිලක



සනුක වික්‍රමසිංහ, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට තවමත්ආගන්තුක චරිතයක් වුණත් ඔහු සතු හැකියාව හා දක්ෂතාව කෙරෙහි ක්ෂේත්‍රයේ බොහො දෙනාගේ කතා බහට ලක් වි තිබෙනවා. එනිසාම කවුද මේ සනුක කියලා අපි හොයලා බැලුවා.

කවුද මේ සනුක කියන්නේ?

සනුක කියන්නෙ මියුසික් වලට කැමැති, මියුසික් වලින් දුර ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න තවත් එක් තරුණයෙක් ගායකයෙක් වගේම සංගීත් වික්‍රමසිංහගේ පුතා.

ක්ෂේත්‍රයට තවමත් ආධුනික ඔබට මේ තරම් අවධානයක් ලැබෙන්න හේතුව ?

මට සින්දු කියන්න පුළුවන් කියලා නම් මම දන්නවා. ඒ හැරුණම ඇත්තටම එයට හරි හේතුවක් කියන්න මමත් දන්නේ නැහැ. සමහරවිට මගේ ගායනයේ සහ කට හඬේ මොනවා හරි විශේෂත්වයක් ඇති.

'අමරදේවයන්ට වඩා සනුක දක්ෂයි යැයි' එක්තරා ජනප්‍රිය ගායකයෙක් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ඔබේ අදහස?

ඒ ප්‍රකාශය දැනගත්ත වෙලාවේ මටත් එකපාරටම මුකුත්ම හිතා ගන්න බැරි වුණා. හැබැයි කල්පනා කරලා බැලුවොත් එය ඔහුගේ පෞද්ගලික මතයයි. ඇත්තටම ඔහු කිව්වේ මොකද්ද කියලා හරියටම අපි දන්නේ නැහැ. මාධ්‍යයෙන් පළකරපු විදිහනේ අපි දැක්කේ.

ඔබේ හැකියාව වර්ණනා කරන්න තරම් ඔබේ ස්වතන්ත්‍ර නිර්මාණයක් මෙතෙක් එළියට ආවේ නැහැ?

මෑතකදී නම් 'රූපාන්තර' චිත්‍රපටියේ 'පාරෙන්' යන ගීතය ගායනා කළා. ඕ ලෙවල් කරන කාලේදී 'මා' කියලා මගේ නිර්මාණයක් අවුට් කළා. හැබැයි පාසල් කාලේ නිසා ඒ ගීතයට වීඩියෝ එකක් කරන්න උනන්දුව තිබුණේ නැහැ. මේ දවස්වල මගේ අලුත් නිර්මාණයක් කරගෙන යනවා.

සනුක වගේම 'ග්ලෝරි' සංගීත කණ්ඩායමත් මෑත කාලයේදී බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සංගීත කණ්ඩායමක්?

ඔව්. මියුසික් වලට උණ තියෙන හින්දා ඒ ලෙවල් ඉවර වුණහම පාසලේ මගේ යාළුවෝ කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා තමයි 'ග්ලෝරී' පටන් ගත්තේ.

ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීම පසෙකලා මූල්‍යමය ස්ථාවරත්වයක් ගොඩ නඟා ගන්න වෙහෙසෙනවා නේද?

ක්ෂේත්‍රයේ අපේ අනන්‍යතාවයක් සහ ස්ථාවරත්වයක් ගොඩ නැගීම කෙරෙහි අනිවාර්යයෙන්ම අපේ අවධානය යොමු වෙනවා. දැන් ඊට අදාළ නිර්මාණ කටයුතු වලට නියැළෙමින් ඉන්නේ. නමුත් මේ දවස්වල නිර්මාණ කරන්න සහ රිලීස් කරන්න මුදල් අවශ්‍යයි. ඒ මුදල් අපිම හොයා ගන්න තමයි මමත් අපේ බැන්ඩ් එකත් එකතු වෙලා වෙඩිංස් සහ ඩිනර් ඩාන්සස් වලට ප්ලේ කරන්නේ.

සංගීත ක්ෂේත්‍රයේ මොන වගේ වෙනසක් කරන්නද ඔබේ බලාපොරොත්තුව?

අපේම දෙයක් කරන්න තමයි බලාපොරොත්තුව. කණ්ඩායමේ පස් දෙනාගේ ශෛලීන් එකිනෙකට වෙනස්. වෙනස් ශෛලීන් එකතු කරගෙන අපේම අලුත් ශෛලියක් සංගීත ක්ෂේත්‍රයට දෙන්න පුළුවන් වෙයි. හැබැයි අපේ රඳා පැවැත්ම තියෙන්නේ අපේ ස්ටයිල් එකට ලැබෙන ප්‍රතිචාර අනුවයි. 'හොටෙල් කැලිෆෝනියා', 'සමර් ඔෆ් සික්ස්ටි නයින්' වැනි ගීත උත්සවයකදී මිනිස්සු අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන නිසා ගොඩක් බෑන්ඩ්ස් මේ ගීත ප්ලේ කරනවා නමුත් කවර්ස් ප්ලේ කරද්දී පවා අනෙක් බෑන්ඩ්ස් සින්ග් කරන්න නැති තවත් ලස්සන ගීත තියෙනවා අන්න ඒ වගේ ගීත තමයි අපි තෝරා ගන්නේ. එවැනි ගීත තෝරා ගෙන ප්ලේ කරපු නිසා තමයි අපේ බෑන්ඩ් එක හැමෝගේම අවධානයට ලක්වෙමින් මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් කියමු බලන්න?

ගෙදරින් නම් ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා.

පියාගේ වැඩකටයුතු වලට ඔබ එකතු වෙන්නේ නැද්ද?

ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණයේදී බොහෝ වෙලාවට මගේ අදහස් තාත්තා සමඟ බෙදා ගන්නවා. තනු නිර්මාණයේදීත් මගේ සහාය ඔහුට ලැබෙනවා. තාත්තා සංගීත අධ්‍යක්ෂණය කළ 'සිහින ආවර්ජනා' , 'ආදර සංධ්වනිය' සහ 'මුතු' යන ටෙලි නාට්‍ය වලට ගායනයෙන් සම්බන්ධ වුණා.

ගායනයෙන් දස්කම් පෑවත් කතාවෙන් නම් සනුක හරිම ලැජ්ජාශීලි තරුණයෙක්ලු නේද?

කවුද එහෙම කියන්නේ....හුඟක් අය මගෙන් අහන්නේ නම් ලැජ්ජා නහර කපලද කියලයි.

වෘත්තීමය ගායන ශිල්පියෙක් වීමද බලාපොරොත්තුව?

ඔව් අනිවාර්යයෙන්ම. හැබැයි රිස්ක් එකකුත් තියෙනවා.

මොකද්ද ඔය කියන රිස්ක් එක?

ක්ෂේත්‍රයේ කොතෙක් දුරට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද කියන කාරණය.

ඒ කියන්නේ ඔබේ හැකියාව හා දක්ෂතාව ගැන විශ්වාසයක් නැහැයි කියන එකද?

දක්ෂතාව කෙරෙහි තිබෙන විශ්වාසය නොවෙයි මෙතනට බලපාන්නේ. සමහර වෙලාවට එය මුදල් මත වෙන්නත් පුළුවන්. ඒ හැමදේටම වඩා ලක් එක මත කියන්නත් පුළුවන්.



බොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පීන් අතර කිරුළ හිමිකරගැනීමට ෂාරුක් ඛාන් සහ සල්මාන් ඛාන් අතර සීතල යුද්ධයක් පවතින බව රහසක් නොවේ. එම සටනේදී මෙම “ඛාන්වරුන්” දෙදෙනාම උත්සාහ කරන්නේ තම සහෝදර රංගන ශිල්පියාට වඩා ඉදිරියට පැමිණෙන්නටය. මෙම සටන මේ වන විට සමාජ ජාල වබේ අඩවි හරහාද දැකගන්නට ලැබේ. ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් අතර දෙවැනි තැන හිමි කර ගනිද්දී සල්මාන් ඛාන්ද රසික රසිකාවියන්ගේ කැමැත්ත අනුව පසුගියදා තවත් සංධිස්ථානයක් පසුකළේය. 

ඒ ෆේස්බුක් සමාජ ජාල වබේ අඩවිය තුළ සිය නිල වබේ පිටුවට ඇතුළත්ව සිටින රසික රසිකාවියන්ගේ ගණන මිලියන 16 සීමාව පසුකිරීමයි. කෙසේ වෙතත් සල්මාන් එසේ ෆේස් බුක් පිටුවෙහි කැමැත්ත පළකිරීම් (Like) මිලියන 16 පසුකරද්දී ෂාරුක්ගේ ෆේස් බුක් පිටුවට ඇතුළත්ව සිටින්නේ මිලියන 8.8ක රසික රසිකාවියන් සංඛ්‍යාවක් පමණි. 

එබැවින් බොලිවුඩ් මාධ්‍ය සඳහන් කරන්නේ ධනවත්කම අතින් ඉදිරියෙන් සිටියද සල්මාන් තරම් රසික ආකර්ෂණයක් දිනාගැනීමට ෂාරුක් තවමත් අ‍පොහොසත් වී ඇති බවය.


සුලේඛා කියමුකො බලන්න ඔයාගේ විස්තර ටිකක්?

සුලේඛා ජයවර්ධන තමයි මගේ නම. හැබැයි කවුරුත් දන්නේ දුන්‍යා විදිහට. නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් තමයි සිප් සතර හැදෑරුවේ. මම තමයි පවුලේ බඩ පිස්සි අක්ක කෙනෙක් ඉන්නවා. තාත්ති නම් ඩුබායිවල, අම්මි ලංකා බැංකුවේ සේවය කරනවා.

රංගන ශීල්පිනියක් වෙන්න පුංචි කාලේ ඉඳලා කැමැත්තක් තිබුණද?

ඔව්. පොඩි කාලේ ඉදලම රංගනයට තිබුණේ පුදුම ආසාවක්. ටෙලි නාට්‍ය බලලා අනේ මටත් මේ විදිහට රගපාන්න පුළුවන් නේ කියලා, ඒ විදිහට සාරි ඇඳගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් රඟපාලා තියෙනවා.

ඉතින් පාසල් සමයේදී ඊට අවස්ථාවක් ලැබුණේ නැද්ද?

නමය වසරේදී වගේ 'සමනල වසන්තය' ප්‍රධාන චරිතයට සම්බන්ධ වුණා.

'රෑන' ටෙලි නාට්‍යයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම දැන්වීම් නිරූපණ ශිල්පිනියක හා සංගීත වීඩියෝස් වලට තමයි මුලින්ම සම්බන්ධ වෙලා හිටියේ. මගේ මියුසික් විඩියෝ එකක් දැකලා රෑන අධ්‍යකෂවරයා දුන්‍යා චරිතයට මාව තොරා ගත්තා.

රංගන ශිල්පිනියක් වුණාට ගෙදරින් අකැමැත්තක් නැද්ද?

මේ ෆීල්ඩ් එක ගැන තිබුණු මති මතාන්තරත් එක්ක මුලදි නම් අකැමැත්තක් තිබුණා. නමුත් එතැනට ගිහින් සැබැ තත්ත්වය තේරුම් ගත්තාට පස්සේ රංගනයට තිබුණු මගේ දක්ෂතා එක්ක ඔවුන් කැමැති වුණා.
කැමරාව ඉස්සරහට ගිය මුල්ම දවසේ මොන වගේ හැඟීමක්ද ඇති වුණේ ?

මගේ මුල්ම රංගනයේදි නම් මට එච්චර ලොකු අමුත්තක් දැනුණේ නැහැ. නමුත් පළමු රංගනයෙන් සෑහෙන කාලෙකට පස්සෙයි 'රෑන'ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඉතින් රූගත කිරීම් වලට සම්බන්ධ වෙච්ච මුල් කාලේ නම් පොඩි බයක් වගේම කුතුහලයකුත් තිබුණා මට හරියට චරිතය කරන්න පුළුවන් වේවිද කියලා.

එහෙනම් අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති?

නාට්‍යයේ එක්තරා අවස්ථාවක මම බඩුමුට්ටු වගයක් පොළොවේ ගහලා නිල්මිණි අක්කාගෙන් ගුටි කන දර්ශනයක් රූගත කරන්න තිබුණා. එතනදි මට වැදුණු පාරට ඇත්තටම ඇඩුණා.

දුන්‍යා මොන වගේ චරිතයක්ද?

ඇය හරිම දඟකාර, නපුරු චරිතයක්. සමාජය නිසා ඇය නපුරු වුණත් කිසිම දෙයක් සීරියස් ගන්නේ නැතිව හැම තිස්සේම ජොලියෙන් ඉන්නයි ඇය කැමැති.

දුන්‍යා සුලේඛා වගේද?

දුන්‍යා නර්තනයට ගොඩක් කැමැතියි. මමත් ඇය වගේම නර්තනයට හරිම ආසයි. මට ඒ දක්ෂතාව තියෙනවා. ඒත් දුන්‍යා වගේ මම නපුරු නම් නැහැ. මම හරිම සංවේදි කෙනෙක්.

කොහොමද දුන්‍යාට ලැබෙන ප්‍රතිචාර?

ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. මම හිතුවෙත් නැහැ මෙච්චර හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. කොහේ ගියත් ලොකු පොඩි හැමෝම කතා කරන්නේ දුන්‍යා නැත්නම් දුන්‍යා අක්කි කියලයි.

එහෙනම් රංගනයටත් දැන් සෑහෙන ආරාධනා ලැබෙනවා ඇති?

ඔව්. ආරාධනා සෑහෙන ලැබුණත් මේ දවස් වල 'රෑන' සහ 'හිම කඳු' ටෙලි නාට්‍යවල ෂුටිං එක්ක තියෙන කාර්යබහුලත්වය නිසා ඒවට සම්බන්ධ වෙන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ටිකක් නිදහස් වුණාහම අලුත් වැඩ ගැන හිතල බලනවා.

හැදැරීමක් නැතිව දීර්ඝ කාලීනව රංගන ක්ෂේත්‍රයේ රැදෙන්න පුළුවන් වෙයිද?

රංගනය කියන්නේ කැමරාවක් ඉස්සරහට ගිහින් රඟපාන එක විතරක්ම නෙමෙයි. අපි සෙට් එකේ ෆෝන්ස් යූස් කරද්දි නිල්මිණි අක්කා අපිට කියලා දෙනවා ෆෝන් කෝල්ස් අඩුකරන්න කියලා. ඒ වගේ කවුරුත් වැඩිය මුකුත් නොකිව්වට සෙට් එකේ වුණත් තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් හැදැරීමක් නැතිව ඉස්සරහට යන්න බැහැ කියලා මම අනිවාර්යයෙන්ම පිළිගන්නවා.

රංගන ශිල්පිනියක් විදිහට ඔබට ලැබෙන ඕනෑම චරිතයක් භාර ගන්නවාද?

නැහැ. මගේ සැබෑ ජිවිතයට කිසිම හානියක් නොවෙන මට කරන්න පුළුවන් චරිතයක් නම් විතරයි මම භාර ගන්නේ.

තරුණියකට වෘත්තියක් විදිහට රංගන ක්ෂේත්‍රය සුදුසුයි කියලා හිතනවාද?

රංගනය කියන්නේ හැමෝටම පිහිටන්නේ නැති හැකියාවක්. ඉතින් තමන්ගේ වාසනාවට ලැබුණු ඒ දක්ෂතාවයෙන් යම් දෙයක් කරන්න පුළුවන් නම් එය වෘත්තියක් විදිහට තෝරා ගැනීමේ වරදක් නැහැ.

ඔබත් වෘත්තිය රංගන ශිල්පිනියක් වෙන්නයි බලාපොරොත්තුව?

මට ලැබෙන හොඳ චරිතවලට දායක වෙන අතරම මගේ කළමනාකරණ උපාධියත් හදාරනවා. මේ දෙකම සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ජනප්‍රියත්වය නිසා ඉස්සරහට කට කතා හැදුණොත්?

කට කතා නම් ඉතින් මටත් හැදෙයි. කාටත් ඒක නවත්වන්න බැහැ නේ..නමුත් ඒවා කට කතා විතරයි.

