facebook page

Powered by Blogger.

Blogger templates

බම්බලපිටියේ රූපලාවන්‍යාගාරයක දී එන්නතක් විදීමෙන් මියගිය වෛද්‍ය පී.ඒ.ප්‍රියංගි මහත්මියට  දුන්නායැයි පවසන සෙෆරොක්සි නමැති ඖෂධය රූපලාවන්‍ය   සඳහා කිසිසේත්ම භාවිතයට නොගන්නා ප්‍රතිජීවක ඖෂධයක් බව රුහුණ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ,සී.පී.පෙරේරා මහතා පවසයි.
ඔහු   පවසන්නේ මෙවැනි ඖෂධයක් ඇයට ලබා දීමට හේතුව කුමක් ද යන්න පිළිබඳ වැඩිදුරටත් සොයා බැලිය යුතු බවයි.
වෛද්‍ය පෙරේරා මහතා මෙසේ ද කීවේය.
‘මෙය පෙනිසිලින් කාණ්ඩයේ නූතන නිෂ්පාදනයක්. පෙනිසිලින් කියන්නේ බොහෝ අයට ආසාත්මිකතා ඇති කරණ නමුත් ඉතා බහුලව භාවිතා කරන ඖෂධයක්. පෙනිසිලින් කාණ්ඩයේ නූතන නිෂ්පාදනවල අතුරු ආබාධ ඉතා අඩු වුවත් අතුරු ආබාධ නැතැයි කිව නොහැකියි. සාමාන්‍යයෙන් පෙනිසිලින් කාණ්ඩයේ ඖෂධයක්  දීමට පෙර එය ලබන තැනැත්තාට ආසාත්මිකතා තිබේදැයි පරීක්ෂා කරනවා. මියගිය තැනැත්තිය වෛද්‍යවරියක් ද වීම නිසා ඇය තමන්ට ආසාත්මිකතා තිඛෙන බව නොදැන සිටියායැයි සිතිය නොහැකියි. කෙසේ වෙතත් මෙවැනි ඖෂධයකින් ආසාත්මිකතාවක් ඇති වුවහොත් එය ඉතා වේගවත් මරණයක් විය හැකියි. මෙතැන දී සිදුව තිඛෙන්නේත් එවැනි මරණයක්. ‘
විශේෂඥ අධිකරණ වෛද්‍ය පෙර්රා මහතා පවසන්නේ එම වෛද්‍යවරියට එන්නත් දෙකක් ලබා දී ඇත බවද වාර්තා වනව බවයි. ඒ එන්නත් දෙකම සෙෆරෙක්සි  ද වෙනස් එන්නත්   දෙකක් ද යන්න සොයා බැලිය යුතු බව ද ඔහු  පවසයි.
කල් ඉකුත් වූ බෙහෙත් ද, පෙති නිශ්පාදන යන්ත්‍රයක් ද එහි තිබූ බව පොලිසිය කියයි.
දොස්තර නිහාල් ගමගේගේ නිවස ද පරීක්ෂාවට ලක් විය.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, රජයේ රස පරීක්ෂක ඇතුළු විශේෂඥ වෛද්‍යවරු හා රස පරීක්ෂක විද්‍යාඥයෝ දස දෙනෙක් පමණ මේ සෝදිසියට එක් වූහ.
යළිත් මෙම ස්ථානය සෝදිසි කරන බව ඔවුහු කීහ.
බම්බලපිටිය පොලිසියේ උප පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතා එම කටයුතු සම්බන්ධීකරණය කළේය.

රූපලාවන්‍ය ප්‍රතිකාරයට ගිය වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ දොස්තර නිමල් ගමගේ කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
රූපලාවන්‍ය ආයතනයේ දී මිය ගිය දොස්තර ඊ ඒ ප්‍රියංගාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දොස්තර නිහාල් ගමගේ අද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන කොළඹ මෘත ශරීරාගායට ගෙන එනු ලැබීය.
ඔහු අද සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සවස්වන තුරු අවසන් වූයේ නැත.
මේ අතර රූපලාවන්‍ය වෛද්‍යවරයාගේ සුදුසුකම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු ප්‍රශ්න මතු කරති. කියන සුදුසුකම් ඔහුට නැතැයි ඔවුහු පවසති.

 වෛද්‍ය ඊ ඒ ප්‍රියංගාගේ සිරුරේ කොටස් රස පරීක්ෂකයට යැවීමට අද කොළඹ පොලිස් මෘත ශරීරා ගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දු විය.
මරණයට හේතුව ප්‍රකාශ නොකැරිණි.
විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න මහතා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීය.



‘කික්’ චිත්‍රපටය උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වෙද්දී බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත්තේ එහි රඟන සල්මන් ඛාන් සහ ලාංකේය නිළි ජැකලින් ෆර්නැන්ඩස් වෙතටයි. පසුගිය දා ඉන්දියාවේ ‘සී. ටී. වී.’ (zee TV) රූපවාහිනී චැනලයේ විශේෂ සාකච්ඡාමය වැඩසටහනකටත් සල්මන් සහ ජැකලින් ඇරයුම් ලබා සිටියේ ඒ ජනප්‍රියත්වය නිසාමයි. එම වැඩ සටහනේදී එක් අවස්ථාවක සල්මන් ජැකලින්ව ඇමතුවේ ‘ජේ. එෆ්. කේ.’ (JFK) යනුවෙන්.

වැඩ සටහන මෙහෙයවූ නිවේදකයා ජැකලින්ව එලෙස හැඳින්වූයේ ඇයිදැයි සල්මන් ගෙන් විමසුවා. එවිට සල්මන් කියා සිටියේ JFK යනු ‘ජැකලින් ෆර්නැන්ඩස් ඛාන්’ බවයි. ජැකලින් නම් ඊට සිනාසුණා මිස කිසිවක් කීවේ නැහැ. ඒ වුණත් සල්මන්ගේ ඒ හැඳින්වීමෙන්ම හැ‍ඟෙන්නේ ජැකලින් ඔහුගේ හිතට බෙහෙවින්ම සමීප වී ඇති වග නොවෙයි ද?

මේ දැඩි හිතවත්කම නිසාම පසුගිය දා සල්මන්, ජැකලින්ට ඉතා වටිනා තෑග්ගක් පිරිනමා තිබෙනවා. ඒ, ‘අවුඩි’ මෝටර් රථයක්. මීට කලිනුත් සල්මන් ගෙන් ජැකලින්ට තෑග්ගක් ලැබුණා. ඒ, සුඛෝපභෝගී නි‍ෙවසක්. රුපියල් ලක්ෂ ගණනක් වියදම් කරමින් ඔහු මෙලෙස ජැකලින්ට තෑගි දෙන්නේ මොන හේතුවකටදැයි ඔබට හිතේවි.

 විශේෂ හේතුවක් නැහැ. එය, සල්මන්ගේ සිරිතක්. ඔහු, මීට කලින් තමන් සමඟ රඟපෑ ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකුටම මේ අයුරින් ඉතා වටිනා තෑගි පිරිනමා තිබෙනවා. ඒ වුණත් කටකතා පතුරුවන අය කියන්නේ ‘කික්’ චිත්‍රපටය රූගත කළ දිනවලදී සල්මන් වරින් වර ජැකලින්ගේ කනට කොඳුරමින් මොනවදෝ පැවසූ බවයි. කරුණු දන්නා අය නම් කීවේ චිත්‍රපටය රූගත කෙරෙද්දී අධ්‍යක්ෂවරයා සහ සෙසු නළු නිළියන් හින්දි භාෂාවෙන් පැවසූ වදන් සල්මන් ජැකලින්ට ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කළ බවයි. වෙනත් කිසිවක් කනට කෙඳිරුවේ නැතිලු.


කොහොමද ධනංජි?

හොඳින් ඉන්නවා. මේ දවස්වල 'ෆේස් බුක්' සහ 'හිරු තනි වෙලා' ටෙලි නාට්‍යයවල වැඩකටයුතු වල තමයි නිරත වෙලා ඉන්නේ.

ධනංජි කිව්වහම දැන් කොයි කවුරුත් අඳුරනවා නේ?

මේ වෙද්දි රංගන ශිල්පිනියක් විදිහට මගේ අනන්‍යතාව ගොඩ නැඟිලා තියෙන නිසා දැන් හැමෝම වගේ මාව අඳුරනවා.

කෙහොමද කෞෂිටයි උදාරාටයි ලැබෙන
ප්‍රතිචාර ?

හොඳයි. වැඩි ප්‍රතිචාර ලැබෙන්නේ උදාරාට.

රංගන ශිල්පිනියක් විමේ හීනෙත් දැන් හැබෑ වුණානේ. දැන් සතුටුද?

පාසල් කාලේ ඉඳල මගේ කැමැත්ත තිබුණේ රංගනයට. නමුත් රංගනයට පිවිසෙන්න ඩිරෙක්ට් මාර්ගයක් තිබුණේ නැති නිසා මුලින් නිරූපණ ක්ක්‍ෂේත්‍රය තෝරා ගත්තා. ඉතින් දැන් නම් මට ගොඩක් සතුටුයි මගේ හිනේ හැබෑ වීම ගැන.

නමුත් මෑත කාලයේ චරිතාංග රංගනයක යෙදීමට හැකි දක්ෂ රංගන ශිල්පින්ගේ අඩුවක් තිබෙන බව ඔබ පිළිගන්නවාද?

චරිතාංග නිළියන් ගේ අඩුවක් තියෙනවා කියලා පිළිගන්න වෙනවා. නමුත් දක්ෂතා තිබුණත් රංගනයට පිවිසිලා කෙටි කාලෙකින් ඉන් ඉවත්ව යෑම ඊට බලපාන එක් හේතුවක්. මට හිතෙන විදිහට රංගන ශිල්පිනියක් කියන්නේ විවිධාකාරවු චරිත නිරූපණය කිරීමේ හැකියාවක් තියෙන කෙනෙකුටයි. නමුත් අද ඇවිත් හෙට චරිතාංග නිළියක් වෙන්න බැහැ නේ.

ඒ කියන්නේ කවදාවත් රංගනයට සමු දෙන්න ධනංජිගේ හිතේ කොහෙත්ම බලාපොරොත්තුවක් නැති හැඩයි?

ඈත් වෙන්න නම් බලාපොරොත්තුවක් ඇත්තේම නැහැ. වයසට ගියාහමත් ඒ වයසට ගැළපෙන චරිත එක්ක රංගනයේ නියැළිලා ඉන්න තමයි උත්සහ කරන්නේ.

ජනප්‍රියත්වය නිසා දැන් ඔළුවත් ටිකක් ඉඳිමිලයි කියන්නේ?

එහෙම කියනවාද? රංගන ශිල්පිනියක් විදිහට ඇඳුමින් පැළඳුමින් එහෙම අපි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. තව ජීවිතයේ හොඳ දෙවල්වලට වෙනස් වෙනවා මිසක් අහංකාර කමක් නැහැ. මම ඉස්සර හිටපු ධනංජිමයි. අද වෙනතුරු ඔහොම චෝදනවාක් කවුරුත් මට කරලත් නැහැනේ...

නමුත් දැන් ධනංජි රංගනයට පාර පෙන්නපු නිරූපණ ක්ෂේත්‍රයත් අමතක කරලානේ?

ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වීමත් එක්ක ඉස්සර තරම් නිරූපණ කටයුතු වලට යොමු වීමට කාලයක් නැති වුණත් ලැබෙන කෙටි විවේකි කාලයෙන් තෝරා බේරා ගත් නිරූපණ කටයුතු කීපයක නියැළෙනවා. නැතුව අමතක කරලා එහෙම නෙවෙයි.

දැන් එක ටාර්ගට් එකක් හරිනේ මොකද්ද ඔබේ ඊළග ටාර්ගට් එක?

මේ ක්ෂේත්‍රයේම ඉහළට යන්න. එත් ඉදිරිය කොහොම වෙයිද කියලා දැන්ම තීරණය කරන්න අමාරුයි.

ධනංජිටත් කවුරු ගැන හරි ආදරයක් ඇති වුණොත් කෞෂි වගේ ඔහුගේ පස්සෙන් යයිද?

අනේ නැහැ මම එහෙම පස්සෙන් යන්නෙත් නැහැ. එහෙම ආදරයක් තාම ලැබිලත් නැහැ.

ඇයි ආදර පලහිලව්වලට පැටළිලා ජනප්‍රියත්වය අඩු වෙයි කියල බයද?

මගේ වයසත් එක්ක දැන්ම ආදරයක් ඕනේ කියලා මට හිතෙන්නේ නැහැනේ.

ඔහ් ඒ කියන්නේ පාසල් කාලේ තිබුණු සබඳතාවට ඔය දැන් කියන වයස බලපෑවේ නැද්ද?

ඒ කාලේ එහෙම සම්බන්ධයක් තිබුණා තමයි ඉතින්. නමුත් පාසලෙන් අවුට් වෙද්දි තමයි මට හිතුණේ ටික කාලයක් ගිහින් දෙමාපියන්ගේ කැමැත්තත් ඇතුව සුදුසු කෙනෙක් එක්ක දීග යෑම හොඳයි කියලා.

ඒ කියන්නේ දෙමාපියන්ගේ කැමැත්තෙන් පිට දීගයක් ගැන හිතන්නෑ කියලද?

කොහොමත් දෙමාපියන්ගේ කැමැත්තන් පිට විවාහයකට මගේ කැමැත්තක් නැහැ.

ගෙදරින් හොයලා දෙන ඕනැම මනමාලයකුට ධනංජි කැමැති වෙනවාද?

දෙමව්පියෝ දරුවන්ට කවදාවත් වැරැද්දක් කරන්නේ නැහැ නේ. හොඳ කෙනෙක් යෝජනා කළොත් එයාලා එක්ක කතා බහ කරලා එකඟතාවයකට එනව.



විධායක නිලධාරිනියකගේ සාරිය අස්සේ කටුස්සකු රිංගා යාම නිසා සිදුවූ අකරතැබ්බයක කතා පුවතකි මේ. බස්නාහිර පළාතේ ආයතනයකි. නිලධාරිනිය කාර්යාලයේ ඔබ මොබ ඇවිදිමින් සිටියාය. 
කොහේදෝ සිට පැමිණි කටුස්සකු එකවරම නිලධාරිනියගේ දෙපා මුලින් සාරිය අස්සට රිංගා ඒමේ අත දිව යන්නට විය. මහත් බියට පත් වූ නිලධාරිනියගේ විලාප හඬින් සේවක සේවිකාවෝ මෙන්ම අනෙක් පිරිසද විමතියට පත් වූහ.
කටුස්සා ඉවතට ගැනීම ලේසි පාසු කටයුත්තක් නොවීය. සෙසු සේවිකාවෝද ඇගේ සහයට පැමිණියහ. වහාම විවේකාගාරයට ගොස් සාරිය ගලවා දැමූ පසු කටුස්සා නිරුපද්‍රිතව එළියට පැනගත්තාලූ.
දිවා ආහාර පැයේදී ඇය සෙසු නිලධාරිනියන් සමඟ පවසා ඇත්තේ ඊට පෙර දිනද ඔය කටුස්සා මල් පඳුර මත සිටිනු තමා දුටු බවයි.
”ඔයාට ඒ වෙලාවෙ බලාගන්න තිබුණෙ ඒ පිරිමි කටුස්සෙක්ද ගැහැනු කටුස්සෙක්ද කියලා’’ යැයි තවත් කටකාර විධායක නිලධාරිනියක් කී දෙයින් සියල්ලෝම කොක් හඬලා සිනාසෙන්නට වුණාලූ.


නව පරපුරේ කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස ජනප්‍රියත්වයට පත් ශෂිරංග වික්‍රමසේකර මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය රැසකින් ප්‍රේක්ෂක නෙතු මානයට පැමිණෙයි. ශෂිරංගගේ නවතම කලා තොරතුරු මෙන්ම පෞද්ගලික ජීවිතයේ තොරතුරු විමසා බලන්නට අපි කටයුතු කළා.

* මේ දවස්වල ඔබේ අලුත්ම තොරතරු මොනවාද?

මේ දවස්වල ‘ස්වර්ණපාලි’ විකාශය වෙනවා. ඊට අමතරව ‘වෙද මුදියන්සේ’, ‘අඳුරෙන් එළියට’, ‘රණමොනරු’ ටෙලිනාට්‍යවල වැඩ කරගෙන යනවා.

* ‘ස්වර්ණපාලි’ ඓතිහාසික කතා පුවතක් රැගත් ටෙලිනාට්‍යයක් නේද?

ඔව්. ඒ කාලේ ලංකාවේ ජීවත්වුණු වීර චරිතයක් වන ‘සූරිය බණ්ඩාර’ කියන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. සුද්දො මේ රට අල්ලගත්තට පස්සේ රට ජාතිය වෙනුවෙන් නැඟී සිටිය, කැරැල්ල ගෙන ගිය නායකයෙක් ඔහු. කාලෙකට පස්සේ ඒ වගේ චරිතයක් මං කළේ. මේ චරිතය ගැන ප්‍රේක්ෂකයන් හුඟදෙනෙක්ගේ කතාබහට ලක්වෙනවා.

* කෙටි කාලයකදී ඔබ ජනප්‍රිය නළුවෙක් බවට පත්වුණා නේද?

කෙටි කාලයකදී කියන එකට මම එකඟ නැහැ. මම 2001 වසරේ ළමා පුවත් නිවේදකයෙක් විදිහට ජාතික රූපවාහිනියට සම්බන්ධ වුණා. අද ඔබ දකින මේ ජනප්‍රිය චරිතය හැදෙන්න මම ගොඩක් දුක්වින්දා. මම ක්ෂෙත්‍රයට ආවේ ඕපපාතිකව නෙවෙයි. එක රැයින් අද ‍ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙන අය ඕන තරම් ඉන්නවා. මම එයට මුකුත්ම කියන්නේ නැහැ. නමුත් මම ආ ගමන බොහොම දුෂ්කර, කට්ට කාගෙන ආපු එකක්. ස්වර්ණවාහිනියේ සහාය නිෂ්පාදකවරයෙක් විදිහට කටයුතු කරලා, තිර පරීක්ෂණවලට ඉඳලා සුළු සුළු චරිත රඟපාලා අද ප්‍රධාන තලයේ ජනප්‍රිය චරිතවලට දායක වෙනවා. ලොකු කාලයක් ක්ෂේත්‍රයේ ඉඳලා තමයි මෙතැනට ආවේ. ‍ෙලාකු අතීතයක් තුළ පුංචි වර්තමානයක් තුළ මගේ ජනප්‍රිය බව සැකසී තිබෙනවා කියා හිතෙනවා.

