facebook page

Powered by Blogger.

Blogger templates

Showing posts with label sport. Show all posts


ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා කණ්ඩායමට පසුව වැඩිම ඇල්මක් දක්වන්නේ කොදෙව්වන්ටය. ඔවුන්ගේ විස්සයි විස්ස නායක ඩැරන් සාමි නිරහංකාර නායකයෙකු ලෙස කා අතරත් ප්‍රකටය. 
ලෝක කුසලාන අවසන් පූර්ව තරගයෙන්  ඊයේ (03දා) පරාජය වීමෙන් පසුව ඔහු කළ ප්‍රකාශය ක්‍රිකට් ක්‍රීඩාවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටත් ඔහු කොතරම් ආදරය කරන්නේද යන්න ප්‍රකට කළ කරුණකි. ඔහු කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ගැන මෙසේ කීවේය.


"අපේ කණ්ඩායම සාමාන්‍යයෙන් නිතර දෙවියන්ට යාඥා කරන කණ්ඩාමක්. දෙවියන් අපේ යාඥාවන්ට පිළිතුරු දෙනවා. එහෙත් අද එහෙම වුණේ නෑ. මට හිතෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ඒ මහත්වරු දෙන්නා, ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි ලෝකයේම ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ දුන් ඔවුන් දෙන්නා ගේ සමුගැන්ම  ලෝක කුසලානයක් ජයගෙන ඉතා ඉහළින් සැමරිය යුතුයි කියලා දෙවියන් වහන්සේ හිතන්න ඇති.

ඒක තමයි දෙවියන් මේ තරගයට මැදිහත් වුණේ. මම හිතනවා මට තවත් ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා. එය ජයගන්න බලාපොරොත්තු වෙනවා..." තරගයෙන් පසුව පැවති අදහස් දැක්වීමේ දී සාමී එසේ ප්‍රකාශ කළේය.





ඔහු මෙම අදහස ප්‍රකාශ කළේ තරගය පරාජය වීමට ශ්‍රී ලංකාවේ දක්ෂතාවයත් තමන්ගේ කණ්ඩාමේ සැලසුම් කිරීම දුර්වල වීමත් හේතු වූ බව ප්‍රකාශ කිරීමෙන් පසුවය. ශ්‍රී ලංකාව ඉතා හොඳින් පන්දු යැවූ බවත් අවසන් තරගයට පිවිසීමට තරම් ශ්‍රී ලංකාව දස්කම් දැක්වූ බවත් සාමි පරාජය පිළිගනිම්න් කීවේය. ඔහු ඉහත අදහස් දැක්වූයේ කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට කරන ගරු කිරීමක් ලෙසිනි. එහෙත් ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි වැන්නෙකු නම් අයිස් කැට වැටීම නිසා තමන් පරාජය වූ බව කියනු නියතය. 

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery