Apr
30
ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ”ඉහිරුණ කිරි” ටෙලිමාලාවේ රඟපෑ චරිතයෙන් පසුව අද ශාලිකා අරුන්දතී එදිරිසිංහ ගැන වැඩිදෙනා කතාවන්නෙ හිරු ටී.වී. විකාශය කරන සඳසාවි ටෙලි නාට්‍ය නිසයි. ඉහිරුණ කිරට නාඬා ජීවිතයේ එන දේට සතුටින් මුහුණ දෙන්නට කැමති සුන්දර ශාලිකා සිංහල අවුරුද්දට ගොඩක් කැමති වුනත්, බක්මාසයට ලොකු බයකුත් තියෙනවලූ. අපි ශාලිකා එක්ක අද ඒ ගැනත් කතා කරමු.
ටෙලිනාට්‍ය නරඹන දයාබර රසික පිරිස් වෙතින් අපට ලැබෙන ඒ ගෞරවය ඇත්තටම සතුටට දෙයක්. ඉතින් මේ නිසාම රටපුරා පැවැත්වෙන අවුරුදු උත්සවවලට සහභාගී වෙන්න අපට ආරාධනා ලැබෙනවා. මොනතරම් කටයුතු තිබුණත්, ජනතාවගේ ඒ ඇරයුම් අපට අහක දාන්න බැහැ.
අප ඒවාට සහභාගී වන්නෙ ආරාධිතයින් ලෙස විතරයි. හැබැයි දෙරණ සහ හිරු ටී.වී. නාලිකා කලාකරුවන් එකතුව කළ උත්සවවලදී තරගවලට දායක වුණා.
අපේ නෑදෑයින්, හිතමිතුරන්, අසල්වාසීන් ඇතුළු සියලූදෙනා එක්ක වගේම පවුලේ සියලූදෙනා එකට එකතුවන, එකතුවෙලා සතුටින් ගත කරන්න ලැබෙන ඒ මොහොතට ඇත්තටම මම හරි ආදරෙයි. ඒ නිසයි සිංහල අවුරුදු එනකල් බලා ඉන්නෙ.
කවුද ඒ කතාව කිව්වෙ?
ගොරවන නිසා. විදුලි කොටනකොට මම හරිම බයයි. ගොරවන වෙලාවට මේ ලෝකයේ වැඩියෙන්ම බය මම වෙන්න ඇති.
ගොරවන වෙලාවට හරිම බයයි. ඒ වෙලාවට ගෙදර හිටියොත් නිදාගන්නවා.
එච්චරම නැහැ. කොට්ට පහක් විතර.
වැස්සට බය නැහැ. හරිම ආසයි. ඒත් ගොරවනවට බයයි. වැස්සට ආසා වුනත්, වැස්සේ අසිරිය නරඹන්න, මට ලැබෙන්නෙ නැහැ.
මෙහෙමයි, ගොරවන නිසා මම කන්දෙක වහගෙන තමයි පාසැල් බස් රථයේ පවා ගියේ. ඉතින් යෙහෙළියෝ විහිළු කරලත් තියෙනවා.
සත්තුන්ට හරි අනුකම්පායි. ඒත් ළඟට ගන්නෙ නැහැ.
සරලවම ජීවිතය ගැන හිතනවාට වඩා ටිකක් ගැඹුරින් හිතන්න කැමතියි. ඉස්සර ඉඳලාම මගේ හැටි එහෙමයි.
අනේ මන්දා, අර සිංදුවක් තියෙනවනෙ, ”හිඳීවි කොතැනක හෝ හිමිකාරයා ඔබේ නමින්” කියලා. ඉතින් මටත් හිමිකාරයෙක් ඇති. කවදාහරි හමුවේවි.
සත්තකින්ම අමරදේව ශූරීන්ගෙ ”ආරාධනා” සිංදුවට මම හරිම ආසයි. ඊට අමතරව විජය ගැයූ සැරයටියෙන් අපි යනෙනතුරා සහ විශාරද නන්දා මාලිනියගේ අම්මාවරුනේ ගීතයටත් මම හරිම ආසයි.
ජීවිතය කියන්නෙ ලැබෙනදේට ගරු කිරීමයි, ලැබෙන දේ සතුටින් බාරගෙන ජීවත්වීමයි. ඒ නිසා පසුතැවීම් මට නැහැ.
මම පොළවෙ පය ගහලා ජීවත්වන චරිතයක්. ජීවිතේ මොනවට ආඩම්බර වෙන්නද? මනුස්සකමට, මනුෂ්‍යත්වයට මම ඉහළින්ම ගරු කරනවා. මම හරි සුහදශීලී කෙනෙක්.