Mar
28
මධ්‍යම පළාත් බද මහාධිකරණ බල ප්‍රදේශයේ රත්තොට නාගල මාඩුපට්‌ටියේදී පුද්ගලයකු ඝාතනය කළ දස දෙනකුට මහනුවර මධ්‍යම පළාත් බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් විසිහත්වැනිදා මරණ දඬුවම නියම කරන ලදී.
වැරදිකරුවන් දස දෙනෙකුට අධිකරණයෙන් මරණ දඬුවම එකවර නියම කළ ප්‍රථම අවස්‌ථාව මෙය බව බන්ධනාගාර කොමසාරිස් සී. පල්ලේගම මහතා පැවසීය.
වර්ෂ 2004 අප්‍රේල් මස 8 වැනිදා රත්තොට නාගල මාඩුපට්‌ටිය ලයිමේදී අයි. ආර්. මුත්තුකුමාර යන අයට පහරදී ඔහුගේ මරණය සිදු කළැයි අධිචෝදනා ලැබ සිටි දසදෙනකුට මෙලෙස මරණීය දණ්‌ඩනය නියම වූ අතර තවත් තිදෙනෙක් නිදහස් කරනු ලැබූහ.
රත්නායක මුදියන්සේලාගේ තිස්‌ස බණ්‌ඩාර, ආරච්චි රත්නායක මුදියන්සේලාගේ විඡේබණ්‌ඩාර, නාගලිංගම් ක්‍රිෂ්ණමූර්ති, ලෙච්චමන් විඡේකාන්ත්, කරුපයියා යෝගේස්‌වරන්, තංගයියා සෙල්ලම්බරම්, හේවාපේඩිගේ රංජිත් ජිනසිරි, ලෙච්චමන් යෝගරාජා, සිවසාමි සිවා සහ රාමනාදන් අබනුල්ලා යන අයට මෙලෙස මරණ දඬුවම නියම කරන ලදී.
සුප්පයි වඩිවේල් නොහොත් වායුදු, සින්නයියා ක්‍රිෂ්ණන් සහ සන්දනම් රාමලිංගම් චෝදනාවෙන් නිදහස් කරනු ලැබූහ.
රජයේ අධිනීතිඥ චානක ධර්මසිරි මහතා නීතිපතිවරයා වෙනුවෙන් අධිචෝදනා ඉදිරිපත් කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ මොහාන් වීරකෝන්, සුනන්ද විතානගේ සහ ජීවනී අතුකෝරළ මහත්ම මහත්මීහු විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.