විලාසිතාවලට කැමැති නිසා ඕනෑම විලාසිතාවක් කරනවාද?

විලාසිතා කියන දේ හැමදාම කරන්නත් බෑනේ. ඉතින් බලන අය මොන ඇහෙන් බැලුවත් මම නම් කරන්න පුළුවන් කාලේ ගැළපෙන ඕනෑම විලාසිතාවක් කරනවා.

සුලේඛාට දැන් පිරිමි ළමයින් ගෙන් ලැබෙන යෝජනාවලින් නම් අඩුවක් නැතුව ඇති ?

ඔව්නේ..ගොඩක් තියෙනවා.

ඒ අතර හිත ගිය කෙනෙක් එහෙමත් ඇති නේද?

ඒ ගැන මම ඉස්සරහට කියන්නම්කෝ..


ලුම්බිණිය පූජා භූමියේ කළ කැණීම්වලදී හමු වූ සයවැනි සියවසට අයත් වෘක්ෂ මූලයක පොසිල බුදුන්වහන්සේගේ උපත සිදුවූ ස්ථානයේ පිහිටි සල්ගසෙහි කොටසක් බවට සැක කරන බවත් ඒ බැව් සනාථ කරගැනීම සඳහා බි්‍රතාන්‍යයේ ඩරම් විශ්වවිද්‍යාලයේදී විද්‍යාගාර මට්ටමින් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබඳ මහාචාර්ය රොබින් කනින්හැම් මහතා පවසයි.

බුදු හිමි උපන් ලුම්බිණිය පූජා භූමියේ සිදු කළ කැණීම්වලදී අශෝක රජ සමයට පෙර ඉදිකළ ලුම්බිණි විහාර තුනක නටබුන් හමුවූ බවද මහාචාර්යවරයා කීය.
රොබින් කනින්හැම් මහතා මේ අදහස් පැවැසුවේ ලුම්බිණියේ සිදුකළ පුරාවිද්‍යා කැණීම්වල නිගමනය පිළිබඳ ලංකාවේ පිරිස් දැනුම්වත් කිරීමට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙතෙක් කාලයක් තිස්සේ අශෝක අධිරාජ්‍යයා විසින් ගොඩනඟන ලද ලුම්බිණි විහාරය පිළිබඳ බොහෝ දෙනෙක් අසා තිබුණද පූර්ව අශෝක අවධියේ ලුම්බිණිය විහාරය පිහිටි ස්ථානය කෙබඳු ආකාරයකට පැවැතුණිද යන්න පිළිබඳ කිසිවකුත් නොදත් බව රොබින් කනින්හැම් මහතා පැවැසීය.
ලුම්බිණියේ සිදුකළ කැණීම්වලදී අශෝක යුගයට පෙර එහි ඉදිකළ පූජනීය ගොඩනැඟිල්ලේ නටබුන් හමුවූ බවත් එහිදී සුදු පැහැති බදාමයෙන් කළ ගල් කණු සිරස් අතට තබා ඇති නටබුන් සහ කුඩා උළු කැබලි හමුවූ බවත් රොබින් මහතා පැවැසීය.

අශෝක අධිරාජ්‍යයා අද දක්නට ලැබෙන ලුම්බිණියේ ගෘහය ඉදිකර ඇත්තේ එම පින්බිම මැද කිසිදු ගොඩනැඟිල්ලක් ඉදි නොවන අයුරින් හිස් අවකාශයක් තබා වටප්‍රමාණයෙන් ගොඩනැඟිල්ල ඉදි කරමිනියි පවසන රොබින් මහතා අශෝක අධිරාජ්‍යයා ඉදිකළ ලුම්බිණිය ගෘහයට පෙර ඉදිකරන ලද ගෘහයද වත්මන් ආකෘතියට සමාන බැවින් අශෝක අධිරාජ්‍යයා පෙර පැවැති ගොඩනැඟිල්ලේ සැලැසුම නව ගොඩනැඟිල්ලට අෑදාගෙන ඇති බවත් පෙන්වා දෙයි.

තිරස් ගලින් කරන ලද පූර්ව අශෝක යුගයේ ගොඩනැඟිල්ලද මතු කරගැනීමෙන් අනතුරුව එය තවත් කැණීම් කිරීමේදී එම යුගයට පෙරද ඉදිකරන ලද ලුම්බිණියේ අතීත ගොඩනැඟිල්ලක් හමු වූ බවත් එය සිදුකර ඇත්තේ විශාල දැව ආකෘතියකින් බවත් එම ඉදිකිරීමද වත්මන් ලුම්බිණියේ සැලැස්මට බෙහෙවින් සමාන බවත් හෙතෙම පවසයි. එබැවින් ලුම්බිණියේ යුග තුනක ඉතිහාසයක් මතු කර ගැනීමට සිය කණ්ඩායම සමත් වූ බව පැවැසූ රොබින් කනින්හැම් මහතා එම යුග තුනෙහිම ලුම්බිණි ගොඩනැඟිල්ල එකම ආකෘතියකින් ඉදිකර තිබීමෙන් එය යම් කිසි ආගමික රීතියකට අනුව යුගයෙන් යුගය ඉදි කෙරෙමින් පවතී යැයි තහවුරු කරගත් බවත් හෙතෙම පැවැසුවේය


කෙසේ වෙතත් වත්මන් ලුම්බිණිය ඉදි කළ අශෝක රජුගේ යුගයට පෙර පැවැති ලුම්බිණියටත් පෙර පැවැති ඉදිකිරීම, එනම් දැවයෙන් සිදුකළ ඉදිකිරීම හයවැනි සියවසට අයත් ඉදිකිරීමක් යැයි තහවුරු කර ගත් බවද ඔහු පැවැසුවේය. කැණීමෙන් සොයා ගත් දැව කඳන්වල කාල නිර්ණය මඟින් එය තහවුරු කර ගත් බව හෙතෙම පැවැසුවේය.


කෙසේ වෙතත් අශෝක යුගයට පෙර පැවැති යුග දෙකක් කැණීම්වලින් සොයා ගැනීමෙන් අනතුරුව දුම්බිණියේ තව තවත් කැණීම් සිදුකළ බව පැවැසූ මහාචාර්යවරයා ඉන් අනතුරුව ඉපැරැණි වෘක්ෂයක මුල් පොසිල ලුම්බිණියේ පොළවෙ ඇතුළතින් හමුවූ බව පවසයි.

බෞද්ධයන්ගේ විශ්වාසයට අනුව ලුම්බිණිය වනාහි බුදු හිමියන් උපන් ස්ථානය වන අතර ලුම්බිණියේ විශාල සල් ගස් පිහිටා තිබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. ඒ අනුව මේ ඉපැරැණි මුල් පොසිලය බුදු හිමි උපන් ස්ථානයේ පිහිටි සල් වෘක්ෂයක පොසිලයක් දැයි නිශ්චිතවම තහවුරු කර ගැනීමට මේ වන විට විද්‍යාගාර මට්ටමෙන් පර්යේෂණ සිදුකරන බවද හෙතෙම පැවැසුවේය.


පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජගත් වීරසිංහ, ලුම්බිණියේ කැණීම් කටයුතු සිදුකළ ලංකාවේ නියෝජිත කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගි වූහ.


රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ උණුසුම් පුවත් මවන්නෙක් සේම, ඔහු කවදත් ආදරය කළ සිනමා ක්ෂේත්‍රයේත් නිරන්තර උණුසුම් පුවත් මවන්නෙක්. සමහරු දේශපාලනයට ප්‍රවිෂ්ට වූ විට කලාවේ නියැළීමට ඇති කාලය අඩු බව කියමින් බොහෝ විට කලාව වෙනුවෙන් වැය කරනුයේ අවම කාලයකි. එහෙත් රන්ජන් අද පාර්ලිමේන්තුවේ සිටිනවා සේම හෙට උදෑසන දිවයිනේ කුමන හෝ ප්‍රදේශයක දර්ශන තලයක සිටිය හැකිය. ඒ තරමට සමබරව ඔහු දේශපාලන ගමනත්, තමන් බොහෝ දුෂ්කරතා මැද දිනාගත් සිනමා ගමනත් එක්කොට පාලමක් තනන්නේය.

මේ දිනවල ඔහු මේ ගමන් ම‍ඟේ තවත් සුවිශේෂී චරිතයක් ඔස්සේ සිය සිනමා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණෙන්නේය. මේ චරිතය වඩ වඩාත් සුවිශේෂී වන්නේ එය ඔහුගේ සැබෑ නමට කිසියම් ආකාරයකින් සමානත්වයක් දක්වන නාමයකින් පෙනී සිටීමය. ඔහුගේ නවතම රංගනය රැගත් ‘රන්ජා’ චිත්‍රපටය මෙම 28 වැනිදා සිට සිනමා ප්‍රේක්ෂක ඔබ සැම වෙනුවෙන් විවෘතය. ‘රන්ජා’ ගැන ‘රන්ජන්’ සමඟ කළ කතාබහ වෙන්වනුයේ ඒ වෙනුවෙනි.

ඔබ රඟපාන නවතම චිත්‍රපටය වන ‘රන්ජා'ට ඒ නම යෙදුවේ ඔබ නිසා ද?

මේ නම යෝජනා කළේ මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන සුනිල් ටී. ප්‍රනාන්දු මහතායි. මේ යෝජනාව මතු වෙත්දි මම කල්පනා කළේ ඒක ඒ තරම් හොඳ දෙයක් නොවන බවයි. නමුත් මේ චිත්‍රපටය ‘රන්ජා - වන්ෂොට් 02’ කියන නමින් එන නිසා සුනිල් ටී. ප්‍රනාන්දු මට මෙහෙම පැහැදිලි කිරීමක් කළා. ‘වන්ෂොට්’ කියලා කිව්වම මුළු ලංකාවේම සිනමා ප්‍රේක්ෂකයින්ට මතක් වෙන්නේ ඔයාව.

ඒ නිසා අපි මේ චිත්‍රපටයට ‘රන්ජා - වන්ෂොට් පාට් ටූ’ කියලා දාමු. ඊට පස්සෙ ඔහුගේ මේ යෝජනාවට මම එකඟ වුණා. අනිත් පැත්තෙන් මගේ ඉතාම සමීපතම මිතුරන් මට කතා කරන්නේ ‘රන්ජා’ කියලා. ඒ නම මිනිස්සුන්ට ළෙන්ගතුකමක් තිබෙන නිසා මේ චිත්‍රපටයට ඒ නම යොදලා තිබෙනවා. විශේෂයෙන් චිත්‍රපට ශාලා හිමියන් සහ තවත් බොහෝ පිරිසකගෙන් ඒ ගැන විමසා තිබූ අවස්ථාවලදීත් ඔවුන් ද මේ නම වඩාත් ගැළපෙනව කියලා අනුමත කරලා තිබුණා.

‘රන්ජා’ කොයි වගේ චිත්‍රපටයක් ද?

අවනීතියේ රජවරුන් නිරුවත් කරන වන්ෂොට් පාට් ටූ - ‘රන්ජා’ යනුවෙන් තමයි මේ චිත්‍රපටයේ තේමාව විදියට යොදලා තිබෙන්නේ. අපේ රට 1947 නිදහස ලැබුවට පස්සේ මුල්ම යුගයේ දේශපාලනඥයින් අතර ඉන්න ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, දේශපාලනය කළේ ඔවුන් සතු බොහෝ දේ ජනතාව වෙනුවෙන්, දේශපාලනය වෙනුවෙන් පරිත්‍යාග කරලා. ධන කුවේරයෝ විදියට ඉපදිලා ජනතාව වෙනුවෙන් සියලු දේ කරලා ඔවුන් කිසිවක් හිමි නැති අය විදියට මියගියා. 

ඊට පසු කාලීනව දේශපාලනයට ආපු සාමාන්‍ය පුද්ගලයෝ මේ රටේ විවිධ ව්‍යාපාරවල යෙදිලා ඉන්න ව්‍යාපාරිකයෝ (කසිප්පු, ගංජා, කුඩු, දූෂකයෝ, මැරයෝ) ආදීන්ගේ උදව් ඇතිව දේශපාලනයට ආවා. ටික කාලයක් යනකොට සාමාන්‍ය පුද්ගලයෝ දේශපාලනයට එවමු මේ ව්‍යාපාරිකයෝ සිතනවා අපි මොකටද අනුන්ව දේශපාලනයට යවන්නේ අපිම යනවානේ අපේ සල්ලි වියදම් කරගෙන කියලා. ඒ විදියට තුන්වැනි කණ්ඩායමකුත් බිහි වෙනවා. මෙන්න මේ විදියෙන් දේශපාලනයට ආපු ඇමැතිවරයකු කරන විශාල වංචාවකට එරෙහිව නැගී සිටින පුද්ගලයකුට හා පිරිසකට මුහුණ දෙන්නට සිදුවන ගැටලු හා සිද්ධි තමයි ‘රන්ජා’ චිත්‍රපටයේ තේමාව වන්නේ.

මේ චිත්‍රපටයේ ඔබ වීරයෙක්. ඔබ හිතනව ද තවමත් ඔබට වීරයා වෙන්න පුළුවන් කියලා...

මම වීරයෙක් ද නැත්ද කියලා තීරණය කරන්නේ මම නෙමෙයි. ඒක තීරණය කරන්නේ ප්‍රේක්ෂක ජනතාව. මට විසිල් කරන්නෙත්, මට ‘හූ’ කියන්නෙත් ප්‍රේක්ෂක ජනතාව. මම චිත්‍රපටයක් කරලා තිබෙනවා. මම වෙනත් ආකාරයක දේශපාලන මතයක් දැරුවත් මෙච්චර කල් ප්‍රේක්ෂක ජනතාව මගේ රංගනය ප්‍රිය කරලා තිබෙනවා.

ඔබ තාමත් චිත්‍රපටවල ‘පෙම්වතා'. පෙම්වතාගේ පෙනුම තාමත් ඔබට තිබෙනවා කියලා විශ්වාස ද?

මම නම් නෙමෙයි ඒක තීරණය කරන්නේ. මෑතකදී මම රඟපෑ චිත්‍රපටයේ පෙම්වතාට මාව තෝරාගත්තේ එහි නිෂ්පාදක සුනිල් ටි. ප්‍රනාන්දු මහතා. එතුමාට තාමත් මාව පෙම්වතෙක්. වීරයෙක් විදියට පෙනෙනවා ඇති. මොකද මාව චිත්‍රපටවලට ගන්න ඔවුන් මගේ ඥාතීන් නොවෙයිනේ. මගේ ගාණ ගෙවලා, මට කෑම බීම, යන්න එන්න පහසුකම් දීලා ගන්නේ මාව ඒකට සුදුසු නිසානේ. හැබැයි ඉතින් මම දන්න විදියට ඉන්දියන් සිනමාවෙත් මේක වෙනවා. රැජිනි කාන්ත් අවුරුදු 68 ක් වීරයගේ චරිතය රඟපෑවා. දීපිකා පදුකෝන්ට ආදරය කළා. වීරයාට 68 යි පෙම්වතියට 28 යි. එම්. ජි. රාමචන්ද්‍රන් පවා ඔය විදියට රඟපෑවා. හොලිවුඩ්වල ගත්තත් ෂෝන් කොනරි, ආර්නෝල්ඩ් ස්වසෙනගර් වැනි නළුවන් ඔහොම රඟපාලා තිබෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාරය තිබෙනකම් මම රඟපානවා.

හැබැයි ඉතින් වයසින්නම් දැන් ඔබ බොහෝ දුර ගිහින් නේද?

ඒක ඉතින් කාටවත් වළක්වන්න බැරි දෙයක්නේ. ස්වභාව ධර්මයට අනුව අපි හැම දෙනාම වයසට යනවා. හැබැයි මේ ළඟකදීත් මට වෛද්‍යවරයෝ කිව්වා මගේ නිරෝගී ස්වරූපයට බොහෝ දුරට හේතුව මම තනිකඩයෙක් නිසා ආතතිය 90% ක්ම අඩුයිනේ. මට උදේ දරුවන්ව ඉස්කෝලෙ ගෙනියන්න, ඒ අයගේ ජීවිත ආරක්ෂාව, කෑම බීම, බිරියගේ වගකීම්, ඇඳුම් පැලඳුම් ඔය කියන වගකීම් මුකුත් නෑ. බුදු හාමුදුරුවොත් කිව්වෙ ‘රාහුලයෙක් උපන්නා බැඳීම් වැඩිවුණා’ කියලා.

ඉතින් මට තවමත් මගේ ජීවිතේ තරුණකම දැනෙනවා. උදේට ජිම් එකට ගියාම එක්ස්සයිස් කරනකොට තරුණයන් හා සමානවම මම ඉන්නවා. චිත්‍රපටවල තාමත් ෆයිට් කරගන්නේ මමමයි. පළමුවැනි take එකෙන්ම අධ්‍යක්ෂවරයා ඕ.කේ. කරනවා. මම හිතනවා මගේ ජීවිතේ වැඩි වගකීම් නැති නිසා මට යෝග අභ්‍යාස කරන්න, පොත් කියවන්න, ඇති තරම් වෙලා තිබෙනවා. ඒ නිසා මට වයස ගැන ප්‍රශ්න ඇවිල්ලා නෑ. මම දුම් පානය කරන්නේ නෑ. මත්පැන් පානය කරන්නේ නෑ. සැහැල්ලු මනසකින් නිතරම ජීවත් වෙන්නේ.
ඔබ තාමත් ආසයි මල් ගස් වටේ දුවමින්, සින්දු කියමින් රඟපාන්න.

ඔව්. ඒක හරිම සුන්දර රංගනයක්. සිනමා නළුවෙක් විදියට මම ඒක කවදාවත් ප්‍රතික්ෂේප කරන එකත් නෑ. මාව ඒ චරිතවලට තෝරගන්නකම්.

ඔබේ චිත්‍රපට ලැයිස්තුව දිහා බැලුවම ‘සීරියස්’ චරිත තිබෙන්නේ බොහොම අඩුවෙන්. දැන්වත් කැමැති නැද්්ද සීරියස් වෙන්න.

ඒක මට තීරණය කරන්න බෑ. සීරියස් චරිත ලැබිලා නොලැබී ගිය අවස්ථා අනන්තවත් තිබෙනවා. සමහර අවස්ථාවල මගේ ප්‍රතිපත්ති නිසා අහිමි වුණු චරිත, වෙළෙඳ දැන්වීම් සන්නාම තානාපතිකම් බොහෝ තිබෙනවා. මේ නොලැබීම් එක්ක හීනි දුකක් නැතුවාම නොවෙයි. නමුත් සත්‍ය කතා කිරීමේ ‘චූන්’ එක මට ඊට වඩා වටිනවා. ඒක මුදල්වලට වඩා වටිනවා. peace of mind කියන එක මට හරියට වටිනවා. ඒ ගැන කතා කරත්දි මට මතක් වෙනවා රජිනි කාන්ත් රඟපාන ‘මුත්තු’ කියන චිත්‍රපටය. මේ චිත්‍රපටයේ රජිනි කාන්ත් රඟපාන්නේ ගහක් යට නිදාගෙන ඉන්න සාමි කෙනෙකුගේ චරිතය. දවසක් ඔහු ළඟට මිනිහෙක් ඇවිත් විශාල සල්ලි බෑග් දෙකකුත් එක්ක කියනවා, මට හැමදේම තියනවා මිල මුදල් යාන වාහන, ගෙවල් දොරවල් ඕනතරම්. ඒත් මට peace of mind නෑ කියලා. එතකොට අර සාමි කියනවා ජීවත්වෙන්න ඇති තරම් යමක් තියාගෙන ඉතිරි ටික නැති බැරි අයට බෙදලා දෙන්න. එතකොට peace of mind ලැබෙයි කියලා. එතකොට අර පුද්ගලයා කියනවා ‘අනේ බොහොම ස්තුතියි එහෙනම් මේ සල්ලි මලු දෙක මම ඔබ ළඟින් තියලා යන්නම් කියලා.

සාමි කියනවා මෙච්චර කල් බොහොම නිදහසේ මේ ගහක් යට මම ජීවත් වුණා. ඔය සල්ලි මලු දීලා මගේ peace of mind එක නැති කරන්නයි හදන්නේ කරුණාකරලා ඕවත් අරගෙන යන්න කියලා.

මම ජීවත්වෙන්නෙත් මන්ත්‍රී නිවාසයක 10 x 12 කාමරයක. කුලිය රුපියල් 1000 යි. කන්නේ බොන්නේ සාමාන්‍ය විදියට. මට ජීවත් වෙන්න වැඩි වියදමක් යන්නෙ නෑ. මට පැය 08 ක් හොඳට නින්ද යනවා. ඒ නිසා මම ගත කරන්නේ හරිම නිදහස් ජීවිතයක්.

කලාවයි, දේශපාලනයයි ගැළපෙන්නේ නෑ නේද?

ඒක එක එක්කෙනා හිතන විදිය අනුව වෙනස් වෙනවා. කලාවයි, දේශපාලනයයි කරපු බොහෝ පිරිස් අපි අතර ඉන්නවා. එම්. ජී. රාමචන්ද්‍රන්, විජය කුමාරතුංග, වික්ටර් හාරා ආදි බොහෝ පිරිස් කලාවයි දේශපාලනයයි එකට කළා. මේකට කියන්නේ දේශපාලනය නොවේ. දේස සේවය, විජය කුමාරතුංග මහත්මයාට ලංකාවේ සුපිරි නළුවා විදියට ඉන්න පුළුවන්කම තියෙද්දි දුෂ්කර දේශපාලනය තෝරගෙන මැරුම් කෑවා. චේ ගුවේරා කියන්නේ දොස්තර කෙනෙක්. ඒත් ඔහු ජනතාව වෙනුවෙන් දුක් විඳිමින් දුක්ඛිත ජීවිතයක් ගත කළා. කලාකරුවා කියන පුද්ගලයා මහජනතාවගේ එස්. එම්. එස්. එකෙන් ඔසවා තබන්නේ තනියම කන්න නොවෙයි.

සමහරු නම් දේශපාලනයට ගියාම කලාව අමතක කරනවා.

මට එහෙම කරන්න ඕන කමක් නෑ. මට කාලය හරියට තිබෙනවා. ඒක ඉතාම ක්‍රමානුකූලව මම පාලනය කරගන්නවා. දේශපාලකයෝ විදියට පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කතා කරනවා. ඒ වගේම තමයි චිත්‍රපටවලත් තාම ඉන්නවා. ජනතා ප්‍රසාදය තාමත් මට තිබෙනවා people's award 9 ක් මම ලබා ගත්තා. තරුණ සම්මාන ලබා ගත්තා. සරසවි සම්මාන නවත්වනතුරුම 6 පාරක් ජනප්‍රිය නළුවා සම්මාන ලබා ගත්තා.

ඇයි ඉතින් තාමත් තනිකඩවම ඉන්නෙ?

හැම දෙයක්ම තාවකාලිකයි කියලා මම දන්නවා. මේ නිදහස් ජීවිතේට මම කැමැතියි. අඩුම තරමින් එලාර්ම් තියලා උදේට නැගිටින්න වත් මම කැමැති නෑ. ඔරලෝසුවටවත් යටත් වෙන්න මම කැමැති නෑ. මගේ යාළුවෝ එහෙම වැඩ ගොඩාක් පහුවදාට ලෑස්ති කරගෙන එලාර්ම් තියලා නිදාගත්තට උදේට නැගිටින්න වෙලා නෑ. Heart attack ඇවිත් නැතිවෙලා තිබෙනවා.

ඉදිරි බලාපොරොත්තු මොනව ද?

කිසි දෙයක් බලාපොරොත්තු නෑ. ලැබෙන දේ පමණක් බාර ගන්නවා. කිසිම ප්ලෑන් එකක් නැතුව මේ ලෝකෙට ආපු අපි ප්ලෑන් හදාගන්න එක තමයි මේ ලෝකේ ලොකුම විහිළුව. ඒ හින්දා සතුටින් ඉන්නවා. වැරදි කරන්නෙ නෑ. මෙච්චර කල් ජනතාව මාව පිළිගත්තා. ඒ ප්‍රේක්ෂක ආදරය මැද තමයි මම මෙතැනට ආවේ. ඒක කිසිදාක මට අමතක නෑ. කවුරු මොනව කළත්, නොකළත් ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම මගේ පරම යුතුකම.


* 'ඩොක්ටර්' පටන්ගැන්මෙන්ම අපේ පිළිසඳර අරඹමු..?

ලන්ත්‍රා : මම රොක් සංගීත කණ්ඩායමක ප්ලේ කරන කාලේදී තමයි ක්‍රිෂාන්ව හඳුනා ගන්නේ. ඉතින් ටික කාලයක් අපි දෙන්න එකතු වෙලා ප්ලේ කළා. ඔහොම ටික කාලයක් යනකොට ෆුල් බෑන්ඩ් එකක් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ අපි පස්දෙනා එකතු වෙලා 'ඩොක්ටර්' කියන නමත් දාගෙන බෑන්ඩ් එක පටන් ගත්තා.

* ඩොක්ටර් කියන නම දාගත්තේ මියුසික් වලට කැමැති අය ලෙඩ්ඩු කියලා හිතාගෙනද?

බෑන්ඩ් එකට දාන නමක් කල්පනා කරද්දි හැමෝටම කියන්න පුළුවන් සරල නමක් තිබුණොත් හොඳයි කියලා හිතුණා. ඉතින් එක පාරට ඔළුවට ආපු නම තමයි 'ඩොක්ටර්'. ඒ නමත් එක්ක අලුත් දෙයක් කරන්න පුළුවන් කියන අයිඩියාස් ඔළුවට ආවා. ඒ අදහස එක්ක මුල් කාලයේ පෆොර්ම් කරද්දී අපේ එක සෙට් එකක් ස්ටේජ් සිං කළෙත් ඩොක්ටර් ලෝගු ඇඳගෙනයි. අනික සමහර හිතේ අමාරුකම් වලට සංගීතයත් ඕන වෙනවා වගේ සංගීතයෙන් ලෙඩ වෙලා ඉන්න කට්ටියව සංගීතයෙන් හොඳ කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. එහෙම බලද්දි සංගීතය කියන්නෙත් එක්තරා විදිහක ලෙඩ සුව කරන ඔසුවක් තමයි.

* එතකොට 'මියුසික් ක්ලිනික්' එකෙන් ප්‍රතිකාර කරන්නේ මොන වගේ රෝගින්ටද?

ගීත නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය බෙහෙත් කළමනා සහ සුදුසු ප්‍රතිකර්ම සියල්ලක්ම මෙහිදී ලැබෙනවා. සංගීතයෙන් ලෙඩ වෙලා ඉන්න ඕනෑම කෙනෙක්ට මියුසික් ක්ලිනික් විවෘතයි.

* 'ඩොක්ටර්' කියන නම නිසාම මුහුණ දුන් අපුරු සිදුවීම් ඇති?

සිදුවීම් නම් ගොඩක් තියෙනවා. එක දවසක් කෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා පුතා ඔයා මොන ඉස්පිරිතාලෙද කියලා. මම කිව්වා නෑ අංකල් මම ඉස්පිරිතාලෙක නම් නෙවෙයි බෑන්ඩ් එකේ නම 'ඩොක්ටර්' කියලා. තව ෂෝ එකකදී කෙනෙක් ඇවිත් ඇහුවා මේ බෑන්ඩ් එකේ ඩොක්ටර් කවුද කියලා. සමහර අය බෑන්ඩ් එකේ නම නිසා අපේ නම්බර්ස් ෆෝන් එකේ සේව් කරගන්නේ ඩොක්ටර් කියන කෑල්ල ඉස්සරහට දාලා. පස්සේ එයාලටම අමතක වෙලා ඩොක්ටර්ස්ලා කියලා හිතාගෙන අපිට කතා කරලා අහනවා ඩොක්ටර් දැන් ක්ලිනික් එකේ ඉන්නවද කියලා.

* ඩොක්ටර් පටන් ගැන්මේ ආභාසය වුණේ ජිප්සිස්ද නැතිනම් ඩැඩිද?

බීට්ල්ස්, බීජිස් වැනි ඉන්ටනැෂනල් බැන්ඩ්ස් වල ආභාසය තමයි අපි ගොඩක් වෙලාවට ලබා ගත්තේ. ඊට හේතු වුණේ අපි හැමොම නිතරම රසවිඳින්න පුරුදු වෙලා හිටියේ ඕල්ඩීස්. ඔය අතරේ ජිප්සිස් පවුලේ බෑන්ඩ් එකක් නිසා පවුලේ ඇතුළේ වුණත් නිතරම ජිප්සීස් ගීත ඇහෙන පසුබිමක් තිබුණේ. ගොඩක් වෙලාවට තාත්තලා (නිහාල් පෙරේරා) ප්ලේ කරද්දී අපි බලන්න ඉන්නවා. ඉතින් අපි නොදැනුවත්ව හරි ඒ ආභාසයත් අපේ බෑන්ඩ් එකට එන්න ඇති. මමත් ඒ පවුලේ කෙනෙක් නිසා කොච්චර ඔය මතයෙන් මිදෙන්න උත්සාහ කළත් අපිව දන්න මිනිස්සු ඒ විදිහට තමයි දකින්නේ. කරන්න දෙයක් නැහැ ඉතින්.

* 'ඩොක්ටර් 'කියන්නේ 'ඩැඩි' කොපියක් කිව්වොත්?

නැහැ.' ඩැඩි' අපේ සංගීත ශෛලියට වඩා හාත් පසින්ම වෙනස් සංගීත කණ්ඩායමක්. ගයාන්ගෙයි මගෙයි නෑකම නිසයි 'ඩොක්ටර්'සහ 'ඩැඩි' කම්පෙයාර් කරන්නේ. නෑකමක් නොතිබුණා නම් ඔය ගැටලුව නැහැ. තවත් පිරිසක් අපිව මනින්නේ ටීවී එකේ අපි සිං කරන විදිහ හා අපේ විඩියෝස් එක්කයි.ඒත් අපේ ලයිව් පෆෝර්මන්ස් දකින අයට අපේ සංගීත ශෛලියේ වෙනස වටහා ගන්න පුළුවන්.

* 'ඩොක්ටර්' බොහොමයක් නිර්මාණ විනෝදකාමියි?

හාස්‍යජනක නිර්මාණ වලට අපි පෞද්ගලිකව කැමැතියි. දැන් රේඩියෝ එකක් ඇහුවොත් හැම වෙලේම ඇහෙන්නේ අඬන සින්දු. අපිට මිනිස්සු අඬවන්න ඕන නැහැ. ඉඳලා හිටලා ඇඬෙව්වට කමක් නැහැ. එත් දැන් උදේ ගිහින් හවසට ගෙදර එන්න වෙන්නෙත් අඬාගෙන. ඉතින් මේ ඇඬිල්ලත් එක්ක මිනිස්සුන්ට හිනා වෙන්නත් අවස්ථාවක් දීලා කාලෙත් එක්ක වෙනසක් කරන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. ආදර ගීතයක් රිලිස් කරන්න අදහසක් තිබුණත් තාම ඒ වගේ ගීතයක් කියවෙන්නේ නැහැ. ඔළුවේ තියෙන්නෙම ජොලි සින්දු.

*මේ නිසාද බොහෝ කාලයකින් අලුත් නිර්මාණයක් එළියට අවේ නැත්තේ?

අපි කරපු ගීත නම් ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව වෙඩිංස් සහ ෂෝස් එක්ක අපි ගොඩක් බිසී වෙන නිසා වීඩියෝ එකක් කරන්න තරම් වෙලාවක් හම්බවෙන්නෙත් නැහැ. මූලිකම ප්‍රශ්නේ සල්ලිත් නැහැ. දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ සින්දු අහන්න නෙවෙයි බලන්නයි. ඉතින් පොඩි පොඩි බජට් වලින් වීඩියෝ කළා කියලා හිට් වෙන්නේ නැහැ. එක්තරා මාධ්‍ය ජාලයකින් හරිම චීප් වීඩියෝ එකක් කියලා ප්‍රතික්ෂේප කරපු අපේ 'නව පිටුවක්' වීඩියෝව යූ ටියුබ් දැම්මහම ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඉතින් සල්ලි දීලා මීඩියා චාර්ට් ෂෝස් වලට දීලා වැඩක් නැහැ. ඊට වඩා සෝෂල් මීඩියා වලින් ඕන තරම් වෙලාවක් සින්දු අහලා බලලා රස විඳින්න පුළුවන්. චාර්ට් ෂෝස් වල දාන්නෙත් සිලෙක්ටඩ් කට්ටියගේ නිර්මාණ විතරයි නේ. දැන් මාස දෙක තුනක ඉදලා ඊළඟට එළියට දාන ගීතය ගැන ඩිස්කස් කරත් තවම සින්දුවක් එළියට දාන්න හරියටම සෙට් වුණේ නැහැ.

* මුල්ම ගීතයට ලැබුණු ප්‍රතිචාරත් එක්ක ඒ මතකය අවදි කළොත්?

අපේ මුල්ම ගීතය 'ඇත්තමයි කියන්නේ'. ඒකට සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙද්දි තව එකක් කරන්න ඕන කියලා අමුතු ෆිට් එකක් එද්දි ඒ එක්කම සල්ලි තමයි ප්‍රශ්ෙන් කියලත් කල්පනා වුණා. දැන් අපිව විවේචනය කරපු ඒ ටීවී චැනල් එකමයි ඒ කාලේ අපිට මාර විදිහට සපෝට් කළේ. ඉතින් පළවැනි වීඩියෝ එක රිලීස් වුණහම පොඩි ළමයින්ගෙන් තමයි මුල්ම ෆීඩ් බැක් එක ආවේ. ඒ දවස්වල බස් එකේ යද්දිත් කට්ටිය එහෙන් මෙහෙන් බලනවා. "අර ඉන්නේ ඩොක්ටර් බෑන්ඩ් එකේ ලන්ත්‍රා නේද" කියල කසුකුසු ගාද්දී මාර ලැජ්ජයි. ඉතින් පොඩ්ඩ පොඩ්ඩ කට්ටිය හිනා වෙන්න කතා කරන්න එනකොට අපිත් ආසයි කතාබහ කරලා ඔවුන්ගෙන් අපේ ගීත වල හොඳ නරක අහගන්න. කවුරු හරි අපිත් එක්ක හිනා වෙනකොට අපේ දත් තිස්දෙකම එළියට පනිනවා. හැබැයි වෙන කල්පනාවකින් හිටියොත් තමයි පුංචි පුංචි අතපසුවීම් වෙන්නේ නැතුව ආඩම්බර කමකට නෙමෙයි.

* සහෝදර 'ඩැඩි' බෑන්ඩ් එක අභියෝගයක් නෙවෙයිද?

ඩැඩි අභියෝගයක් වුණේ නැහැ. අපි කාවවත් අභියෝගයක් කර ගන්නෙත් නැහැ. එයාලගේ මියුසික් ස්ටයිල් එක වෙනස් .

* ලන්ත්‍රා, ගයාන් ඔබේ ඥාති සහෝදරයා නිසා ඔය දෙන්නට එකතු වෙලා බෑන්ඩ් එකක් හදා ගන්න තිබුණා?

අපි සහෝදරයෝ ටික එකතු වුණහම ඉස්සර ජොලියට ස්ටුඩියෝ එකේ බෑන්ඩ් එකක් ප්ලේ කරනවා. නමුත් ගයාන් ගේ ස්ටයිල් එකයි මගේ ස්ටයිල් එකයි වෙනස්. ඉතින් මගේ ස්ටයිල් එකට ගැළපෙන පිරිසක් එක්ක තමයි ඩොක්ටර් පටන් ගත්තේ. ගැළපෙන අදහස් තියෙන කට්ටියක් එකතු වුණහම සාර්ථකව කරගෙන යන්න පුළුවන්. පස්දෙනා පස් විදිහට හිතුවත් අදහස් එක තැනකට ගොනු කර ගන්න පුළුවන්.

* ලාංකේය සංගීත ක්ෂේත්‍රයට තවමත් දැනෙන යමක් 'ඩොක්ටර්' ගෙන් ඉටු වෙලා නැහැයි කිව්වොත්?

ලොකු වෙනසක් දැනෙන්න තරම් වීඩියෝ එකක්වත් කිසිම නිර්මාණයක්වත් තවම අපි දාලා නැහැ. ඒත් අපේ ලයිව් පර්ෆොමෙන්ස් වලින් ලැබෙන ෆීඩ් බැක් එක හොඳටෝම ඇති.

* ඇල්බම් කරන අදහසට මොකද වුණේ?

අදහසක් තිබ්බා ඒත් සින්දු ටික තවම ඉවර නැති නිසා ඒක ගැන අපි කතා කරන්නේ නැහැ. ඇල්බම් එක කරන්න අපි භාර දීපු ආයතනය අපේ තිබ්බ අදහස නැති කළා. ඇල්බම් දෙකකට හරියන්න සින්දු අපි ළඟ තියෙනවා. කවදාහරි රිලීස් කරනවා හැබැයි ඒ කවදද කියලා තමයි කියන්න බැරි.
* ඉදිරි වැඩකටයුතු ගැන දැන ගන්න රසිකයන් කැමැති ඇති?

අපේ වෙබ් සයිට් එක රිලීස් වෙනවා ළඟදිම. www.doctorband.lk. ඔස්සේ ඉදිරියේදී අපේ අලුත් තොරතුරු දැන ගන්න පුළුවන් වෙයි. ගීත දෙකකින් එක ගීතයකට වීඩියෝ එකක් කරලා ජූලි, අගෝස්තු වෙද්දී රිලීස් කරන්නත් බලාපොරොත්තු වෙනවා.


තරුණියන් පැහැරගෙන ගොස් දූෂණය කළ ‍පොලිස් නිලධාරීන් ගැන කතා අප අසා තිබුණත් ‍පොලිස් නිලධාරිනියක විසින් තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීමක් නම් අපේ ‍පොලිස් ඉතිහාසයේම අසන්නට නැති තරම්ය. මෙම අසාමාන්‍ය සිද්ධිය ගැන වාර්තා වන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය ‍පොලිස්පති බල ප්‍රදේශයෙනි. නැතිනම් ගම්පහ දිස්ත්‍රික්කය තුළිනි. එකී සිද්ධිය මුල්කර ගනිමින් මේ සටහන් කරන්නට යන කතාව එම ‍පොලිස් නිලධාරිනියට හෝ ඇය විසින් පැහැරගනු ලැබූ තරුණයාට අපකීර්තියක් ගෙනදීම  හෝ පාඨකයන් කුල්මත් කිරීම අරමුණු කරගෙන ලියවෙන්නක් නොවන බව මුලින්ම සඳහන් කරමු. මෙකී සිදුවීම හරහා තරමක් හෝ අනාවරණය කරන්නට උත්සාහ දරන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති ‍පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තා නිලධාරිනියකට මුහුණ දෙන්නට වූ ඛිෙදනීය සිදුවීම් පෙලකි. 

ඇය සේවය කරනුයේ යම් ‍පොලිස් කොට්ඨාසයක කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික ‍ලේකම්වරියක ලෙසිනි. එම ‍පොලිස් කොට්ඨාසයේ වසර ගණනාවක්ම ඇය සේවය කරන්නීය. ඒ කාලය තුළ වරින්වර පත්ව ආ ‍පොලිස් අධිකාරීවරුන් හතර පස් දෙනකුගේම පෞද්ගලික ‍ලේකම්වරිය වූයේ ඇයය. 

මෙම නිලධාරිනිය විවාහකය. තිස්පස් වියැතිය. සැමියාද ‍පොලිස් පරීක්ෂකවරයෙකි. දෙදෙනාට දාව දරුවන්ද සිටියි. ඉන් එහාට ඒ පවු‍ලේ තොරතුරු සටහන් තබන්නට යන්නේ නැත. ඒ එම දරුවන්ටත්, ඇගේ සැමියාටත් ඒ තුළින් යම් බලපෑමක් සිදුවිය හැකි නිසාය.

මෙම නිලධාරිනිය ‍පොලිස් සේවයට එක්ව ඇත්තේ උප ‍පොලිස් පරීක්ෂකවරියක ලෙසිනි. ‍පොලීසියට එක්වූ දා සිටම ඇය ‍පොලීසියට ගෙන දුන්නේ කීර්තියකි. ඒ බොක්සිං ක්‍රීඩාවෙනි. ක්‍රීඩාවෙන් ඉදිරියට ගියාක් මෙන්ම ඇය මෙයට වසර දෙක තුනකට පෙර එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සේවයටද ගොස් තිබුණාය. ඒ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ප්‍රධානීන් මෙරටට පැමිණ කළ පරීක්ෂණයකින් සමත්වය. 

තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කළා යැයි චෝදනා එල්ල වන්නේ මෙම නිලධාරිනියටය. 
සිද්ධියට සම්බන්ධ බව පැවසෙන තරුණයා මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූවෙකි. ‍පොලීසියට කර ඇති ප්‍රකාශයකට අනුව ඔහුත් ඇයත් මුණගැසී දැන හඳුනාගෙන ඇත්තේ බොක්සිං ක්‍රීඩා තරගාවලියකදීය. දැන හඳුනාගැනීම හිතවත් කමකටත් පසුව ඉන් එහා ගිය සම්බන්ධයක් බවටත් පත්වන්නට එතරම් කාලයක් ගොස් නැත. ‍පොලිස් පරීක්ෂකවරිය ඔහුගේ නිවසට ගොස්, පැහැරගෙන හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කළේ යැයි කියැවෙන්නේ දෙදෙනා අතර ඇතිවුණු ඒ සම්බන්ධතාව පළුදුවීමත් සමගිනි. 

ඇය එසේ ඔහුව පැහැරගෙන ගොස් හිරිහැර කළේ යැයි කියන්නේ 28 වෙනිදා රාත්‍රියේදීය. එමෙන්ම මෙම නිලධාරිනිය නිදාගෙන හුන් ඔහුගේ බිරිඳටත් සිව් හැවිරිදි දරුවාටත් පහරදී ඇති බවද සඳහන් වේ. 
ඔහුගේ බිරිඳත්, ඔහුත් ඉකුත් 29 වෙනිදා බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ලට අනුව කියැවෙන්නේ ‍පොලිස් පරීක්ෂකවරිය නිරන්තරයෙන් දුරකථන ඇමතුම් දෙමින් කරදර කර ඇති බවය. ඒ ඇය සමග ඇසුරු කරන්නට පැමිණෙන ලෙසය. 

ඇය එසේ කරනු ලබන කරදර ගැන මෙම තරුණයා බිරිඳව පවා දැනුවත් කර තිබි ඇත. ඒ ඇයගෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් නිසා බව නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා හමුවේ කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ය. 

“අපි දෙන්නා කතාබහ කරන එක නතර කරන්න හදන්න එපා.”යනුවෙන් ඇය ඔහුගේ බිරිඳට අවස්ථා කිහිපයකදීම තර්ජනය කර ඇති බවද පැමිණිල්ලෙහි සඳහන්ය. 

වරක් ඇය බලහත්කාරයෙන් ඔහුව පැහැර ගෙන ගියේ යැයි සඳහන් කර ඇත්තේ බියගම පැත්තේ හෝටලයකටය. එදා ඔහුව රැගෙන ගොස් ඇතැයි පැමිණිල්‍ලේ සඳහන් වන්නේ දරුවාටත් බිරිඳටත් ඔහුටත් වෙඩි තබා මරා ඇයත් සිය දිවි හානි කර ගන්නා බවට තර්ජනය කරමිනි. ඒ ඇතිවුණු බියට ඔහු ඇය සමග හෝටලයට ගියද, බිරිඳ සිය දරුවාද සමග ගමේ ගිය බව සඳහන්ය. ඒ ගොස් ටික කලකට පසු බිරිඳ නැවත පැමිණියත් ‍පොලිස් පරීක්ෂකවරියගෙන් නම් ගැලවිල්ලක් නොලැබුණු බවත්, පවුල් ජීවිතය විනාශ වුණු බවත් ඔහු නියෝජ්‍යය ‍පොලිස්පතිවරයා හමුවේ පවසා ඇත.

‍පොලිස් නිලධාරිනිය එදා ඔහුව පැහැර ගැනීමට නිවසට කඩා වැදුණේ යැයි සඳහන් වන්නේ රාත්‍රි 8.00ට පමණය. ඒ වන විට ඔහු සිට ඇත්තේ නිදි ඇඳේය. නිවසින් පිටතට ඔහුව ඇදගෙන ගියේ යැයි සඳහන් වන්නේ ගෙල මිරිකා පහරදීය. ඉන්පසු ඇය ඔහු රැගෙන ගොස් ඇත්තේද ඔහුට අයත් මෝටර් රථයේම දමාගෙනය.  එසේ බලහත්කාරයෙන් ඇය ඔහුව රැගෙන ගොස් ඇත්තේ  මුහුදු වෙරළකට ය. අනතුරුව හෝටල් කාමරයකට ගෙන ගිය බවද සඳහන් වේ. ඔහුව නිදහස් කරන්නේ පසු දිනය. 

නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා හමුවට එවර මෙම තරුණයා බිරිඳත් සමග ගොස් ඒ ගැන පැමිණිලි කරන්නේ දිගින් දිගටම ඇගෙන් එල්ල වුණු තාඩන පීඩන ඉවසා ගන්නට නොහැකි වූ තැනය. ඒ අනුව දැන් මෙම ‍පොලිස් නිලධාරිනියට එරෙහිව නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ උපදෙසින් පරීක්ෂණයක්ද ක්‍රියාත්මකය. එම පරීක්ෂණය සිදුවන්නේ සහකාර ‍පොලිස් අධිකාරීවරයකු යටතේය. ඇයට ‍පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ ගිනි අවි පවා මේ වන විටත් භාරගෙන හමාරය. ඉන් නොනැවතී ඇගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මෙම නිලධාරිනිය මෙවැනි තත්ත්වයකට ඇද වැටුණු ආකාරය ගැනද විවිධ තොරතුරු දැනගන්නට තිබේ.

ඇය දීර්ඝ කාලයක් බොක්සිං ක්‍රීඩාවේ නිරතව සිටි තැනැත්තියකි. එහිදී හිසට වැදෙන පහරවල බලපෑම් මතුවන්නේ කාලයක් ගතවන විට බවද පැවසේ. මෙවැනි සාධක නිසා හටගත් පීඩනය තීව්‍ර වන්නට තවත් හේතුවක් තිබි ඇති බවද සඳහන් වේ. ඒ ඇතැම්  ඉහළ නිලධාරීන්ගෙන් ඇයට එල්ල වන අයුතු බලපෑම්ය. මෙය  ‍පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකු  දන්නා ප්‍රසිද්ධ රහසක් බවද පැවසේ. 
මේ ආකාරයෙන් ඉහළ ‍පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වන ඒ පීඩනයන් හේතුකොටගෙන ඇය යම් මානසික ආතතියකට ලක්ව සිටි නිසා ඒ බව හඳුනාගත් ඇතැම් ඉහළ නිලධාරීන් උපදේශන සායනවලට පවා ඇයව යොමු කර තිබුණු බව සඳහන්ය. 

‍පොලිස් නිලධාරිනිය අවසානයේ මෙම තත්ත්වයට පත් වූයේ ඇයට එල්ල වූ මේ ආකාරයේ විවිධ බලපෑම් හේතුවෙන් හටගත් ව්‍යාකූලතා හේතුවෙන් විය නොහැකිද යන්න මේ ගැන දන්නා බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නය වී ඇත. ඒ නිසා ඇගේ වැඩ තහනම් කර ඇයව හුදෙකලා කිරීමෙන් පමණක් අපට සෑහීමකට පත්විය හැකිද යන්න පිළිබඳව මෙහිදී ඇතිවන්නේ ගැටලුවකි. 

ඇයව ඒ තැනට පත් කළ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන්ද යම් පරීක්ෂණයක් කිරීමට ‍පොලිස් බලධාරීන්ගේද අවධානය යොමු වෙන්නේ නම් එය මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට යම්  පිටුවහලක් වනු ඇත. එහෙත් ඊට ඉහළ පුටුවල රැඳී සිටින ‍පොලීසියේ නිලධාරීන්ගෙන් ඉඩක් ලැබේවිදැයි ඇත්තේ ගැටලුවකි.

ගයාන් කුමාර වීරසිංහ

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery