Mar
26
ටයිටැනික්
නැවේ නිෂ්පාදනාගාරයේ ම සෑදූ නැවක් 1917 දී
ගල්කිස්ස මුහුදු වෙරළ ආසන්නයේ ගිලී ගොස් තිබියදී පසුගිය දා සොයාගෙන ඇතැයි ගාල්ල
මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.
බ්‍රිතාන්‍යයට
අයත් වොස්ටර්ෂයර් නමැති මේ නෞකාව පළමු ලෝක යුද්ධයේ දී ජර්මන් නැවකින් ඇටවූ මුහුදු
බෝම්බයකට හසුව විනාශ වූවකි. ගිලී ගිය නැවට අයත් සීනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ
ගාලු මුහුදු පුරාවිද්‍යා ඒකකයට භාර දී ඇත. ගල්කිස්සට කිලෝ මීටර 15ක් බටහිර මුහුදෙන් මේ සීනුව සොයාගෙන ඇත්තේ මුහුදු ගවේෂකයකු හා කිමිදුම්
කරුවකු වන දර්ශන ජයවර්ධන මහතා විසිනි. එකළ නැවක සංඥා ලබාදීම සිදුකරන ලද්දේ නැවේ
සීනුව භාවිතයෙන් බැවින් සීනුව නැවේ වැදගත් ම අංගයකි.
නැව 1917 පෙබරවාරි මස 16 සවස බෝම්බයෙන්
හානියට පත්ව පසුවදා ගිලී ගොස් ඇතැයි මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි. ස්ථානය
නිවැරදිව හඳුනාගෙන ඇතත් මෙතෙක් එම ස්ථානයේ ගවේෂණ සිදුකැර නැත. මුහුදු පුරාවිද්‍යා
ඒකකය භාර නිලධාරී ඩබ්ලිව්.ඒ.චන්ද්‍රරත්න මහතා සහ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ
මහතා පවසන්නේ නුදුරු දිනක ගවේෂණ කටයුතු ආරම්භ කරන බවයි.
නැවේ සීනුව සංරක්ෂණය කිරීමෙන් පසු ගාල්ල
සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කිරීමට නියමිතය