* අද වෙනකොට ඔබ අලුත්ම වෘත්තියක අලුත්ම නිලයක් දරනවා නේද?

මම ඒ ගැන මාධ්‍යයට කියන්න හිතාගෙන හිටියෙ නැහැ. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ගේ මාධ්‍ය ලේකම් ලෙස මා කටයුතු කරනවා. රංගනයත් මාධ්‍ය ලේකම් රැකියාවත් කරගෙන යෑමයි අරමුණ.

* දේශපාලනය කරන්න අදහසක් ති‍බෙනවාද?

එහෙම අදහසක් කොහෙත්ම නැහැ. මෙතැනදීත් මම මාධ්‍ය ලේකම් තනතුර ‍තෝරාගත්තේ මට මාධ්‍ය තුළ යමක් කරන්න වුවමනාවක් තිබුණු නිසයි. මම ජනප්‍රිය නැති කා‍ලයේත් මාව කවුරුත් නොදන්නා කාලයේත් මට ඉදිරියට එන්න දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා සෑහෙන උපකාර කළා. එයට කෘතගුණ සැලකීමක් ලෙසයි මේ වෘත්තිය තෝරාගත්තේ.

* ආදරේ ගැන මොකද හිතෙන්නේ?

මේ දවස්වල මගෙන් හැමෝම ආදරේ ගැන අහනවා. එයට හේතුවක් තිබෙනවා. ඔය වටින්ගොඩින් අහන්නේ මගේ තිබුණු ආදර සම්බන්ධතාව ගැනනේ. ආදරේ කරද්දී මම ඇත්තටම ඇයට ආදරේ කළා. අපි ආදරේ කරන කාලෙදිත් අපිට විවිධ මාධ්‍ය ඔස්සේ ඇත්තටම ප්‍රචාරයක් ලබා දුන්නා. ඒත් ආදර සබඳතාව බිඳවැටී ගියාට පසුව ලැබෙන මේ තරම් ප්‍රචාරයක් ඒ කාලේ අපි දෙන්නටම ලැබුණෙ නැහැ.

* අද ක්ෂේත්‍රයේ ආදර සබඳතා ගැන ප්‍රේක්ෂක අවධානය දැඩි ලෙස යොමු වෙනවා නේද?

රංගන ශිල්පීන් විදිහට ආදරයක් ඇතිවුණාම ඒක ජනතාවට ඉක්මනටම සම්ප්‍රේෂණය වෙනවා. නමුත් රංගන ශිල්පීන් නොවන සමාජයේ බොහෝ දෙනාගේ පවුල් ජීවිතවලත් මේ වගේ අර්බුද තිබෙනවා. ජනප්‍රිය වීම තුළ තමයි මේ දේ තියෙන්නේ. එක පැත්තකින් එය අපේ පෞද්ගලික ජීවිතවලට ප්‍රශ්නයක්. නමුත් ඉතින් ආදරවන්තයෙක් විදිහට ගත්තම අවංකව ආදරේ කළා කියන තැන මම අදටත් ඉන්නවා.

* වසර තුනක පෙම්කතාව නිමා කළේ ඔබද ඇයද?

ඇයයි මේ තීරණය ගත්තේ, අපේ සම්බන්ධය නතර කරන්න. එයට ඇය විවිධ හේතු කියනවා. අවංකවම අදටත් මම දන්නේ නැහැ ඇය මේ සම්බන්ධය බිඳ දමන්න හේතුව.

* වසර තුනක පමණ ප්‍රේමයක් බිඳීයාම දරාගන්න අපහසු අත්දැකීමක් නේද?

ඒ ගැන අදටත් මට මොකුත් කියන්න බැහැ. ඇය මට එක එක චෝදනා එල්ල කරනවා. අවුරුදු 3ක් කියන්නේ ලොකු කාලයක්. මම ආදරේ සෙල්ලමට කළා නම් මට ඇයට පෙර මේ සම්බන්ධතාව නතර කර දමන්න හේතු තිබුණා. ඇය මං ගැන කියන දේවල් මට හිතාගන්න බැහැ. ඇයට හුඟාක් අය කියනවලු මේ සම්බන්ධය නතර කරපු එක හොඳයි කියලා. ඇයට විතරක් නෙමෙයි මටත් එහෙම කියනවා. එහෙම කිව්වා. මම ඇයට ආදරය ප්‍රකාශ කළ දවසෙම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් කතාකරල කිව්වා ‘මල්ලී මේ සම්බන්ධෙ නතර කරන්න’ කියලා. අදටත් ඒ අය හමුවුණාම අහනවා “උඹට එදා කිව්ව දේ ඇහුව නම් අද මෙහෙම වෙන්නේ නැහැ නේද?” කියලා.

* කලා ක්ෂේත්‍රයේ ආදරයක් බිඳ වැටුණාම දෙදෙනා දෙපැත්තකට වෙලා එක එක්කෙනාට චෝදනා කර ගන්නවා නේද? ඒ ගැන මොකද හිතෙන්නේ?

එය වැරදි දෙයක්. ඒත් ඇය මට කරන චෝදනාවලට මා පිළිතුරු දිය යුතුයි. ඇගේ නිවෙසින් අපේ සම්බන්දෙට අකැමැති වුණා. මාව ප්‍රතික්ෂේප කරන කොටත් අපි දෙන්නා වෙන්වෙන්නේ නැතිව හිටියා. ඇය ආදරේදී මට වඩා කැපකිරීම් කළ අවස්ථා තිබුණා. ඒ ආදරේ නිසා. ඇය මාධ්‍යයට කිව්වේ ඇය ආදරේ කරන්නේ ඇගේ පියා වගේ ගතිගුණ තිබෙන කෙනෙක්ට කියලා. මං එයාට ගොඩක් ආදරෙයි. මනුස්සකම උතුරන කෙනෙක් මං කියලා එයා මාධ්‍යයට එහෙම කිව්වා. අද ඒ කටින්ම ඒ දේවල්වල අනික් පැත්තයි ඇය කියන්නේ. සමහර කාලවලදී සමහර අයට ජීවිතේ තරම් වටින කෙනෙක්, ප්‍රිය කරන කෙනෙක් නැහැ කියල කියන අයට ඒ දේවල් නැතිවුණාට පසුව මගේ ජීවිතේ එපාම කරපු මට වද දීපු මාව විනාශ කරපු නැති කරපු කෙනා එයා කියලා හඳුන්වනවා.

* ඔබ සල්ලිවලට ආදරය මායිම් කළ බවටත් ඇය චෝදනා කරනවා.

එය බොරුවක්. මේ වසරේ අපි විවාහ වෙන්නයි හිටියේ. ඇය අපේ සම්බන්ධය නතර කළ විටත් මම ඇය අත්හැරියේ නැහැ. මම මාස තුනක් පුරාවට මේ දේවල් විසඳගන්න ඇයත් සමඟ කතා කළා. ඒත් ඇය පැවසුවේ ලක්ෂ විස්සක් ඇගේ ගිණුමේ තැන්පත් කරනවා නම් මාත් සමඟ විවාහ වෙන්න ඇය සූදානම් ‍බවයි. ඇය වගේ මම සල්ලි බලල ඇයට කවදාවත්ම ආදරේ කළේ නැහැ.

* විවාහය දක්වා දුරක් ආ මේ සම්බන්ධය බිඳවැටීම ගැන ඔබ අද දුක් වෙනවාද? සතුටු වෙනවාද?

සතුටු වෙනවා. මොකද විවාහ වෙලා ඇය මේ විදිහට තීරණයක් ගත්තා නම් මමත් ඇයත් දෙදෙනාම අසරණ වෙනවා. මොකද මම ඇයට සෙල්ලමට ආදරේ නොකළ නිසා.

* මේ ආකාරයට මාධ්‍ය හරහා ඔබ දෙදෙනා එකිනෙකාගේ අදහස් උදහස් ගැළපීම් නොගැළපීම් ගැන කතා කිරීම ඔබ දෙදෙනාටම හානියක් කියා හිතෙන්නේ නැත්ද?

මම කවදාවත් කිසිම තැනක ඇයට හානියක් වෙන දෙයක් ප්‍රකාශ කරලා නැහැ. ප්‍රකාශ කරන්නෙත් නැහැ. මම ඇයට මඩ ගහන්නේ නැහැ.

* ඔබ යළිත් පෙම්වතෙක් වේවිද?

කියන්න බැහැ ඉතින්.

* ආයෙත් පෙම්වතෙක් වුණොත් පෙම්වතියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

මනුස්සකම. ප්‍රශ්නවලදි දාල ගියාට කමක් නැහැ. ආර්ථිකමය වශයෙන් වැටෙන කොට එක රැයකට ලක්ෂයක් දෙකක් වියදම් කරන්න බැරි කොට දාල යන පෙම්වතියක් නම් මට එපා.

* යොවුන් නිළියන්ගෙන් ප්‍රේමාරාධනා ලැබෙන්නේ නැත්ද?

අපෝ නෑ. ශෂිරංග එක්ක රඟපානව කිව්වොත් හුඟක් නිළියන් කැමැතියි. මොකද මම කාටවත් කුකුල් පාට් දාන්න ගිහිල්ල නෑ. කාගෙන්වත් ගුටි කාල නැහැ. ඇක්ෂන් කියද්දි ආදරෙයි කිව්වත් කට් කියද්දි ඇත්තටම ඒ දේ මගෙ ඔළුවෙන් යනවා.



තම ජිවිතයේ යථාර්ථය සඟවා ගනිමින් ජීවත් වෙන කෙටි කාලයේදී තම සිතැඟි සියල්ල කෙසේ හෝ සපුරා ගැනීමට වෙර දැරු ‘අනිත්‍යා‘ හි දඩබ්බර කෞෂිත් සොරු රැළක් හා එක්ව තම පියාගේම මුදල් කොල්ල කන්නට මෙහෙයවන ‘කොස්තාපල් පුඤ්ඤසෝම‘ හි ශානිකාත් සිනමාවේ අපට හමු වූ එකිනෙකට වෙනස් චරිත ‍දෙකකි. සිනමාවේ මේ චරිත දෙකටම පණ පෙවු මැණික් විජේවර්ධන නම් වූ ඇය සිය කුලුඳුල් රංගනයෙන්ම බොහෝ දෙනාගේ කතා බහට ලක් වූවාය. මැණික් ගේ රංගන කුසලතාව මෙවර දැක ගත හැක්කේ මේ දිනවල පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට එන ‘ෆේස් බුක්‘ ටෙලි සිත්තම ඔස්සේ ය.

මම ඔබට තිලංකා කියලා කතා කළොත්?

පාසල් කාලේ යාළුවෝ ගොඩක් මාව දන්නේ තිලංකා කියලා තමයි. තිලංකා ලක්මිණි කියන්නේ මගේ උප්පැන්නේ තියෙන නම නිසා ඒ නමින් කතා කළාට කිසි ප්‍රශ්නෙකුත් නෑ.

ගම රත්නපුරේ නිසාද නම මැණික් වුණේ?

ඒ මගේ නික් නේම් එක. පොඩි කාලේ ඉඳලා මට මැණික් කියලා තමයි ගෙදර හැමෝම කතා කරන්නේ.

නහයට අහන්නේ නැති කොල්ලෝ ගැන නම් අපි අහලා තියෙනවා. ඒත් මැණික් කියන්නේ නහයට අහන්නේ නැති කෙල්ලෙක් ලූ නේද?

එහෙම නැහැ. ඉස්සර ටිකක් දඩබ්බරයි. ඒත් වයසින් මුහුකුරා යද්දි හොඳ නරක තේරුම් අරන් ඒ අඩුපාඩු හදා ගන්නවා. මමත් දැන් හොඳ නරක තේරුම් අරන් හැදිලා ඉන්නේ.

මැණික් ගේ ප්‍රතිපත්ති කාලෙන් කාලෙට වෙනස් වෙනවා නේ?

මගේ ජීවිතේ ගොඩක් ප්‍රතිපත්ති නැහැ. හැබැයි බොරුවට අකැමැති කෙළින් කතා කරන ප්‍රතිපත්ති නම් මා ගාව තියෙනවා. ඒ දේවල් වෙනස් වෙයි කියලා හිතන්නත් බෑ.

එහෙනම් ඔය අපුරුවට පහුගිය දවස් වල ප්‍රතිපත්ති වෙනස් වුණේ?

ඒ මොනවද...?

ටෙලි නාට්‍ය රඟ නොපානවායි කියපු ප්‍රතිපත්තිය?

ඒක මම පිළිගන්නවා. නාලක විතානගේ කියන්නේ මාව කලාවට හඳුන්වා දුන් දිගු කාලයක් එකට වැඩ කළ අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඔහුගේ ඉල්ලීම මට අහක දාන්න බැරි වුණා. මගේ පළමු චිත්‍රපටිය ජනප්‍රිය වුණු කාලේ ටෙලි නාට්‍ය වලට බෙහෝ ආරාධනා ලැබුණත් ටෙලි නාට්‍ය රඟනොපාන්න තිබුණ ප්‍රතිපත්ති නිසා බාර ගන්තේ නැහැ. නාලක මේ නාට්‍යය බාර ගන්න එක් හේතුවක්. අනෙක නාට්‍යයට පසු බිම් වූ සංකල්පය. දැන් තියෙන නාට්‍ය හා වෙනස් වුණු, තාරුණ්‍ය පදනම් වු නාට්‍යයක්.

එයද ඔබ නාලකගේ සෑම නිර්මාණයකටම දායක වීමේ විශේෂත්වය?

නාලක අධ්‍යක්ෂවරයෙක් විදිහට හඳුනා ගත්තට ඔහු දැන් සහෝදරයෙක් වගේ අපේ පවුලට ගොඩාක් සමීපයි. ඒත් ඔහුගේ හැම නිර්මාණයකටම නෙමෙයි මම චරිතයක් භාර ගන්නේ කැරැක්ටර් එක හොඳයි නම් ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් කියලා හිතුණොත් විතරයි.

ඔබ වඩාත් කැමැති ‘අනිත්‍යා‘ හි කෞෂිට ද ? ‘කොස්තාපල් පුඤ්ඤසෝම‘ හී ශානිකාටද?

මම කෞෂිට ගොඩක් කැමැතියි. ඒ කෞෂි මේ සමාජයේ ජීවත් වෙන චරිතයක් නිසයි.

ඔබේ ස්වරූපය ඔබව එකම රාමුවකට කොටු කරාවි යැයි හිතෙන්නේ නැද්ද?

නැහැ. එහෙම වෙන එකක් නැහැ. ‘අනිත්‍යා‘ට වඩා ‘රූපාන්තර‘ මගේ චරිතය වෙනස්. ඊටත් වඩා ‘කොස්තාපල් පුඤ්ඤසෝම‘ හී ශානිකා වෙනස්.

නැහැ. මම අදහස් කළේ ඔබේ බාහිර ස්වරූපය?

ආ.. ඒක ඇත්ත. ‘අනිත්‍යා‘ චිත්‍රපටයෙන් පසු ගොඩක් ආරාධනා ලැබුණේ ඒ වගේ නාගරික චරිත වලටමයි. මගේ ප්‍රතිරූපය කොටු කරගන්න ඹ්නේ නැති නිසා ඒ චරිත භාර ගන්න මම කැමැති වුණේ නැහැ. දැනට මම භාර ගත් චිත්‍රපට තුනෙන් එකක් ගැමි චරිතයක්. මේ දවස් වල ගොඩක් ඒ ගැන ස්ටඩි කරමිනුයි ඉන්නේ.

ලැබෙන චරිත වෙනුවෙන් තම ස්වරුපය ඕනෑම විදිහකට වෙනස් කරගන්න කැමැතිද?

කැමැතියි.

මැණික් හරිම අලස කෙනෙක් කියන්නේ ඇත්තද?

ම්ම්ම්......ඔව් ඔව්. මම ඒක පිළිගන්නම්කො. මේක මගේ වෘත්තිය කර ගන්නේ නැති නිසා අලස කම ලොකු බාධාවක් වෙයි කියලා හිතන්න බැහැ. වැඩක් නැති වුණාම පාන්දර තුන හතර වෙනකම් ෆිල්ම්ස් බලනවා. ඊට පස්සේ ඉතින් මුළු උදේ වරුවම නිදි.

ආදරයට ආදරය කරන අය අතර මැණික් ආදරයට වෛර කරන කෙනෙක් වුණේ ඇයි?

අනේ මම එහෙම දෙයක් කිව්වේ නැහැ. අපි ආදරය කරනවා නොගැළපීම් ඇති වෙනවා. මමයි එයයි අවුරුදු ගාණක් ආදරය කළා. විවාහ වෙන්නත් බලාපොරොත්තුවෙන් හිටියේ. නමුත් නොගැළපීම් අතරට වටේ හිටපු අයගේ කේලම් බොරු එකතු වුණු නිසයි අන්තිමට අපිට වෙන් වෙන්න සිද්ද වුණේ. අදටත් අපි අතර කිසිම තරහක් නැහැ. හොඳට කතා බහ කරනවා. නමුත් අක්කේ මම තව එක දෙයක් කියන්නම්. මේක විශේෂයෙන්ම කියන්න ඕනේ. ගැහැනියෙක් තමයි තවත් ගැහැනියෙක්ව විනාශ කරන්නේ. මම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ වපුරන දේ තමයි අපි නෙළා ගන්නේ කියන ඇත්ත. ඉතින් කෙනෙකුට හොඳක් කළොත් තමන්ටත් ඒ හොඳ ලැබෙයි. නරකක් කළොත් ඒ කෙනාට නෙළා ගන්න වෙන්නෙත් නරකම දේ තමයි.



රොෂාන් ප්‍රනාන්දු
 ආයුබෝවන් - ආයුබෝවන්
ඔබට සුබ දවසක්
කරන කියනා සියලු දේ
ඉටුවෙනා දවසක්...!
 
(පද - රොෂාන් ප්‍රනාන්දු)

ringing tone අපේක්ෂාවෙන් අපි කලකට පසු රොෂාන්ව ඇමතුවෙමු. නොසිතූ අයුරින් රොෂාන් ගීතයක් ගයමින් අපට සුබ ප්‍රාර්ථනා කළේ ය. අපූර්ව වෙනසකි. ඒ පිළිබඳව පවසමින්ම රොෂාන් අප සමඟ මෙම කතා බහට එක් වූවේ ය.

“දැන් phone එකකට call එකක් ගත්තම ඇහෙන්නෙම ආදර ගීත විතරමනේ. අම්ම ද, තාත්ත ද, නැන්ද ද, මාම ද, දුව ද, පුතා ද, ගුරුවරු ගුරුවරියක් වගේ වැඩිහිටියෙක් ද එහෙමත් නැත්නම් පූජකවරයෙක් ද වගේ කිසි තරාතිරමක් නොබලා තරුණ ආදරවන්තයින්ට සුදුසු පෙම් ගීතයක්ringing tones ඇහෙන්න පුළුවන්. ඉතින් මට හිතුණා - ඔය හැමෝම ආදරය ගැන අනම් මනම් කතන්දර ringing tones යොදා ගන්න වෙලාවේ මගේ phone එකට මේ සුබ පැතුම් ගීතය යොදාගන්න. මේ ගීතයට ලැබෙන ප්‍රතිචාරත් හොඳයි. අපේ රසික රසිකාවියන්ට සුදුසු අයුරින් අපි නිර්මාණ ඉදිරිපත් කරනවා නම් ඔවුන් ඒවා බාර ගන්නවා. මේ ගීතයත් ඊට උදාහරණයක්.”

. වත්මන් සංගීත ක්ෂේත්‍රය නියං සමයකට ගොදුරු වී වගේ. රසවත් ගී නිර්මාණ ඵල නොදරන කාල වකවානුවක් උදා වෙලා නේද?

“ඕනෑම ක්ෂේත්‍රයක නියඟ කාල වකවානු එනවා. ඒත් මං හිතන්නේ - මේ වකවානුවේ එළිදකින්නේ නැතුවාට හොඳ ගීත බිහිවෙමින් පවතිනවා ඇති දක්ෂ නිර්මාණකරුවන් අතින්. මේ නියං සමයට පසුව හොඳ ලස්සන ගී මල් පිපිලා එළිදකින්න ගනීවි. එතකොට ඉදිරි කාලය හොඳ වෙයි.”

. ඔබ එහෙම කිව්වට ගීත තැටි ව්‍යාපාරයත් නැතුව ඉදිරි කාලය හොඳ වෙන්නෙ කොහොම ද?

“ඒක නම් ඇත්ත තමයි. දැන් CD යන්නෙම නැහැනේ. ඒ නිසා මේ ක්ෂේත්‍රයට අලුතෙන් එන්න හදන මනුස්සයෙකුට පහසු නැහැ තමන්ගේ නිර්මාණ රසිකයින් අතරට ගෙනයන්න. මේ තත්ත්වය ගැටලුවක්. කලාකරුවන්ගේ අයිතිවාසිකමක් නැති කිරීමක් හා සමානයි. ඒ වගේම ගීත රසිකයින්ටත් මේ ගැටලුව නිසා අසාධාරණයක් සිදු වෙනවා. ඕනෑම රටක මෙවැනි ගැටලු මතු වෙද්දී රාජ්‍ය මට්ටමෙන් තීරණ ගන්න ඕනේ. ඒ සඳහා වගකිව යුත්තන් යොමු කරවා ගෙන විසඳුම් ලබා දීම ගායක ගායිකා සංගම්වල වගකීමක්. කලාව වෙනුවෙන් යම්කිසි විසඳුමක් ලබා දෙන්න ඔය සංගම් ක්‍රියා කළා නම් මෙලහටත් කරන්න එපැයි. ඒ ගොල්ලන්ට ඕනේ ඒ ගොල්ලන්ගේ වැඩ කරගන්න විතරයි. කලාකරුවන්ට බලපෑම් එල්ල වෙන පොදු ගැටලු එහෙමමයි. ගීත තැටි ව්‍යාපාරයේ කඩා වැටීම සංගීත ක්ෂේත්‍රයේ නියුතු සියලුම ශිල්පීන්ට බලපාන ගැටලුවක්.”

. ringing tones හී නිර්මාණ රැල්ල අඩුවෙලා වගේ...?

“ඔව්. ඒකත් දැන් ඉතින් සාමාන්‍ය දෙයක් වෙලා. ඉස්සර තරම් විශේෂ ආකර්ෂණයක් ඊට ලැබෙන්නෙත් නැහැ.”

. වෘත්තීය සංගීත ශිල්පියෙකු සහ ගායන ශිල්පියෙකු වන ඔබ මේ දිනවල නියැළී සිටින නිර්මාණ කටයුතු මොනවා ද?

“ඉස්සර වගේ අලුත් ගීත නම් මේ දිනවල කෙරෙන්නේ නැහැ. අපේ ආස්වාදයට ගීතයක් දෙකක් ඉඳහිට නිර්මාණය කර ගන්නවා ඇරෙන්න. සංගීත ප්‍රසංග වේදිකාවේ කටයුතු කරගෙන ඉන්නවා. සංගීත ප්‍රසංග ක්ෂේත්‍රය නම් වෙනදාට වඩා හොඳයි.”

. එහෙම නම් අද අපි එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රය පිළිබඳව කතාබහ කරමු ද?

“ඒක හොඳයි. මොකද එළිමහන් සංගීත ප්‍රසංග සමඟම තමයි අපේ කාලය වැඩිපුර ගතවෙන්නේ. එමෙන්ම මම විශේෂ කැපවීමක් කරනවා එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රය වෙනුවෙන්. විශේෂයෙන්ම අපේ එළිමහන් සංගීත ප්‍රසංග රසික රසිකාවියන්ගේ රුචිකත්වය තේරුම් ගෙන ඔවුන්ට හොඳ රසාස්වාදයක් ලබා දීම පිළිබඳවත් ශිල්පීන්ගේ සහ රසිකයින්ගේ විනය පිළිබඳවත් මා උනන්දුවක් දක්වනවා. අපි සංගීත ප්‍රසංගවල ගී ගයලා වාදනය කරලා සල්ලි හොයනවා වගේම මේ අපිට දෙවියන් දීලා තියෙන හැකියාවන්ගේ හැටියට මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට කුමක් හෝ යහපතක් කරන්නත් ඕනේ. එහෙම නොකළොත් අපි නිකම්ම නිකම් මිනිස්සු වෙනවානේ.”

. ඔබ කිරීමට අපේක්ෂා කරන යහපත කුමක් ද?

“මම කිරීමට අපේක්ෂා කරන නෙමේ, අපේක්ෂා කළ කිව්වොත් තමයි හරි. මොකද මම දැනට වසර ගණනාවකට පෙර ඉඳලා ගොඩාක් මහන්සි වුණා. ප්‍රසංග වේදිකාවේ ගි ගයන ගායන ශිල්පීන්ගේත් වාදනය කරන වාදන ශිල්පීන්ගේත් වෘත්තීය ගරුත්වය රැකගෙන විනය ගරුක රසික පිරිසක් සමඟ මේ ගනුදෙනුව කරගෙන යන්න. අද මේ වන විට ඒ මහන්සියේ යහපත් ප්‍රතිඵල අපට දකින්නට ලැබිලා තියෙනවා. වෙනදාට වඩා විනයානුකූලව හැසිරෙන රසිකයින් දැන් අපිට එළිමහන් සංගීත ප්‍රසංගවලදී හමු වෙනවා. මම mic එක අතට ගත්තාම කියනවා - ‘මල්ලි වැදගත්කම තියෙන්නේ සල්ලිවල නෙමෙයි මිනිහාගේ හැදියාවෙයි. තව කෙනෙකුට රිද්දලා ලබන සතුට වැඩක් නැහැ’ කියලා. ඉතින් අපේ මිනිස්සු මගේ එවැනි කතා අහන් ඉඳලා හැදිලා තියෙන බව පෙනෙන්න තියෙනවා. දැන් අපේ සංගීත ප්‍රසංගවලදී ගහ බැණගෙන ඇණකොටා ගෙන මරා ගන්නේ නැහැනේ ඉස්සර වගේ. ගැහැනු ළමයින්ට වුණත් දෙමවුපියන්ට දරුවන් සමඟ වුණත් අපේ ප්‍රසංගයකට ඇවිල්ලා රස විඳින්න පුළුවන්කම උදාවෙලා තියෙනවා. ගීත රසික රසිකාවියන්ගේ විනයානුකූල හැසිරීම මං අපේක්ෂා කළ ප්‍රධාන යහපතක්.”

. ඔබට පෙර ජනප්‍රියව සිටි සංගීත කණ්ඩායම් නායකයින්ට මෙම යහපත කළ නොහැකි වූවේ ඇයි?

ඒ හැමෝම වගේ කළේ show එක ගහලා සල්ලි ගන්න එක විතරයි. නැත්නම් ඒ අයට මිනිස්සු මොනතරම් ආදරය කළා ද? අපේ හිත්වලට දැනෙන්න ඕනේ, අපි මුදල් උපයා ගන්නේ මේ රසික ජනතාව නිසා බව. එහෙම හැඟුණේ දැනුණේ නැතුව ඇති ඒ කාටවත්. මට හැඟුණා. මම බලා ඉඳලා තියෙනවා, show වලට එන රසික රසිකාවියන්ගේ ක්‍රියාකාරකම්. අම්මලා වාඩිවෙලා, සමහරු දරුවන් වඩා ගෙන, සමහර කොල්ලෝ නටනවා, තවත් සමහරු පිස්සු හැදිලා වගෙත් නටනවා. සාමාන්‍ය මිනිසුන්ට ජීවන ප්‍රශ්න පීඩා කරදර අමතක කරලා අඩු වියදමකින් සතුටු වෙන්නයි එළිමහන් සංගීත ප්‍රසංග නිර්මාණය වෙලා තියෙන්නේ. එතැනදී අපේ වගකීම යුතුකම වෙන්න ඕනේ, මේ අපේ රසිකයාව ආරක්ෂා කරගෙන දිගටම මේ ගනුදෙනුව කරගෙන යාමට හැකිවෙන අයුරු අපේ සබඳතාව පවත්වාගෙන යෑමයි. මේ රටේ තියෙන හොඳම දේ තමයි මිනිසුන්ට ආදරේ කිරීම සහ බෙදා හදා ගැනීම. ඒත් අපේ සමහරුන්ට තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරන්න ඕනකමක් නැහැ.

75% ක්ම ඉන්නේ තමන්ගේ වැඩේ කරලා ලැබෙන මුදල ගන්න බලන් ඉන්න මිනිස්සු විතරයි. ඒක තමයි සත්‍යය. හැබැයි මට එහෙම නැහැ. මම අපේband එකට කියන්නේ - ‘අපි ඊයේ පොලොන්නරුවේ ගැහැව්වා කියන එක අද මීගමුවේ රසිකයින්ට අදාළ නැහැ. මීගමුවේ රසිකයින්ට අද අලුත් showඑකක්. අපි ඊයේ පොලොන්නරුවේ ගහලා ඉන්න හින්දා කකුල් රිදෙනවා, කොන්ද රිදෙනවා වෙන්න පුළුවන්. ඒත් රසිකයින්ට අපි සාධාරණය කරන්න ඕනේ. බැරිනම් අහක්වෙලා නිකම් ඉන්න ඕනේ’ කියලායි. සල්ලි වලට විතරක් ආදරේ කරපු අයට ඕනකමක් තිබුණේ නැහැ රසිකයින්ට යහපතක් කරන්න. ඒකයි ඔවුන්ට නොහැකි වුණේ මීට පෙර මේ යහපත රසිකයින් වෙනුවෙන් ඉටු කරන්න. ළඟදීම අපි අපේ ගීත රසිකයින්ට ඇති ආදරය ක්‍රියාවෙන්ම පෙන්වන පුංචි පරිත්‍යාගශීලී වැඩ කටයුත්තක් අරඹනවා.”

. ඒ කුමක් ද?

දුෂ්කර පළාත්වල musical show වලින් අපිට හම්බ වෙන මුදල් වලින් වෙන්කර ගන්නා යම් මුදල් ප්‍රමාණයකින් ඒ ප්‍රදේශයේ දුප්පත් පාසල් දරුවන් දහ දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට පොත්පත් පාර්සල් ලබා දීම. මුලින් එහෙම ආරම්භ කරලා ඉදිරියට කරගෙන යද්දී තව මීට වඩා දේවල් අපිට කරන්න පුළුවන් වෙයි කියා මං විශ්වාස කරනවා.

. අද ඇතැම් සංගීත කණ්ඩායම් මෙන්ම ගායක ගායිකාවන් ද සිය පැවැත්ම උදෙසා වෘත්තීය ගෞරවය කෙලෙසා ගනිමින් කටයුතු කරගෙන යාම ගැන ඔබ හිතන්නේ කෙසේ ද?

කවුරුන් වුවත් සිය වෘත්තිය ගරුත්වය රැකගෙනයි පැවැත්ම හදා ගන්න ඕනේ. එහෙම නැති අයට පැවැත්මක් නැහැ. දැන් අපිත් (flashback) එක්ක කවුරුත් එන්නේ නැහැනේ - කරට අත දාලා ‘එන්න, යමු බොන්න’ කියන්න. show වලට ගියාම සිගරට් බිබී, කැප් දා ගෙන අපිත්තෙක්ක කතාබහට එන කවුරුවත් නැහැ. ඒ අය දන්නවා මම සිගරට් එකක් වත් බොන් නෑ කියලා. ඒ සීමා තියාගෙන කටයුතු කරන්න අපි දැන ගන්න ඕනේ. මම හරි දේ කළා කියන සතුට මට තියෙනවා. මං බොන් නෑ.

බීලා වැනි වැනි එන්න දෙන්නෙත් නෑ කාටවත් stage එකට. සිගරට් එකක් වත් බොන්න දෙන්නෙත් නැහැ stage එකේ දී. එළවනවා දැක්කොත්. මම හොඳ විනයක් පුරුදු කළා එළිමහන් සංගීත ප්‍රසංග වේදිකාවට. සමහරු මට බණිනවා - ‘ඕකා පණ්ඩිතයා’ කියලා. ඒත් ඉතින් මං කරන්නේ නිවැරැදි දේ. ඒ නිසා වරදින්නේ නැහැ. අපි අපේ වටිනාකම් රැකගත්තොත් මිස වෙන කවුරුත් එන්නේ නැහැ ඒවා ආරක්ෂා කර දෙන්න.”


ඉතින් කොහොමද පියුමි?

හොඳින් ඉන්නවා.

මොනවද අලුත් තොරතුරු?

මේ දවස්වල “සඳ විනිවිද” සහ “සෙනුරි 2” ටෙලි නාට්‍යවලට තමයි එකතුවෙලා ඉන්නේ.

පෞද්ගලික ජීවිතයේ අලුත් තොරතුරු?

සාමාන්‍ය විදියට ගවෛනවා.

පෞද්ගලික ජීවිතයේ යම් වෙනසක් වුණා කියලා ආරංචියි?

මිනිස්සුන්ගේ ජීවිතවල හැල හැප්පීම් වෙනස්කම් සිදුවෙනවා.

ඔබේ විවාහය බිඳ වැටුණා කියල ආරංචියි?

ඔව්. ඒක ඇත්ත. මම දික්කසාද වුණා.

නමුත් මෑතක් වනතුරු ඔබ එය මාධ්‍යයට වසන් කළා?

අපි මාධ්‍ය හරහා ගනුදෙනු කරන්නේ අපේ රසික පිරිසත් එක්ක. මගෙ රසිකයන්ට වැදගත් වන්නේ මගේ රඟපෑම්. එහෙම නැතුව මගේ පෞද්ගලික ජීවිතය ඒ අයට වැදගත් නැහැ.

නමුත් ජනප්‍රිය චරිතවල පෞද්ගලිකත්වය ගැන හොයන්න රසික පිරිස කැමතියි.

ජනප්‍රිය වුණාම අපේ පෞද්ගලිකත්වය ජනතාව අතරට යනවා වැඩියි. අපි විවාහ වුණත් දික්කසාද වුණත් මිනිස්සු ඒ ගැන කතා කරන්නේ ඒ හින්දා. නමුත් දික්කසාද වූ මේ ලෝකේ පළමු 
ගැහැනිය මම නමෛයිනේ. නළු නිළියෝ වගේම සාමාන්‍ය මිනිස්සුත් දික්කසාද වෙනවා. නොගැළපීම් හින්දා අපි දික්කසාද වුණා. ඒ පිළිබඳ වැඩිදුර කතා කරන්න මම කැමති නැහැ.

අද ගෙවන තනිකඩ ජීවිතය ගැන කතා කළොත්?

හැමදාම මගෙ තනියට මගේ අම්මයි තාත්තයි ඉන්නවා. අදත් මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක. 
ඒ තනිකඩකම් තුළ හැමදාම ඉන්න බැහැ. 

නැවත විවාහ වෙන්න අදහසක් නැද්ද?

මම නැවතත් විවාහ වනවා.

ඒ කවදාද? සුදුසු කෙනකු හමුවී තියෙනවද කියල දැනගන්න රසික හිතවතුන් කැමති වේවි?

ඒ ගැන වැඩි විස්තර  ඉදිරියේදී කියන්නම්.

පියුමිගෙ නිළි ජීවිතයට දැන් කොයිතරම් කාලයක් වෙනවාද?

අවුරුදු 12යි.

රංගනයට එන බොහෝ අය  ඉන්පසුව අධ්‍යක්ෂණය, නිෂ්පාදනය වැනි අංශවලට යොමුවනවා?
අධ්‍යක්ෂණය බැරෑරුම් කාර්යයක්. නිෂ්පාදනයත් ඒ වගේමයි. මං හිතන්නේ මට ඒ වගේ අංශවලට අත ගහන්න බැහැ කියලා. මට හුරු රඟන එක. ඒ හින්දා එතැනින් එහා අංශවලට එකතු වීමේ අදහසක් නම් නැහැ.

කලා ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි තියෙනවා කියන්නේ ඇත්තද?

ඕනෑම තැනක විවිධාකාර ගති ගුණ තියෙන අය ඉන්නවා. කලා ලෝකයේත් එවැනි අය ඉන්නවා. ඒ වගේ අය නිසා තමයි ඔය විදියේ ප්‍රශ්න ඇති වන්නේ.

පියුමිට එවැනි අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවාද?

ඔව්. එකම එක්කෙනෙක් හින්දා ඒ වගේ දේවල් වෙලා තියෙනවා.

එයා නිළියක්ද නළුවෙක්ද? නැතිනම් කලාවේ වෙනත් අංශයක රැඳුණ කෙනෙක්ද?

නිළියක් කියල තමයි හඳුන්වන්න පුළුවන්. ඒත් ඇත්තම කියනවානම් නිළියක් කියන්න බැහැ. මොකද ප්‍රවීණ නිළියකගෙ ගෙදරක වැඩකාරකමට ඉඳල ඒ නිළියන්ගේ තනියට රූගත කිරීම්වලට ඇවිත් ඒ හරහා නිළිකමට පැමිණි කෙනෙක්.

මොකද ඇය සහ ඔබ අතර ගැටුමට හේතුව?

ඇය මට විතරක් නමෛයි බොහෝ නිළියන්ට කුහකකම් කරන කට කතා පතුරන කෙනෙක්. ඒක ඇගේ ස්වභාවය.

ප්‍රශ්නයක් තියෙනව නම් කතාබහ කරල විසඳගන්න පුළුවන්නේ?

ඇය ඒ විදියට ප්‍රශ්නයක් ගැන කතා කරන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් නමෛයි. බල්ලෙක් අපේ කකුල හැපුවට අපි උන්ගෙ කකුල හපන්න යන්නෙ නැහැනේ. එහෙම හිතලා  මම නිහඬව ඉන්නවා. කතා කරන්නවත් යන්නෙ නැහැ. අනික ඇගේ සැමියායි මගෙ අම්මයි පාස‍ලේ එකම පන්තියේ ඉගෙන ගත්තු දෙන්නෙක්. ඒ වැඩිහිටි කම හිතල මම ගැටුම් ඇතිකරගන්න යන්නෙ නැහැ. ඇය මිනිසුන්ට ඔය විදියට නගන චෝදනා අපහාසවලට ඇයට දවසක ස්වභාවධර්මය විසින්ම දඬුවම් දේවි.

 ආරියවංශ කුලතිලක



සනුක වික්‍රමසිංහ, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට තවමත්ආගන්තුක චරිතයක් වුණත් ඔහු සතු හැකියාව හා දක්ෂතාව කෙරෙහි ක්ෂේත්‍රයේ බොහො දෙනාගේ කතා බහට ලක් වි තිබෙනවා. එනිසාම කවුද මේ සනුක කියලා අපි හොයලා බැලුවා.

කවුද මේ සනුක කියන්නේ?

සනුක කියන්නෙ මියුසික් වලට කැමැති, මියුසික් වලින් දුර ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න තවත් එක් තරුණයෙක් ගායකයෙක් වගේම සංගීත් වික්‍රමසිංහගේ පුතා.

ක්ෂේත්‍රයට තවමත් ආධුනික ඔබට මේ තරම් අවධානයක් ලැබෙන්න හේතුව ?

මට සින්දු කියන්න පුළුවන් කියලා නම් මම දන්නවා. ඒ හැරුණම ඇත්තටම එයට හරි හේතුවක් කියන්න මමත් දන්නේ නැහැ. සමහරවිට මගේ ගායනයේ සහ කට හඬේ මොනවා හරි විශේෂත්වයක් ඇති.

'අමරදේවයන්ට වඩා සනුක දක්ෂයි යැයි' එක්තරා ජනප්‍රිය ගායකයෙක් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ඔබේ අදහස?

ඒ ප්‍රකාශය දැනගත්ත වෙලාවේ මටත් එකපාරටම මුකුත්ම හිතා ගන්න බැරි වුණා. හැබැයි කල්පනා කරලා බැලුවොත් එය ඔහුගේ පෞද්ගලික මතයයි. ඇත්තටම ඔහු කිව්වේ මොකද්ද කියලා හරියටම අපි දන්නේ නැහැ. මාධ්‍යයෙන් පළකරපු විදිහනේ අපි දැක්කේ.

ඔබේ හැකියාව වර්ණනා කරන්න තරම් ඔබේ ස්වතන්ත්‍ර නිර්මාණයක් මෙතෙක් එළියට ආවේ නැහැ?

මෑතකදී නම් 'රූපාන්තර' චිත්‍රපටියේ 'පාරෙන්' යන ගීතය ගායනා කළා. ඕ ලෙවල් කරන කාලේදී 'මා' කියලා මගේ නිර්මාණයක් අවුට් කළා. හැබැයි පාසල් කාලේ නිසා ඒ ගීතයට වීඩියෝ එකක් කරන්න උනන්දුව තිබුණේ නැහැ. මේ දවස්වල මගේ අලුත් නිර්මාණයක් කරගෙන යනවා.

සනුක වගේම 'ග්ලෝරි' සංගීත කණ්ඩායමත් මෑත කාලයේදී බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සංගීත කණ්ඩායමක්?

ඔව්. මියුසික් වලට උණ තියෙන හින්දා ඒ ලෙවල් ඉවර වුණහම පාසලේ මගේ යාළුවෝ කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා තමයි 'ග්ලෝරී' පටන් ගත්තේ.

ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීම පසෙකලා මූල්‍යමය ස්ථාවරත්වයක් ගොඩ නඟා ගන්න වෙහෙසෙනවා නේද?

ක්ෂේත්‍රයේ අපේ අනන්‍යතාවයක් සහ ස්ථාවරත්වයක් ගොඩ නැගීම කෙරෙහි අනිවාර්යයෙන්ම අපේ අවධානය යොමු වෙනවා. දැන් ඊට අදාළ නිර්මාණ කටයුතු වලට නියැළෙමින් ඉන්නේ. නමුත් මේ දවස්වල නිර්මාණ කරන්න සහ රිලීස් කරන්න මුදල් අවශ්‍යයි. ඒ මුදල් අපිම හොයා ගන්න තමයි මමත් අපේ බැන්ඩ් එකත් එකතු වෙලා වෙඩිංස් සහ ඩිනර් ඩාන්සස් වලට ප්ලේ කරන්නේ.

සංගීත ක්ෂේත්‍රයේ මොන වගේ වෙනසක් කරන්නද ඔබේ බලාපොරොත්තුව?

අපේම දෙයක් කරන්න තමයි බලාපොරොත්තුව. කණ්ඩායමේ පස් දෙනාගේ ශෛලීන් එකිනෙකට වෙනස්. වෙනස් ශෛලීන් එකතු කරගෙන අපේම අලුත් ශෛලියක් සංගීත ක්ෂේත්‍රයට දෙන්න පුළුවන් වෙයි. හැබැයි අපේ රඳා පැවැත්ම තියෙන්නේ අපේ ස්ටයිල් එකට ලැබෙන ප්‍රතිචාර අනුවයි. 'හොටෙල් කැලිෆෝනියා', 'සමර් ඔෆ් සික්ස්ටි නයින්' වැනි ගීත උත්සවයකදී මිනිස්සු අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන නිසා ගොඩක් බෑන්ඩ්ස් මේ ගීත ප්ලේ කරනවා නමුත් කවර්ස් ප්ලේ කරද්දී පවා අනෙක් බෑන්ඩ්ස් සින්ග් කරන්න නැති තවත් ලස්සන ගීත තියෙනවා අන්න ඒ වගේ ගීත තමයි අපි තෝරා ගන්නේ. එවැනි ගීත තෝරා ගෙන ප්ලේ කරපු නිසා තමයි අපේ බෑන්ඩ් එක හැමෝගේම අවධානයට ලක්වෙමින් මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් කියමු බලන්න?

ගෙදරින් නම් ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා.

පියාගේ වැඩකටයුතු වලට ඔබ එකතු වෙන්නේ නැද්ද?

ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණයේදී බොහෝ වෙලාවට මගේ අදහස් තාත්තා සමඟ බෙදා ගන්නවා. තනු නිර්මාණයේදීත් මගේ සහාය ඔහුට ලැබෙනවා. තාත්තා සංගීත අධ්‍යක්ෂණය කළ 'සිහින ආවර්ජනා' , 'ආදර සංධ්වනිය' සහ 'මුතු' යන ටෙලි නාට්‍ය වලට ගායනයෙන් සම්බන්ධ වුණා.

ගායනයෙන් දස්කම් පෑවත් කතාවෙන් නම් සනුක හරිම ලැජ්ජාශීලි තරුණයෙක්ලු නේද?

කවුද එහෙම කියන්නේ....හුඟක් අය මගෙන් අහන්නේ නම් ලැජ්ජා නහර කපලද කියලයි.

වෘත්තීමය ගායන ශිල්පියෙක් වීමද බලාපොරොත්තුව?

ඔව් අනිවාර්යයෙන්ම. හැබැයි රිස්ක් එකකුත් තියෙනවා.

මොකද්ද ඔය කියන රිස්ක් එක?

ක්ෂේත්‍රයේ කොතෙක් දුරට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද කියන කාරණය.

ඒ කියන්නේ ඔබේ හැකියාව හා දක්ෂතාව ගැන විශ්වාසයක් නැහැයි කියන එකද?

දක්ෂතාව කෙරෙහි තිබෙන විශ්වාසය නොවෙයි මෙතනට බලපාන්නේ. සමහර වෙලාවට එය මුදල් මත වෙන්නත් පුළුවන්. ඒ හැමදේටම වඩා ලක් එක මත කියන්නත් පුළුවන්.



බොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පීන් අතර කිරුළ හිමිකරගැනීමට ෂාරුක් ඛාන් සහ සල්මාන් ඛාන් අතර සීතල යුද්ධයක් පවතින බව රහසක් නොවේ. එම සටනේදී මෙම “ඛාන්වරුන්” දෙදෙනාම උත්සාහ කරන්නේ තම සහෝදර රංගන ශිල්පියාට වඩා ඉදිරියට පැමිණෙන්නටය. මෙම සටන මේ වන විට සමාජ ජාල වබේ අඩවි හරහාද දැකගන්නට ලැබේ. ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් අතර දෙවැනි තැන හිමි කර ගනිද්දී සල්මාන් ඛාන්ද රසික රසිකාවියන්ගේ කැමැත්ත අනුව පසුගියදා තවත් සංධිස්ථානයක් පසුකළේය. 

ඒ ෆේස්බුක් සමාජ ජාල වබේ අඩවිය තුළ සිය නිල වබේ පිටුවට ඇතුළත්ව සිටින රසික රසිකාවියන්ගේ ගණන මිලියන 16 සීමාව පසුකිරීමයි. කෙසේ වෙතත් සල්මාන් එසේ ෆේස් බුක් පිටුවෙහි කැමැත්ත පළකිරීම් (Like) මිලියන 16 පසුකරද්දී ෂාරුක්ගේ ෆේස් බුක් පිටුවට ඇතුළත්ව සිටින්නේ මිලියන 8.8ක රසික රසිකාවියන් සංඛ්‍යාවක් පමණි. 

එබැවින් බොලිවුඩ් මාධ්‍ය සඳහන් කරන්නේ ධනවත්කම අතින් ඉදිරියෙන් සිටියද සල්මාන් තරම් රසික ආකර්ෂණයක් දිනාගැනීමට ෂාරුක් තවමත් අ‍පොහොසත් වී ඇති බවය.


සුලේඛා කියමුකො බලන්න ඔයාගේ විස්තර ටිකක්?

සුලේඛා ජයවර්ධන තමයි මගේ නම. හැබැයි කවුරුත් දන්නේ දුන්‍යා විදිහට. නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් තමයි සිප් සතර හැදෑරුවේ. මම තමයි පවුලේ බඩ පිස්සි අක්ක කෙනෙක් ඉන්නවා. තාත්ති නම් ඩුබායිවල, අම්මි ලංකා බැංකුවේ සේවය කරනවා.

රංගන ශීල්පිනියක් වෙන්න පුංචි කාලේ ඉඳලා කැමැත්තක් තිබුණද?

ඔව්. පොඩි කාලේ ඉදලම රංගනයට තිබුණේ පුදුම ආසාවක්. ටෙලි නාට්‍ය බලලා අනේ මටත් මේ විදිහට රගපාන්න පුළුවන් නේ කියලා, ඒ විදිහට සාරි ඇඳගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් රඟපාලා තියෙනවා.

ඉතින් පාසල් සමයේදී ඊට අවස්ථාවක් ලැබුණේ නැද්ද?

නමය වසරේදී වගේ 'සමනල වසන්තය' ප්‍රධාන චරිතයට සම්බන්ධ වුණා.

'රෑන' ටෙලි නාට්‍යයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම දැන්වීම් නිරූපණ ශිල්පිනියක හා සංගීත වීඩියෝස් වලට තමයි මුලින්ම සම්බන්ධ වෙලා හිටියේ. මගේ මියුසික් විඩියෝ එකක් දැකලා රෑන අධ්‍යකෂවරයා දුන්‍යා චරිතයට මාව තොරා ගත්තා.

රංගන ශිල්පිනියක් වුණාට ගෙදරින් අකැමැත්තක් නැද්ද?

මේ ෆීල්ඩ් එක ගැන තිබුණු මති මතාන්තරත් එක්ක මුලදි නම් අකැමැත්තක් තිබුණා. නමුත් එතැනට ගිහින් සැබැ තත්ත්වය තේරුම් ගත්තාට පස්සේ රංගනයට තිබුණු මගේ දක්ෂතා එක්ක ඔවුන් කැමැති වුණා.
කැමරාව ඉස්සරහට ගිය මුල්ම දවසේ මොන වගේ හැඟීමක්ද ඇති වුණේ ?

මගේ මුල්ම රංගනයේදි නම් මට එච්චර ලොකු අමුත්තක් දැනුණේ නැහැ. නමුත් පළමු රංගනයෙන් සෑහෙන කාලෙකට පස්සෙයි 'රෑන'ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඉතින් රූගත කිරීම් වලට සම්බන්ධ වෙච්ච මුල් කාලේ නම් පොඩි බයක් වගේම කුතුහලයකුත් තිබුණා මට හරියට චරිතය කරන්න පුළුවන් වේවිද කියලා.

එහෙනම් අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති?

නාට්‍යයේ එක්තරා අවස්ථාවක මම බඩුමුට්ටු වගයක් පොළොවේ ගහලා නිල්මිණි අක්කාගෙන් ගුටි කන දර්ශනයක් රූගත කරන්න තිබුණා. එතනදි මට වැදුණු පාරට ඇත්තටම ඇඩුණා.

දුන්‍යා මොන වගේ චරිතයක්ද?

ඇය හරිම දඟකාර, නපුරු චරිතයක්. සමාජය නිසා ඇය නපුරු වුණත් කිසිම දෙයක් සීරියස් ගන්නේ නැතිව හැම තිස්සේම ජොලියෙන් ඉන්නයි ඇය කැමැති.

දුන්‍යා සුලේඛා වගේද?

දුන්‍යා නර්තනයට ගොඩක් කැමැතියි. මමත් ඇය වගේම නර්තනයට හරිම ආසයි. මට ඒ දක්ෂතාව තියෙනවා. ඒත් දුන්‍යා වගේ මම නපුරු නම් නැහැ. මම හරිම සංවේදි කෙනෙක්.

කොහොමද දුන්‍යාට ලැබෙන ප්‍රතිචාර?

ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. මම හිතුවෙත් නැහැ මෙච්චර හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. කොහේ ගියත් ලොකු පොඩි හැමෝම කතා කරන්නේ දුන්‍යා නැත්නම් දුන්‍යා අක්කි කියලයි.

එහෙනම් රංගනයටත් දැන් සෑහෙන ආරාධනා ලැබෙනවා ඇති?

ඔව්. ආරාධනා සෑහෙන ලැබුණත් මේ දවස් වල 'රෑන' සහ 'හිම කඳු' ටෙලි නාට්‍යවල ෂුටිං එක්ක තියෙන කාර්යබහුලත්වය නිසා ඒවට සම්බන්ධ වෙන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ටිකක් නිදහස් වුණාහම අලුත් වැඩ ගැන හිතල බලනවා.

හැදැරීමක් නැතිව දීර්ඝ කාලීනව රංගන ක්ෂේත්‍රයේ රැදෙන්න පුළුවන් වෙයිද?

රංගනය කියන්නේ කැමරාවක් ඉස්සරහට ගිහින් රඟපාන එක විතරක්ම නෙමෙයි. අපි සෙට් එකේ ෆෝන්ස් යූස් කරද්දි නිල්මිණි අක්කා අපිට කියලා දෙනවා ෆෝන් කෝල්ස් අඩුකරන්න කියලා. ඒ වගේ කවුරුත් වැඩිය මුකුත් නොකිව්වට සෙට් එකේ වුණත් තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් හැදැරීමක් නැතිව ඉස්සරහට යන්න බැහැ කියලා මම අනිවාර්යයෙන්ම පිළිගන්නවා.

රංගන ශිල්පිනියක් විදිහට ඔබට ලැබෙන ඕනෑම චරිතයක් භාර ගන්නවාද?

නැහැ. මගේ සැබෑ ජිවිතයට කිසිම හානියක් නොවෙන මට කරන්න පුළුවන් චරිතයක් නම් විතරයි මම භාර ගන්නේ.

තරුණියකට වෘත්තියක් විදිහට රංගන ක්ෂේත්‍රය සුදුසුයි කියලා හිතනවාද?

රංගනය කියන්නේ හැමෝටම පිහිටන්නේ නැති හැකියාවක්. ඉතින් තමන්ගේ වාසනාවට ලැබුණු ඒ දක්ෂතාවයෙන් යම් දෙයක් කරන්න පුළුවන් නම් එය වෘත්තියක් විදිහට තෝරා ගැනීමේ වරදක් නැහැ.

ඔබත් වෘත්තිය රංගන ශිල්පිනියක් වෙන්නයි බලාපොරොත්තුව?

මට ලැබෙන හොඳ චරිතවලට දායක වෙන අතරම මගේ කළමනාකරණ උපාධියත් හදාරනවා. මේ දෙකම සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ජනප්‍රියත්වය නිසා ඉස්සරහට කට කතා හැදුණොත්?

කට කතා නම් ඉතින් මටත් හැදෙයි. කාටත් ඒක නවත්වන්න බැහැ නේ..නමුත් ඒවා කට කතා විතරයි.

විලාසිතාවලට කැමැති නිසා ඕනෑම විලාසිතාවක් කරනවාද?

විලාසිතා කියන දේ හැමදාම කරන්නත් බෑනේ. ඉතින් බලන අය මොන ඇහෙන් බැලුවත් මම නම් කරන්න පුළුවන් කාලේ ගැළපෙන ඕනෑම විලාසිතාවක් කරනවා.

සුලේඛාට දැන් පිරිමි ළමයින් ගෙන් ලැබෙන යෝජනාවලින් නම් අඩුවක් නැතුව ඇති ?

ඔව්නේ..ගොඩක් තියෙනවා.

ඒ අතර හිත ගිය කෙනෙක් එහෙමත් ඇති නේද?

ඒ ගැන මම ඉස්සරහට කියන්නම්කෝ..

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery